IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


වැඩි මුදලක් ගමට වෙන් කළ එකම රජය වත්මන් රජයයි

(නිමල කොඩිතුවක්කු)

දේශපාලන කුමණ්ත‍්‍රණ, ත‍්‍රස්ත ප‍්‍රහාර වලට මුහුණ දෙමින් ණය ගෙවමින් වැඩිම මුදලක් ගමට වෙන්කළ එකම රජය වත්මන් රජය යැයි ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු තාක්ෂණ කැබිනට් නොවන අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා කොළඹදී අද (2) පැවැසීය.

රජයේ වැඩපිළිවෙළ දරා ගැනීමට නොහැකි ඒකාබද්ධ විපක්ෂය ඇතුළු පිරිස් මිත්‍යාව පතුරවමින් ආඩපාලි නැගුවත් ණය ගෙවමින් ගම දියණු කිරිමට කටයුතු කරන  බවත් අමාත්‍යවරයා  එහිදී කියා සිටියේය.

කොල්ලූපිටියේ පිහිටි ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අජිත් පී. පෙරේරා මහතා මෙසේද කීය.   

‘‘ගම්පෙරලිවය වැඩසටහන යටතේ තවත් කෝටි 10 ක මුදලක් සෑම මැතිවරණ කොට්ඨාසයකටම ලබා දී ඇතැයි යනුවෙන්  මාධ්‍ය වාර්තා පළවුණා. ලංකා ඉතිහාසයේ ගම් මට්ටමේ සංවර්ධන කටයුතු  සඳහා වැඩිම මුදලක් වාර්ෂිකව ලබා දුන් එකම රජය වර්ථමාන රජයයි.

2019 වසරේ මේ වනවිට උතුරු නැගෙනහිරත් ඇතිව සෑම මැතිවරණ කොට්ඨාසයකටම අපි රුපියල් කෝටි 30ක් බැගින් වැය කරලා තියෙනවා. ඉදිරි සංවර්ධන වැඩකටයුතු සඳහා තවත් රුපියල් කෝටි 10ක්  සෑම මැතිවරණ කොට්ඨාසයකටම ලබා දෙන්න රජය තීරණය කර තිබෙනවා.

දින 52 කුමන්ත‍්‍රණය නිසා අපි බලාපොරොත්තු  වූ ආකාරයට ග‍්‍රාමීය සංවර්ධන ව්‍යාපෘති  ක‍්‍රියාත්මක කරගන්න බැරි වුණා. ජනතා ඉල්ලීම් මත කිසිම භේදයක් නැතිව පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙක් හිටියත් නැතත් සෑම මැතිවරණ කොට්ඨාසයකටම දේශපාලන පක්ෂ පාට භේදයක්  නැතුව ජනතාවගේ කටයුතු වෙනුවෙන් තවත් රුපියල් කෝටි 10ක් වැය කරලා තියෙනවා.

ඒ අනුව සෑම  ග‍්‍රාම නිලධාරී  කොට්ඨාසයකටම තවත් රුපියල් ලක්ෂ 10 ක පමණ මුදලක් ලැබෙනවා. මේ ගැන මේ රටේ ජනතාව සතුටු වෙන්න  ඕන. මේ ව්‍යාපෘතිවල ප‍්‍රතිලාභ එක්සත් ජාතික පාක්ෂිකයාට පමණක් නෙමෙයි පාට, පක්ෂ  භේදයක් නැතුව හැමෝටම මේ අවස්ථාව ලැබෙනවා.

ලංකා ඉතිහාසයේ  වැඩිම ණය මුදල මේ සැප්තැම්බර්  මාසයේ අපි ගෙවන්න නියමිතයි. ණය ගන්නවා වගේම ණය ගෙවනවා කියන  එකත් විශාල  අභියෝගයක්. ඒ ණය ගෙවන්න අවශ්‍ය මුදල් අපිට තිබෙනවා.

සමහරු  කිව්වා සැප්තැම්බර්  වෙද්දී මේ රට බංකොළොත් වෙනවා කියලා. එහෙම වෙන්නේ නැහැ.  සැප්තැම්බර් වෙද්දී අපි ඒ ණය මුදල ගෙවලා ග‍්‍රාමීය සංවර්ධනය  සඳහා තවත් කෝටි 10 ක් ලබා දෙනවා.

රටේ අමාරුකම් තියෙද්දි මෙහෙම මදල් ලබා දෙන එක ගැන සතුටු විය යුතුයි. මේවා මේ  දේශපාලඥයන්ට ගෙදර අරන්  යන්න දෙන සල්ලි නෙමෙයි. මේ සල්ලි දෙන්නේ ජනතාවටයි.

මේ මුදල් ගමට යනකොට  ගමේ ආර්ථිකය, ශක්තිමත් වෙනකොට ගම සංවර්ධනය වෙනකොට දේශපාලඥයන්ට පෞද්ගලිකව  ඡන්දෙට වියදම් කරන්න සල්ලි දෙනවා කියලා දැන් බොරු ප‍්‍රවෘත්ති මවනවා. විපක්ෂයේ දේශපාලඥයන් හිතන තරම් පහසුවෙන්  අද මිත්‍යාව පතුරවන්න බැහැ.

රට ගැන හිතන ගම ගැන හිතන  මේ රජය ගමේ තියෙන අඩුපාඩුකම් හදාගන්න කරන ආයෝජන  අද රටට දැනිලා තියෙනවා. ඒ දැනෙන එකේ වේදනාව තමයි  බන්ධුල ගුණවර්ධන වැනි  දේශලපාලඥයන්ගේ කටින් පිටවෙන්නේ.

ඉස්සර අපිට කිව්වේ මුකුත් කරන්නේ නැහැ කියලා. දැන් අද කියනවා දෙනවා වැඩියි කියලා. ගම වෙනුවෙන් වැඩිම මුදලක් ලබා දුන්නේ මේ රජයයි.  මේ ව්‍යාපෘති වලට අමතරව අධ්‍යාපනය, සෞඛ්‍ය සඳහා ඉතිහාසයේ වැඩිම මුදල අපි වැය කරලා තියෙනවා.

ඒ නිසා විපක්ෂය මොන තරම් ආඬපාළි නැගුවත්  අපි ණයත් ගෙවනවා වැඩත් කරනවා කියලා කියන්න කැමතියි’’ යැයිද ඔහු එහිදී පැවසීය.

ඡායාරූප හා විඩීයෝ - ශාන්ත රත්නායක

 



අදහස් (11)

වැඩි මුදලක් ගමට වෙන් කළ එකම රජය වත්මන් රජයයි

ajith Monday, 02 September 2019 10:20 AM

එහෙනම් එම අගමැතිතුමා ජනාධිපති කරමු. මොකටද ඇමතිවරු පස්සේ යන්නේ...

:       0       107

Raveendra Monday, 02 September 2019 10:30 AM

හරි හරි ඔව් ඔව්... මහ බැංකුවට ඇඩ්රස් නැතිවෙන්නම දුන්නෙත් සිංගප්පූරුවෙන් ඇවිල්ලනේ. එ්කත් නිවැරදියි. එතකොට "මේ හිඟන්නෝ " විතරයි ලංකා ඉතිහාසයටම වැඩකරලා තියෙන්නේ "අනිත් හිඟන්නෝ " කිසිදෙයක් කරලා නැහැ. ඒ නිසා මේ හිඟන්නන්ට ඡන්දය දෙන්න කියලා නොකියා කියන්නේ... වරෙව් වරෙව් " හැතිකරය , නුඹලා 225ම "

:       2       211

මුණසිංහ Monday, 02 September 2019 12:04 PM

එහෙනම් දැන් ගම පූර්ණ වශයෙන් සංවර්ධනය වෙලා ඇති නේද? අපිට ඒ බව හොඳට පේනවා. මොවුන් මේවා කියන්නේ ලංකාවේ ඉන්න අපට වෙන්න බැහැ. දේශපාලකයින්ට ලැජ්ජා නැති බව කියන්නේ ඇත්තම තමා.

:       0       146

ලංකෝනිස් Monday, 02 September 2019 12:40 PM

ඔබතුමාගේ උපන්ගමටද ඇමතිතුමා වැඩිම මුදලක් වියදම් කලේ...? අපේ ගමට නම් කිසිම දෙයක් වෙලා නැහැ. මට මතක් වෙනවා. පොළව පලාගෙන ගොස් වැටුණි. මෙලොව සතුනි, ඉන් බොරුකීම නරකය. මම කියන දේ හරි නැත්නම් රත්නපුර දිස්ත්‍රික්කයේ සියළු ග්‍රාමසේවා වසම්වල විස්තර ගෙන්නා බලන්න...

:       0       75

hema Monday, 02 September 2019 02:09 PM

වැඩිම මුදලක් තම මන්ත්‍රීන්ට පමණක් වෙන් කළ ලෝකයේ බිහිවූ එකම රජය මෙයයි... ගිනස් වාර්තාවකි.

:       0       78

siri Monday, 02 September 2019 07:45 PM

මෙයට පසුගිය ටිකේ කලේ,'වෙනද ජනදිපතිගේ ඔඩොක්කුවේ ලැගපු එක විතරනේ'.

:       0       0

lion Monday, 02 September 2019 10:01 PM

කය්වරුවා නවත්වන්න ඕකෙන් 1/2 වැඩ හෙන්චියන්ගේ සාක්කුවට යන්න ඇති.හැමදාම මේ රටේ එකී උනේ .දේශපාලන හොරු පෝසත් උන .අපි රට බංකොලොත් උන .

:       0       0

Ruwan Tuesday, 03 September 2019 02:38 AM

ඈ......මොන ගමටද බොලේ ඒ. .. ?

:       0       0

Sunil Tuesday, 03 September 2019 02:51 AM

wen kala mudalen wedak wela nehe.

:       0       0

mp Tuesday, 03 September 2019 04:25 AM

වැඩි මුදලක් ගමට වෙන් කළා නම් ඇයි ගමේ මිනිසුන්ට බොන්න වතුරවත් නැත්තේ? වැඩි මුදල් යොදල තියෙන්නේ දේශපාළුවන්ටයි.

:       0       0

Bamunuarachchi Tuesday, 03 September 2019 05:06 AM

වියදම් වෙච්ච ඒවා විගණනය කරනවාද? ගණන් හිලව් පෙන්වනවාද? වත්කම ප්‍රකාශය දීලාම වැඩ පටන් ගත්තොත් හොඳයි නේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

වීඩියෝ දර්ශන

හිනිදුම වෙඩි තැබීමකින් තුනක් මරුට
2025 ජනවාරි මස 31 2917 6

හිනිදුම පනංගල පිහිටි නවාතැන් පොලකට පැමිණි දෙදෙනකු එල්ල කළ වෙඩි තැබිමකින් නවාතැන් පොලේ හිමිකරු සමග තවත් දෙදෙනකු එම ස්ථානයේම මියගොස් ඇතැයි ගාලු දිසා බ


අර්චුනා අත්අඩංගුවට
2025 ජනවාරි මස 29 2587 5

පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්ච්චුනා රාමනාදන් මහත අද (29) දින යපනයේදී විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.



යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට
2025 ජනවාරි මස 25 8154 51

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා බෙලිඅත්ත ප්‍රදේශයේදී අද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්විසින් අත්අඩංගුවට ග


නිලඇඳුමින් සූර් වුණ සැරයන්ලා: පොලිසියෙන්ම වඩා ගෙන යයි
2025 ජනවාරි මස 23 3724 5

රාජකාරී කරන අතරතුර නිලඇදුමෙන් පානදුර ප්‍රදේශයේ නිවෙසක බීමිතින් නිදා සිටි පොලිස් නිලධාරීන් දෙදෙනකුගෙන් එක් නිලධාරියකුගේ වැඩතහනම් කර ඇති බවත් අනෙක්



මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 92 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 773 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 742 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site