IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


වතු කම්කරු වැටුප් ගැන කතා කරන්න ගිහින් ගැටුමක් - 5 ක් අත්අඩංගුවට

බිඟුන් මේනක ගමගේ
 
තේවතු කම්කරු වැටුප් සම්බන්ධයෙන් වෘත්තීය සමිති පියවරයන් ගැන වතු කම්කරුවන් දැනුම්වත් කිරීමේ වැඩසටහනක් අතරතුර ඇතිවීයැයි කියන ගැටුමකින් පසු පස් දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය කියයි.
 
අවිස්සාවේල්ල සාලාව වත්තේ දී දැනුම්වත් කිරීම සිදු කරනා අතරතුර දී වතු අධිකාරීවරයා තම සාමාජිකයන්ට පහර දුන් බවට ‘1000 ව්‍යාපාරය‘ නමැති සංවිධානය කොස්ගම පොලිසියට පැමිණිල්ලක් කර ඇත.
 
මේ අතර සාලාව වතු අධිකාරිවරයා ද තමාට වෘත්තීය සමිති ක්‍රියාකාරින් පිරිසක්  පහර දුන් බවට පැමිණිල්ලක් කර තිබේ.
 
සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බව කොස්ගම පොලිසියේ නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය. 
 
අනවසර ඇතුළුවීමේ චෝදනාව යටතේ වෘත්තීය සමිති ක්‍රියාකාරිකයකු වන තැන්නේ ඥානානන්ද හිමි ඇතුළු හතර දෙනෙකු ද, පහරදීම සම්බන්ධයෙන් වතු අධිකාරීවරයා ද අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.



අදහස් (1)

වතු කම්කරු වැටුප් ගැන කතා කරන්න ගිහින් ගැටුමක් - 5 ක් අත්අඩංගුවට

රවින් Monday, 25 March 2019 11:38 PM

පූජ්‍ය පක්ෂය වෘත්තීය සමිති ක්‍රියාකාරියෙක්...? මොන වෘත්තියද කරන්නේ? නිකන් ප්‍රසිද්ධ වෙන්න හදන කෙනෙක්...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති මාවෙයි හමුවෙයි
2024 සැප්තැම්බර් මස 07 649 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නි


‘‘රටේ සංස්කෘතිය අප ආරක්ෂාකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 07 179 0

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලි


විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය අනුරට
2024 සැප්තැම්බර් මස 07 541 0

මෙවර ජනාධිපතිවරණයේදී ,විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ලබාදීමට තීරණය කර ඇතැයි එ


කදුරුවෙල නගරයේ කඩයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 07 136 0

පොලොන්නරුව කදුරුවෙල නගරයේ වෙලද සංකීර්ණය වෙළෙඳහලක ගින්නක් හට ගෙන ඇති බව කදුරුවෙල පොලිසිය කියයි.


නාමල්ගේ රැස්වීමට සෙල්ලම් පිස්තෝලයක් ගෙනා සිසුන් දෙදෙනා මාට්ටු
2024 සැප්තැම්බර් මස 07 1806 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිමඩ නගරයේ ඉන්ද්‍රානී සිනමා ශලාවේ පැවති ජනහමුවට සෙල්ලම් පිස්තෝලයක


සියලු ආගමික අයිතීන් සුරකින්න කැපවී ඉන්නවා
2024 සැප්තැම්බර් මස 07 185 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවම මෙරට සියලු ආගම්වල අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා රජය කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site