IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


වෛද්‍ය සභාවේ පත්කිරීමට එරෙහි පෙත්සම විසිකරන්නයි පවිත්‍රා ඉල්ලයි

 

(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)

ශ්‍රී ලංකා වෛද්‍ය සභාව සඳහා නව සභාපතිවරයෙකු සහ සාමාජිකයින් සිව් දෙනකු පත් කිරීම අභියෝගයට ලක් කරමින් එහි හිටපු සභාපතිවරයා ඇතුළු පිරිසක් ගොනු කළ රිට් පෙත්සම විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කරන්නැයි සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රාදේවී වන්නිආරච්චි මහත්මිය මූලික විරෝධතාවයක් ඉදිරිපත් කරමින් අභියාචනාධිකරණයෙන් අද  (14) ඉල්ලා සිටියාය.

වෛද්‍ය ආඥා පනතට අනුව ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සාමාජිකයින්ගේ සේවය අත්හිටුවීමට හෝ ඉවත් කිරීම සිදු කිරීමට සෞඛ්‍ය අමාත්‍යවරියට බලය පැවරී තිබෙන බවත් මෙහිදී සඳහන් කෙරිණි.

ශ්‍රී ලංකා වෛද්‍ය සභාව සඳහා නව සභාපතිවරයෙකු සහ සාමාජිකයින් සිව්දෙනකු පත් කිරීම අභියෝගයට ලක් කරමින් එහි හිටපු සභාපති මහාචාර්ය හරේන්ද්‍ර සිල්වා ඇතුළු සාමාජිකයින් තුන්දෙනෙකු විසින් ගොනු කර ඇති රිට් පෙත්සම අද (14) අභියාචනාධිකරණ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර සහ සෝභිත රාජකරුණා යන මහත්වරුන් ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ කැදවුනි.

එම රිට් පෙත්සමේ වගඋත්තරකාර පාර්ශවයක්  ලෙස නම් කර සිටි සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් නෙරීන් පුල්ලේ මහතා මෙම මූලික විරෝධතාවය ඉදිරිපත් කළේය.

මෙහිදී සෞඛ්‍ය අමාත්‍යවරිය වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරල් නෙරින් පුල්ලේ මහතා අධිකරණය හමුවේ කියා සිටියේ වෛද්‍ය ආඥා පනතට අනුව ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සාමාජිකයින්ගේ සේවය අත්හිටුවීමට හෝ ඉවත් කිරීම සිදු කිරීමට සෞඛ්‍ය අමාත්‍යවරියට බලය පැවරී තිබෙන බවත් , එය නීතිය ඉදිරියේ අභියෝගයට ලක් කළ නොහැකි බවය.

එමෙන්ම පෙත්සම්කරුවන් සිය පෙත්සම් වලින් කරුණු සැඟවීමට සහ අධිකරණය නොමඟ යවන සුළු කරුණු ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති බවත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණය හමුවේ  පෙන්වා දුන්නේය.

ඒබැවින් මෙම පෙත්සම විභාග කිරීමට තරම් සාධාරණ නීතිමය පදනමක් නොමැති හෙයින් නොතීසි නිකුත් කිරීමකින් තොරව එය නිෂ්ප්‍රභ කරන්නැයි ද සෞඛ්‍ය අමාත්‍යවරිය වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඒ අනුව කරුණු සලකා බැලූ අභියාචනාධිකරණ සභාපතිවරයා ප්‍රමුඛ විනිසුරු මඩුල්ල  පෙත්සම පිළිබඳ වැඩිදූර සලකා බැලීම  ලබන  සිකුරාදා (18 ) තෙක් කල් තැබීමට නියම කළේය.එදින පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතා විසින් කරුණු ඉදිරිපත් කිරීමට නියමිතය.

ශ්‍රී ලංකා වෛද්‍ය සභාව සඳහා නව සභාපතිවරයෙකු සහ සාමාජිකයින් සිව් දෙනකු පත් කිරීම අභියෝගයට ලක් කරමින් එහි හිටපු සභාපති මහාචාර්ය හරේන්ද්‍ර සිල්වා ඇතුළු සාමාජිකයින් තුන්දෙනෙකු ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස සෞඛ්‍ය ඇමති පවිත්‍රාදේවි වන්නි ආරච්චි , නීතිපති ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.

පෙත්සම්කරුවන් සිය පෙත්සම මගින් පෙන්වා දෙන්නේ   ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති වරයා සහ සාමාජිකයින් වශයෙන් කටයුතු කළ තමා ඇතුළු පිරිස  ඉවත් කර  ඒ සඳහා නව සභාපතිවරයෙකු හා සාමාජිකයින් පත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යවරිය ගනු ලැබූ තීරණය වෛද්‍ය ආඥා  පනතට පටහැනි බවයි.

වෛද්‍ය ආඥා පනත යටතේ වෛද්‍ය සභාවේ සාමාජිකයින් ඉවත් කිරීමේ බලය සෞඛ්‍ය අමාත්‍යවරියට හිමි නොවන බවත් ,  ඒ අනුව තමන්ව ඉවත් කොට අදාල තනතුරු සඳහා නව සාමාජිකයන් පිරිසක්  පත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යවරීය ගත් තීරණය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන්නැයිද මහාචාර්ය හරේන්ද්‍ර සිල්වා මහතා ඇතුළු පිරිස  සිය පෙත්සමෙන් ඉල්ලා සිටිති.



අදහස් (5)

වෛද්‍ය සභාවේ පත්කිරීමට එරෙහි පෙත්සම විසිකරන්නයි පවිත්‍රා ඉල්ලයි

Prasad Monday, 14 December 2020 02:03 PM

ඔය සබාවෙ මල්ටිපල් පුටුවට මෙතුමියගේ රියදුරු පත්කරමු...

:       0       11

Bamunuarachchi Monday, 14 December 2020 04:55 PM

සෞක්‍ය ඇමතිට එම බලතල පනතින් ලැබී තිබෙනවා නම් ඇමතිගේ ක්‍රීයා කලාපයට විරුද්දව අභියෝග කිරීම නිෂ්ඵලයි...

:       14       13

chandima Monday, 14 December 2020 07:06 PM

දාලා යන්න බැරි මොකක් හරි හේතුවක් ඇති.. වත්කම් පරීක්ෂා කළානම් හොයාගන්න පුළුවනි.

:       23       9

ලුම්බිණි Monday, 14 December 2020 11:01 PM

බලමු අපේ ස්වාධීන අධිකරණය මොන තීන්දුවක් දෙයිද කියල.

:       0       0

mp Tuesday, 15 December 2020 02:13 AM

නම්බුව ඇතිව වැඩ කළ එකම පුද්ගලයා කාලෝ ෆොන්සේකා මහත්මයා විතරයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති මාවෙයි හමුවෙයි
2024 සැප්තැම්බර් මස 07 619 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නි


‘‘රටේ සංස්කෘතිය අප ආරක්ෂාකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 07 174 0

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලි


විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය අනුරට
2024 සැප්තැම්බර් මස 07 504 0

මෙවර ජනාධිපතිවරණයේදී ,විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ලබාදීමට තීරණය කර ඇතැයි එ


කදුරුවෙල නගරයේ කඩයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 07 123 0

පොලොන්නරුව කදුරුවෙල නගරයේ වෙලද සංකීර්ණය වෙළෙඳහලක ගින්නක් හට ගෙන ඇති බව කදුරුවෙල පොලිසිය කියයි.


නාමල්ගේ රැස්වීමට සෙල්ලම් පිස්තෝලයක් ගෙනා සිසුන් දෙදෙනා මාට්ටු
2024 සැප්තැම්බර් මස 07 1741 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිමඩ නගරයේ ඉන්ද්‍රානී සිනමා ශලාවේ පැවති ජනහමුවට සෙල්ලම් පිස්තෝලයක


සියලු ආගමික අයිතීන් සුරකින්න කැපවී ඉන්නවා
2024 සැප්තැම්බර් මස 07 183 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවම මෙරට සියලු ආගම්වල අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා රජය කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site