(යොහාන් භාසුර)
නීති විරෝධී ලෙස සඟවා ගබඩා කර තිබූ කිලෝ 998 යි ග්‍රෑම් 750ක බරකින් යුත් වෝටර්ජෙල් නැමති වාණිජ පුපුරණ ද්‍රව්‍ය කූරු 7990 ක් සමඟ සැකකරුවන් දෙදෙනකු මන්නාරම ශාන්තිපුරම් වෙරළ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව සමත් විය.
උතුරු මැද නාවික විධානයට අයත් ශ්‍රීලංනානෞ තම්මැන්නා සහ ගජබා යන ආයතනයන්ට අනුයුක්ත විශේෂ නාවික හමුදා කණ්ඩායමක් මන්නාරම පොලීසිය හා එක්ව මන්නාරම ශාන්තිපුරම් වෙරළ ප්‍රදේශයේ අද (20) කල විශේෂ සෝදිසි මෙහෙයුමකදී සැකකටයුතු නිවසක් පරීක්‍ෂාවට ලක්කර එහි නීති විරෝධී ලෙස සඟවා ගබඩා කර තිබූ මෙම වෝටර් ජෙල් වාණිජ පුපුරණ ද්‍රව්‍ය කූරු 7990ක පමණ තොගයක් සමඟ සැකකරුවන් අත්අඩංගවට ගත් බව නාවික හමුදාව පවසයි.
පුපුරණ ද්‍රව්‍යවලින් සිදු කරනු ලබන නීති විරෝධී මත්ස්‍ය කර්මාන්තයට සඳහා යොදා ගැනීමට මෙලෙස මෙම වෝටර් ජෙල් සඟවා තබන්නට ඇතැයි ද අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 54 සහ 57 වයස් වල පසුවන මන්නාරම ශාන්තිපුරම් සහ වංකාලේ ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවත් නාවික හමුදාව කියයි.
සැකකරුවන් සහ පුපුරණ ද්‍රව්‍ය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශණ කටයුතු නාවික හමුදාව සහ මන්නාරම පොලීසිය විසින් සිදු කරනු ලබයි.
ඌණ උපයෝජිත රාජ්‍ය වතු පෞද්ගලික අංශයට දෙන බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් සමන්ත විද්‍යාරත්න මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාගේ වතු වලටත් වන සතුන් එන බැවින් එම වන සතුන් ගණන් කිරීම සඳහා සත්ව සංගණනය පැවැත්වෙන හෙට දින පාර්ලිමේන්තුවට නිවාඩු ලබා
මෙරට තේ කර්මාන්ත ශාලා 709ක් පමණ තිබුණා මේ වන විට එයින් කර්මාන්ත ශාලා 124ක් වැසී ගොස් තිබෙන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ගයන්ත ක
ජනාධිපතිවරුන් දෙදෙනකුගේ පාලන කාලය තුළදීත් තංගල්ල හේනකඩුව පුරාණ රජමහා විහාරය පූජා භූමියක් බවට පත් කොට ගැසට් නිවේදනයක් නිකුත් කර ගැනීමට නොහැකි වූණ. වත
රජයේ රැකියා දෙන බව පවසා රුපියල් පන් ලක්ෂ පන් දහසක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් පුද්ගලයකු සහ කාන්තාවක අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොම
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
වාණිජ පුපුරණ ද්‍රව්‍ය කිලෝ 998 ක් මන්නාරමේදී අල්ලයි