IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


වැදගත් දේශපාලන පෙරළියක් වෙනවා

(රෝහණ සමරවීර)

‘2015 මැතිවරණයෙන් පස්සේ ඉතාමත් වැදගත් දේශපාලන පෙරලියක් හෙට අනිද්දා ඇති වෙනවා. එය පළාත් සභා මැතිවරණය හරහා හෝ ජනාධිපති වරණය නිසා වෙන්න පු`එවනි. නමුත් මේ මාසයේ 30 වැනිදායින් පස්සේ කාලය බැලුවාම ඒ කාලය තුළ පළාත් සභා මැතිවරණයක් තියන්න බැහැ..“ යැයි රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී (එ.ජ.නි.ස.) ඩබ්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතා අද (27) පස්වරුවේ නිවිතිගලදී පැවැසීය.

ඒ මහතා එසේ පැවැසුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිවිතිගල ආසන සම්මේලනය අමතමිණි. එහිදී මන්ත්‍රි වරයා මෙසේද පැවැසීය.

“ජනාධිපති වරණය හා පළාත් සභා මැතිවරණය සමාන්තරව තියන්න ඕනෑ එහෙම තියන්නත් බැහැ. එම නිසා නොවැම්බර්වලින් පෙර ජනාධිපතිවරණය පවත්වන්න ඕනෑ. නමුත් ඒ මැතිවරණය පරාදවෙන්න බැහැ. 2015 මහින්ද මහත්තයා දිනුම් කියලා අපේ අය හීන බල බලා හිටියා. මහින්ද අනිවාර්යයෙන් දිනයි කිව්වා. නමුත් ඡන්දෙන් පස්සේ මහින්ද මහත්තයට ගෙදර යන්න සිදු වුණා. මේ වතාවේ එහෙම වෙන්න බැහැ. ඊයේ පාර්ලිමේන්තුවේ සිදු වූණේ කුමක්ද දෙමළ ජාතික සංධානය එක්සත් ජාතික පක්‍ෂයට විරුද්ධව විශ්වාසභංගය යෝජනාවක් ගෙනාවා. 2015 සිට එක්සත් ජාතික පක්‍ෂය ආරක්‍ෂා කරපු එම සංධානය මේ කරන්නේ රැවැටිල්ළක් වෙන්න පුළුවන්. නමුත් ඒක වෙනම කාරණයක්. දෙපයින් සිටගෙන විශ්වාස භංගයක් යෝජනා කරන්න සම්බන්ධන් මහත්තයට අද සිදු වෙලා තිබෙනවා.

මේ ආණ්ඩුව බලයට පත්වූ දවසේ ඉඳලා පාර්ලිමේන්තුවේ බහුතරය තිබුණේ 101 යි 103යි. ඉතිරි අඩුව පිරෙව්වේ දෙමළ ජාතික සංධානයෙන්. නමුත් මේ විශ්වාස භංගය ගේන වෙලාවේ අගමැතිවරයාවත් මැති අමැති වරයෙක්වත්  113 න් එක්සත් ජාතික පක්‍ෂයේ කිසිම කෙනෙක් පාර්ලිමේන්තුවේ හිටියේ නැහැ. පාර්ලිමේන්තුව හොල්මන්.

එම යෝජනවා ස්ථීර කළේ පාර්ලිමේන්තුවේ නියොජ්‍ය කතානායක දෙමළ ජාතික සංධානයේ අරික්කලනාදන් මහත්තයා. ඒ වෙලාවේ කිව්වා අපේ දුක් ගැනවිළි කියන විට පාර්ලිමේන්තුවේ එකම එක එක්සත් ජාතික පක්‍ෂයේ මන්ත්‍රි කෙනෙක්වත් නැහැ කියලා. 2015 ඉඳලා එක්සත් ජාතික පක්‍ෂය වැටෙන හැම වෙලාවෙම  කෙළින් කෙරුවේ අපි. නමුත් අපිට එයාල සළකන හැටි මෙහෙමයි කියලා ඒ අයගේ මන්ත්‍රිවරු දෙන්නෙක් මට කිව්වා. එක්සත් ජාතික පක්‍ෂයට විරුද්ධව කටයුතු කරන්න කියලා ඒ පක්‍ෂය තුළ කැරළි ගහනවා කියලා.

අද රනිල් වටා නොවෙයි මුස්ලිම් නායකයින් සිටින්නේ. එක්සත් ජාතික පක්‍ෂයේ සභාපති කබීර් හෂීම් මහතා කියනවා එක්සත් ජාතික පක්‍ෂයේ ජනාධිපති අපේක්‍ෂකයා ලෙස සජිත් මහතා ඉදිරිපත් කරන්න කියලා. මේකෙන් තේරෙනවා එක්සත් ජාතික පක්‍ෂයේ අර්බුදය දරුණුද කියලා.

එම නිසා අපි සියලුදෙනාම ගෝඨභය මහතා රටේ ජනාධිපති වරයා කිරීම සඳහා කටයුතු කරන්න ඕනෑ. ඒ වගේම එක්සත් ජාතික පක්‍ෂයට දෙපයින් සිට ගැනීමට නොහැකි තත්වයක් ඇති වී තිබෙනවා. අද එක්සත් ජාතික පක්‍ෂයේ නායකයාට පක්‍ෂයේ අය අවනත නැහැ. පක්‍ෂය තුළ කල්ලි නිර්මාණය වෙලා. අද නායකයාට විරුද්ධව කැරැළි ගහන්න යනවා.

එක කණ්ඩායමක් අපේ ජනාධිපති අපේක්‍ෂකයා සජිත් කියලා කියනවා. රවි කරුණානායක සමග තවත් අයගේ සටන් පාඨය වෙලා තිබෙන්නේ සජිත්ට අට පාස් නැහැ කියලා බොළද කතා කියමින් යනවා. රනිල් ගේන්න“ යැයි පැවසීය.  

 



අදහස් (15)

වැදගත් දේශපාලන පෙරළියක් වෙනවා

sirimal Saturday, 27 July 2019 02:22 PM

ලංකා දේශපාලන ඉතිහාසයේ මෙහෙම එක පක්ෂයක සාමාජිකත්වය තියාගෙන තවත් පක්ෂයක් දිනවන්න වැඩ කරනවා වගේ නරි නාඩගමක් දැක්කාමයි. ඔය කවුරු මොනවා කීවත් අන්තිමේට දිනන්නේ දෙමල සහ මුස්ලිම් ඡන්ද ලබාගන්නට හැකිවෙන කෙනාට කියන එක යතාර්ථයක් වෙලා ඉවරයි. එ්කනේ දැන් දේශප්‍රේමය ඇඟපුරා පැතිරී තිබුණු කට්ටියත් උලමා සංවිධානවල, දළඳා මාලිගාවට ප්‍රහාර එල්ල කළ සංවිධානවල කට්ටිය එක්ක "ඉතිහාසයේ පිහිටවූ බලවත්ම සන්ධානයක් " පිහිටුවාගෙන ලබන මැතිවරණ වලට මුහුණ දෙන්න උත්සාහ කරන්නේ... සමහරු කියනවා මේ සන්ධානයට එකතු වුණු පක්ෂවල ඉන්න සේරම දෙනා තනි දොරේ බස් එකක ගෙනියන්න පුළුවන් ගණනක් කියලත්...

:       1035       2069

Appuhamy Saturday, 27 July 2019 02:29 PM

තවත් නාකි ලොක්කෙක් කතා කරයි...

:       443       1051

Prabha Saturday, 27 July 2019 03:43 PM

මේ ඔක්කොම කතා කරන්නේ අනික් පක්ෂ ගාණනේ. තමුන්ගේ ඇහේ තියෙන පරාලය පේන්නේ නැහැ. නමුත් අනුන්ගේ ඇහේ තියෙන රොඩ්ඩ පේනවා.

:       0       11

V.warnakulasuriya Saturday, 27 July 2019 04:19 PM

රාජපක්ෂ පෙරළිත්, වික්‍රමසිංහ පෙරළිත් සමඟ අවු. 70 ක පෙරළි , ජනතාවට නම් වැදගත් පෙරළි වි නොමැත. ඉන්න මහළු පෙරළිකාරයන් දේශපාලනයෙන් වැදගත් විධියට පෙරළෙනවා නම් එය වැදගත් දේශපාලන පෙරළියක් වෙනවාට සැක නැත.

:       0       11

Raveendra Saturday, 27 July 2019 04:21 PM

මේ හම්පඩ ගැහිච්ච රිලව් 225 අප නැවතත් අපේ වියදමින් නඩත්තු කරනවද නැත්නම් මේ හැතිකර රිලව් 225 ම පන්නා දමන්නේද ??? දැන් සියලුම පුරවැසියන්ට බබා දැමීමට කාලයක් නොමැත බැවින් මෙම 225 ම පන්නා දැමිය යුතුය.

:       0       11

Amila Saturday, 27 July 2019 04:36 PM

වලපයයි ගොඩපයයි කියලා පෙරමුණක් හදලා ජෝන්ලා දෙන්නමයි, හිටපු රජායි, රජාගේ අයියයි, සම්බන්ධනුයි, රනිලුයි, වාසුයි දැම්ම් නම් හරි.

:       3       4

de silva Saturday, 27 July 2019 04:36 PM

එක ජෝන් බාස් කෙනක් රටටම විහිලු සපයමින් පිස්සු නටන විට මෙන්න බොලේ කාලයක් නිදාගෙන හිටපු අනිත් ජෝන් බාසුත් නින්දෙන් නැගිටලා ඇවිත් , කොහොමත් දැන් මුළු රටම ජෝන් බාස්ට ගිහින් තිබෙනවා

:       0       32

ශ්‍රි Saturday, 27 July 2019 04:58 PM

වැදගත් පෙරළි ඇති වෙනවා කියාගෙන... මීට පෙරත් ආවා මතකයි සොඳින... බැන්දත් මූණු වෙස් නාටක නටාගෙන... හානා හීය අඩ හැරයෙන් දනී.. ජන...

:       0       12

Nimal Saturday, 27 July 2019 05:03 PM

මෙයාලා පිස්සු කෙළිනවා. නාකි ලොටංලා. දැන් ගෙදර ගිහින් සිල් රෙද්දක් ඔළුව වැහෙන්න පොරවගෙන පංසලට ගිහින් බණක් භාවනාවක් කරගන්නේ නැතිව. ආයේ රට කන්න ලෑස්ති වෙනවා. මොවුන් ඉන්නේ තරුණයින්ට කෙළවන්නමයි. පලයල්ලා වළ පල්ලට.

:       0       323

Prabha Saturday, 27 July 2019 07:03 PM

වැදගත් පෙරළියක් ඉන්න වැදගත් මිනිස්සු ඉන්නවානේ...

:       0       8

nihal Saturday, 27 July 2019 10:21 PM

වැදගත් දේශපාලන පෙරලියක් .....දශක ගණනාවක සිට මේ දක්වා නම් සිදුවී නොමැත ..සිදු උනේ ..දැනට සිදුවෙන්නෙත් රට විනාශය කරා ගෙනයන පෙරලියක් ..... ලොක්ක කියන්නේ එවැනි පෙරලියක් ගැන නොවෙයි නේද

:       0       9

chandima Sunday, 28 July 2019 02:43 AM

අම්මපා, එ් කියන්නේ තාත්තගෙන් පුතාට නැතුව, තාත්තාගෙන් බෑනාට මහජන නියෝජිතකම පවරන්න යනවද?

:       0       11

රවින් Sunday, 28 July 2019 03:09 AM

සියලු ශ්‍රී ලාංකිකයින්ට සිදුවියහැකි වැදගත්ම දේශපාලන පෙරලියනම් දැනට ඉන්න 225 ම හා ඔවුන්ගේ බැල මෙහෙවරයින්ගෙන් තොර රටක් පමණයි. ඒ පැත්තට මෙපැත්තට පනින ගිරවුන්මෙන් තොර තෝංචියක් නැතිව කට මෑත දොඩවන කොමිස් ගහන රටට හෙන ගැහුනත් කමක් නැහැ මගේ මඩිස්සල්ල ගැන පමණක් හිතන අයගෙන් තොර රටක් තමයි අනාගත ශ්‍රී ලංකාව වියයුත්තේ.

:       0       32

Nimal Sunday, 28 July 2019 09:19 AM

ඒ පෙරලි ඔබතුමාලටනේ වැදගත් වෙන්නේ. මෙතෙක් වූ පෙරලි වලින් අපිට නම් ඵලක් වුනේ නැහැ මන්ත්‍රීතුමා. අපි හිටපු තැනිනුත් බිමට වැටිලා දැන් තියෙන්නේ...!

:       0       7

සේනාරත්න Sunday, 28 July 2019 10:24 PM

කවුරු මොනවා කීවත් මෙවර රටෙ පාලනය තීරණය කරන්නෙ පක්ෂය පුද්ගලයන් ගැන නොහිතන රටට වැදගත් බරපතල කරුණු වලට අදාලව නිසි වැඩ⁣පිලිවෙලක් පිලිබඳව සිතන මධ්‍යස්ථ පුුද්ගලයන්ගෙ තීරණාත්මක ඡන්ද ප්‍රමාණය මත බව වටහාගන්නනෙනමි කාටත් යහපත්.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

වී සහතික මිල එළියට
2025 පෙබරවාරි මස 05 61 0

වී කිලෝවක් සඳහා රජය ලබා දෙන උපරිම මිල මීට සුළු මොහොතකට පෙර ප්‍රකාශයට පත් කළේය.


යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී චන්දන වික්‍රමසිංහ
2025 පෙබරවාරි මස 05 189 0

ශ්‍රී ලංකා යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරාල් චන්දන වික්‍රමසිංහ මහතා පත්කළ බව යුද හමුදාව පවසයි.


නාන්න ගිහින් වීරවිල වැවේ සැඟවෙයි
2025 පෙබරවාරි මස 05 117 0

බණ්ඩාරවෙල සිට විනෝද චාරිකාවක පැමිණ වීරවිල වැවේ දියනාමින් සිටි පුද්ගලයෙකු ඊයේ (04) සවස දියේ ගිලී අතුරුදහන්ව ඇතැයි වීරවිල පොලිසිය පවසයි .


‘කුෂ්‘සමඟ මගියා ගුවන්තොටේදී මාට්ටු
2025 පෙබරවාරි මස 05 150 0

රුපියල් එක් කෝටි විසි පන් ලක්ෂයක් පමණ වටිනා ’’ කුෂ් ’’ මත්ද්‍රව්‍ය තොගයක් , ටොෆී සහ චොකලට් පැකට් ලෙස සකස් කර , සිය ගමන් මලු තුළ සූක්ෂම ලෙස සගවා ගෙන , කටුනා


පුංචි ඡන්දෙ ගැන තීන්දුව තවම ලැබී නෑ
2025 පෙබරවාරි මස 05 313 0

පළාත් පාලන ඡන්ද විමසීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට ප්‍රකාශ නොකරන්නේ ඇයිදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදයේ අද ප


වී මිල ගැන නිල ප්‍රකාශයක්
2025 පෙබරවාරි මස 05 1965 2

රජය වී කිලෝවක් ගන්නා මිල කෘෂිකර්ම අමාත්‍යාංශයේදී අද(05) උදේ 11.00 ට පවත්වන ප්‍රවෘත්ති සාකච්ඡාවකදී නිල වශයෙන් ප්‍රකාශයට පත්කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමා


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 87 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 761 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 737 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site