IMG-LOGO

2025 පෙබරවාරි මස 06 වන බ්‍රහස්පතින්දා


වදුරඹ ඕ.අයි.සී ට කොස්තාපල් වෙඩි තියන්න හදලා

(බිමල් ශ්‍යාමන් ජයසිංහ) 

 ගාල්ල වඳුරඹ පොලිසියේ ස්ථානාධිපතිවරයා සමග උරණ වී ඔහුට වෙඩි තැබීම සඳහා උත්සාහ කළ පොලිස් කොස්තාපල්වරයකු පලාගොස් ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි 

වඳුරඹ පොලිස් ස්ථානය පිහිටි  භූමියේ  නව ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා භූමියේ පිහිටා තිබෙන ගස් කීපයක් ඉවත් කිරීම සඳහා ලබාදී තිබූ අවසරය මත දැව සංස්ථාවේ නිලධාරීන්  අද (11) එම පොලිස් භූමිය වෙත පැමිණ ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි 

එම අවස්ථාවේදී  එම රාජකාරිය භාරව සිටි කොස්තාපල්වරයා  නව ගොඩනැගිල්ල ඉඳිකරන පරිශ්‍රය ට බාහිරව තිබෙන අනෙකුත් ගස්ද දැව සංස්ථාවේ  සේවකයන් ලවා  කපා ඉවත් කිරීමට  කටයුතු කර තිබූ බව එම ආරංචි මාර්ග පවසයි 

 රාජකාරි කටයුත්තක් සඳහා පැය කීපයක්  පිටතට ගොස් සිටි  ස්ථානාධිපතිවරයා පැමිණීමෙන් අනතුරුව පොලිස් භූමියේ තිබෙන සියලුම ගස් කපා ඉවත් කර තිබෙන අයුරු දැක   කොස්තාපල්වරයා  නිල කාමරයට කැඳවා දොස් පවරා තිබූ බව එම ආරංචි මාර්ග පවසයි 

 එහිදී ස්ථානාධිපතිවරයා සමඟ බහින්බස් වූ කොස්තාපල්වරයා නිල කාමරෙන් පිටතට පැන "කෝ ගනින් ගිනි අවියක් මූට වෙඩි තියන්න" යැයි පවසමින් චෝදනා ගාරය  තුළ ගිනිඅවි බහා තිබෙන ආරක්ෂිත පෙට්ටිය අසලට ගොස්  එය විවෘත කිරීමට උත්සාහ දරා ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි. 

එහිදී සෙසු පොලිස් නිලධාරීන් දැඩි පරිශ්‍රමයක් දරා කොස්තාපල්වරයාව බැරැක්කය  වෙත රැගෙන ගොස් ඇති අතර එහිදී ඔහු පළාගොස් ඇතැයි  එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි. 

පලාගිය කොස්තාපල්වරයා යක්කලමුල්ල  පදිංචිකරුවෙකි  

 

 

             වඳුරඹ පොලීසිය පරීක්ෂණ පවත්වයි 



අදහස් (8)

වදුරඹ ඕ.අයි.සී ට කොස්තාපල් වෙඩි තියන්න හදලා

ලලිත් අම්බලන්ගොඩ Tuesday, 11 January 2022 07:44 PM

රට යන අත.සුභ අනාගතයක පෙර නිමිති.

:       0       29

කිරි පුතා Tuesday, 11 January 2022 08:24 PM

එයා ආයුධයක් ඇතිව සේවයක් කරන්න සුදුසු පුද්ගලයෙක් නෙවෙයිනේ... වැරැද්දකුත් කරලා ඒක වහන්න ඝාතනයකුත් කරන්න හදලා...

:       0       3

සෙනෙවිරත්න Wednesday, 12 January 2022 08:24 AM

අවවාදයක් දොසක් විඳගන්න බැරි සමාජයක්! අවවාදයක් දුන්නොත් ඇඟට එන එක කලාවක් වෙලා, ඒකයි වැරදි කරන අය දිගටම එකම වරද කරමින් ඉන්නෙ, පාරෙ කෙල ගහන කෙනෙකුට එපා කියන්න පාර උඹේද කියල අහගන්න පුළුවන්, නායකයන්ගෙ ඉඳල ආදර්ශයක් නොදීමෙ ප්‍රතිපල තමයි ඔය, බණ පිරිත් ලවුඩ්ස් පීකර වල සහ බුදු ගුණ කොන්ක්‍රීට් පිළිම වලට බාරදීල ඉන්නෙ බොහෝ බෞද්ධයන් ,

:       0       3

fairoosWednesday, 12 January 2022 12:21 PM

හරියට අපේ නන්දසේන වගේමයි

:       1       2

ජයනාත්Wednesday, 12 January 2022 03:13 PM

නෑ පුත්‍රයාණෝ වගෙයි...!

:       0       1

jagath Wednesday, 12 January 2022 10:30 AM

කපන්න ඕනෑ ගස්ටික පෙන්නලා යන දිහාවක ගියානම් ඉවරයිනේ... වරද OICගේම තමයි. අන්තිමට ඔක්කොම මිනිහගේ කරඋඩ...

:       3       28

Gamini Wednesday, 12 January 2022 10:00 PM

ඕඅයිසී මෝඩ වැඩ කරාට කරන්න දෙයක් නෑ.

:       0       0

Krj hettigamage Wednesday, 12 January 2022 10:15 PM

මමනම් හිතන්නේ වරදක් උනාම ඒක පෙන්නලා දුන්නම හරි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

සරසවි හයක කොට උඩ ගිය ඉදිකිරීම් යළි අරඹයි
2025 පෙබරවාරි මස 05 84 0

මොරටුව, පේරාදෙණිය, බෞද්ධ හා පාලි, සඛරගමුව, කැලණිය සහ ශ්‍රී ජයවර්ධනපුර යන විශ්ව විද්‍යාල වල අතරමග නවත්වනු ලැබ ඇති ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට කැබිනට්


ඇමැති සී.බී. කෝටි 25 සුජීවට ගෙවන්න වෙයි
2025 පෙබරවාරි මස 05 844 1

‘ෆුට් නෝට්’ කල්ලියේ සාමාජිකයකු බව පැවසීමෙන් සමගි ජනබලවේගය පක්‍ෂයේ මන්ත්‍රී සුජීව සේනසිංහ මහතාට අපහාසයක් වී ඇතැයි තීරණය කළ ගල්කිස්ස දිසා විනිසුරු ඩී.


රාජ්‍ය සේවා නීති රීති සරල කරයි
2025 පෙබරවාරි මස 05 771 1

රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මන්නාරම රෝහලට ඉන්දියාවෙන් අත හිත
2025 පෙබරවාරි මස 05 221 0

මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සෞඛ්‍ය සංවර්ධනයට ලැබුණු එක්කෝටි පනස් ලක්ෂයක් වතුරේ
2025 පෙබරවාරි මස 05 219 0

ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති


බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයේ හිටපු සෙබළකු රටින් පනින්න හොර ලේඛන හදාගෙන
2025 පෙබරවාරි මස 05 867 0

බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 92 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 776 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 746 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site