IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


විදුලිය බිඳවැටීම ගැන ජොන්ස්ටන් පරීක්ෂණයක් ඉල්ලයි

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

පාර්ලිමේන්තුවේ විදුලිය ඇනහිටීම ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාරදී පරීක්ෂණයක් පවත්වන්නැයි තමා කතානායකවරයාගෙන් ඉල්ලීමක් කරන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදී අද (3) පැවැසීය.

ඔහු මෙසේ පැවසුවේ ආරක්ෂක අමාත්‍යාංශය ඇතුළු අමාත්‍යාංශ කිහිපයක වැය ශීර්ෂ පිළිබඳ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේදීය.

පාර්ලිමේන්තුවේ විදුලිය පාලනය කරනු ලබන්නේ විදුලි බල මණ්ඩලය විසිනැයි පැවසූ ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේ විදුලිය පාලන කටයුතු  වෙනම ඉංජිනේරුවරයකු යටතට  පත් කරන්නැයි ඉල්ලිමක් කරන බවද ප්‍රකාශ කළේය.

එය පාර්ලිමේන්තුවේ බලය යටතට පත් කළ යුතු බවද හෙතෙම කීවේය.

මේ සිද්ධිය වූයේ ආරක්ෂක අමාත්‍යාංශය පිළිබඳ විවාදය යන අවස්ථාවේදී බවත් පාර්ලිමේන්තුවේ ආරක්ෂාව තහවුරුවිය යුතු බවත් ඔහු පැවසුවේය.

මේ ප්‍රශ්නය අවසන් කිරීමට ලක්ෂ්මන් කිරිඇල්ල විපක්ෂයේ සංවිධායකවරයාද එකඟවූ බවත් තමා ඔහුට ඒ සම්බන්ධයෙන් ස්තූතිවන්ත  වන බවත්  ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් පැවැසීය.



අදහස් (7)

විදුලිය බිඳවැටීම ගැන ජොන්ස්ටන් පරීක්ෂණයක් ඉල්ලයි

චමින්ද ජයනාත් ජයසූරිය Friday, 03 December 2021 06:24 PM

අම්මෝ ඔව්, දවසක් ඕකට විදුලිය නැතිව ගියොත් මොනතරම් පාඩුවක්ද රටට.... නේද...?

:       1       18

Shan Friday, 03 December 2021 07:10 PM

ඔය අපේ සල්ලි කන මෝඩ රැළ ඉන්න පාර්ලිමේන්තුවට විදුලිය තිබුණත්, නැතත් අපිට කමක් නැ.. මේ මනුස්සයාට තේරෙන්නේ නැද්ද ඔය නාඩගම් මඩුවට වැඩිය රෝහල්වලට විදුලිය ඕනෑ කියලා. මේ වගේ අයට ඡන්දය දුන් මිනිසුනි, කරුණාකර මේ විශාල වැරැද්ද හැකි ඉක්මණින් නිවැරැදි කරන්න.

:       2       21

siri Friday, 03 December 2021 07:13 PM

පාර්ලිමේන්තුවේ විතරක් නොවේ, මුළු රටේම විදුලිය බිඳවැටිලා ලොක්කා... සමහරවිට සෞභාග්‍යය වැඩිවෙලා නිසා වෙන්න ඇති...

:       1       22

Lalith M Friday, 03 December 2021 07:18 PM

පාර්ලිමේන්තුවේ නොවේ, මහජනතාව ගැන හිතන්න ඕන ඉස්සර වෙලාම. රට පවතින්නට ඔය 225 ඕන නෑ කියලා දන්නවා නේද?

:       1       18

asanka Friday, 03 December 2021 07:34 PM

ඔතනට විතරක් විදුලිය තිබුණාම ඇද්ද? එතකොට අපේ ගෙවල්වල විදුලිය බිඳවැටීම ගැන කතා කරන්නේ කව්ද?

:       1       19

Kumara Friday, 03 December 2021 11:21 PM

අරක්කු ටිකක් වෙලාවට පෙරාගන්න බැරිවුණා... ඒකයි මේ තද වෙලා තියෙන්නේ...

:       0       1

Royfedricks Saturday, 04 December 2021 07:16 AM

එතකොට අර මිරිස් කුඩු ගහපු එකට, පොලිස් කාරයින්ට පුටුවෙන් ගහපු එකට... එව්වට මොකද කරන්නේ...?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

ලසන්ත ඝාතනය ගැන නීතිපති මතය අධ්‍යනයට
2025 පෙබරවාරි මස 05 244 0

ලසන්ත වික්‍රමතුංග ඝාතනයට සම්බන්ධ සැකකරුවන් සම්බන්ධයෙන් නීතිපතිවරයා දී ඇති තීන්දුව සම්බන්ධයෙන් අධ්‍යයනය කරමින් සිටින බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය


USAID සේවකයන්ට අනිවාර්ය නිවාඩු
2025 පෙබරවාරි මස 05 46 0

ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ ශ්‍රී ලංකා කාර්යාලයට කොන්ත්‍රාත් පදනම මත බඳවා ගනු ලැබූ සේවකයන් හෙට (07) රාත්‍රී 11.59 සිට පඩි සහිත අන


ගම් - නගර එකට සංවර්ධනය කරන්න ව්‍යාපෘතියක්
2025 පෙබරවාරි මස 05 185 0

ඒකාබද්ධ ග්‍රාම - නගර සංවර්ධන සහ දේශගුණික තත්ත්වයන්ට ඔරොත්තු දීමේ ව්‍යාපෘතිය සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සුකර උණෙන් ඌරන් 1600ක් මැරිලා
2025 පෙබරවාරි මස 05 164 0

රටපුරා පැතිරි යමින් ඇති සූකර ඌණට ලක්ව ඌරන් 1600 ක් මේ වන විට මිය ගොස් ඇති බව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තුමේන්තුවේ පුත්තලම දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ


බදුල්ල නගරය ආශ්‍රිත වැසියන්ට මුඛ ආවරණ පළදින්න උපදෙස්
2025 පෙබරවාරි මස 05 361 1

බදුල්ල නගරය ආශ්‍රිත ප්‍රදේශයේ වායුගෝලයේ මීදුම මෙන් පවතින විස දුම මිනිස් සිරුරට අහිතකර තත්ත්වයක් උදාකර දී.ඇති හෙයින් මුඛ ආවරණ පළදින ලෙසට ආපදා කළමනාකර


රුවන්ඩා මහ කොමසාරිස් අගමැතිනිය හමුවෙයි
2025 පෙබරවාරි මස 05 216 2

ඉන්දියාවේ නවදිල්ලි නුවර පිහිටි රුවන්ඩා මහකොමසාරිස් කාර්යාලයේ ශ්‍රී ලංකාව පිළිබඳ රුවන්ඩා ජනරජයේ මහ කොමසාරිස් ජැක්කුලින් මුකන්රියා මහත්මිය අග්‍රාම


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 88 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 769 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 738 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site