IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


‘විදුලි කප්පාදුවට 29දා පිළිතුරු දෙනවා’

(නාලක සංජීව දහනායක)
 
විදුලි කප්පාදුව සම්බන්ධයෙන් ලබන සිකුරාදා (29) පාර්ලිමේන්තුවේදී පැහැදිලි පිළිතුරක් ලබාදෙන බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පැවැසීය.
 
ලබන මස මැද වනවිට විදුලි අර්බුදයට ස්ථීර විසඳුමක් ලබාදෙන බව කී අමාත්‍යවරයා 2014 වසරේ සිට විදුලිය ජනනය කිරීමට කිසිදු වැඩපිළිවෙලක් ක‍්‍රියාත්මකව නැතැයිද  කීය.
 
එබැවින් වැඩිවන විදුලිය ඉල්ලුමට සරිලන සැපයුමක් ලබාදිය නොහැකි වීමෙන් ප‍්‍රශ්න ඇතිවන බව සඳහන් කළ අමාත්‍යවරයා අතීතයට දොස් නොකියා අනාගතයේදී මෙවැනි අර්බුද ඇතිනොවන පරිදි කටයුතු කරන බවද පැවැසීය.
 
කොළඹ, ගලධාරි හෝටලයේදී අද (26) ආරම්භ වූ ආසියා ශාන්තිකර කලාපීය සහයෝගීතා සමුළුවේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.  



අදහස් (14)

‘විදුලි කප්පාදුවට 29දා පිළිතුරු දෙනවා’

Soma dubayi Tuesday, 26 March 2019 01:15 PM

විශිෂ්ඨ ප්‍රකාශයක් මැතිතුමනි.

:       28       0

Raveendra Tuesday, 26 March 2019 01:38 PM

ගේදොර හරකබාන. ගොන්බාන අමතක මේ ග්‍රහයාට මොනවා මතකයේ රැදේද? අනේ අපේ කට...

:       0       21

Bamunuarachchi Tuesday, 26 March 2019 03:14 PM

ගිය ආණ්ඩුවෙන් ලක්විජය විදුලිබලා ගාරයවත් නොකළා නම් අද අපි කරුවලේ නේද? ඔහෙලා මේ අවුරුදු 4ට කරපු බම්බුවක් නැහැ නේද? දැන් ඔය හදන්නේ ඔහෙලගේ යාලුවන්ගේ පුද්ගලික ජෙනරේටර් වලට ජොබ් දෙන්න නේද?

:       0       59

Sunil Wednesday, 27 March 2019 12:47 AM

එතකොට පරක්කු වැඩියි. අවුරුදු හතරක් තිස්සේ මේ රජය මොනවද කලේ? බැංකු මංකොල්ල කනවා ඇරෙන්න...

:       0       40

aruna Wednesday, 27 March 2019 05:35 AM

ඔබගේ කෙරුවාවක් නැහැ. සේරම කටින් විතරයි. දැන්වත් කටින් බතල හිටවන්නේ නැතුව හිටියොත් හොදයි

:       0       111

upali Wednesday, 27 March 2019 05:58 AM

පිළිතුරු අවශ්‍ය නැහැ. විසදුම් අවශ්‍යයි.....

:       0       123

mohan Wednesday, 27 March 2019 06:31 AM

ගිය තැන විනාසයක්

:       0       37

Hafeel Wednesday, 27 March 2019 08:19 AM

පිළිතුරු නොවේ. විදුලිය අඛණ්ඩව සපයන්න. ජනාධිපතිතුමා එදා කිව්වා මෙයාට මුදල් ඇමතිධූර දුන්නේත් අකමැත්තෙන්ලු. එහම කියල ආපහු විදුලිය දුන්න.

:       0       22

smith Wednesday, 27 March 2019 09:46 AM

UNP ටික එදාට ඉටිපන්දම් ගහගෙන සිරිකොත ගමට කියලා ගෙයින් ගෙට යනවලු!

:       0       15

Jehaan Wednesday, 27 March 2019 09:54 AM

මොකද්ද පිළිතුර ? රටේ ලයිට් ගියා කියලා ගෙදර උදවිය නම් හීනෙන් වගේ කියනවා ඇහුනා....මම දැන් තමයි නිදාගෙන නැගිට්ටේ ! ඒකද. ?

:       0       13

නිමල් Wednesday, 27 March 2019 10:52 AM

අද උදේ 6.30 ට මම පාරේ ලයිට් ඔෆ් කලා. මගේ රාජකාරිය නොවුනත් මම රට ගැන සිත කලෙමි. උදේ 6.00 ට පෙර මෙය කලානම් විදුලිබල්බ 10 X පැය 1/2 =? රටේ පාට, පක්ෂ වෙනස තිබෙන තුරු ?

:       0       0

dias Wednesday, 27 March 2019 11:03 AM

අන්තිමට කියයි වැස්ස නැහැ කියලා.

:       0       0

නිමල් Wednesday, 27 March 2019 11:06 AM

ඉතිරි කිරීම උගන්වන ආයතනය කුමක්ද? ඔවුන් කරන්නේ වැඩිම නාස්තිය. පිටරට වලින් හැම දේ ගැනීමට පොරය. ඩොලර් කෑදර කම. පක්ෂ පාට වෙනස නොතකා , විදුලිය ඉතිරි කිරීමට නාම පුවරු, ආයතන වල දවල් ලයිට්, පාර වල ලයිට් සම්පුර්ණයෙන් වසන්න බැරි ඇයි ?

:       0       0

Keppetipola Wednesday, 27 March 2019 11:27 AM

මේ රවී ලැජ්ජා නැතිව එයා යනයන තැන එයාගේ මුස්ලිම් මස්සිනා අරගෙන ගිහින් එයාගේ අමාත්‍යංශයේ ආයතනයක සභාපති තනතුරකට හෝ අධ්‍යක්ෂ තනතුරකට දමා ගන්නවා. මස්සිනාට කියලා තමයි සේරම යටින් හොර ඩීල් දාලා රටේ සල්ලි හොරකම් කරන්නේ. පොලිසියේ සාජන් කෙනෙක් වෙලා හිටපු මේ මස්සිනා දැන් සස්ටේනබල් එනර්ජි ඔතෝරිටි ආයතනයේ සභාපති තනතුරට පත් කරලා. දැනට පෞද්ගලික සමාගම් මගින් ආරම්භ කරන්න තියෙන සෝලා පවර් ව්‍යාපෘති වලින් මෙයා මිලියන ගණන් වලින් කොමිස් ඉල්ලනවා කියලා ආරංචියි.. ඒවා පාස් කරන්න. ඉතින් කොහොමද රටක් දියුණු වෙන්නේ? අනෙක එම විෂය ගැන වෘත්තීමය සුදුසුකම් තියෙන ඉංජිනේරුවරයකු එම තනතුරට පත් නොකර පැන්ෂන් ගිය පොලිස් සාජන් මස්සිනාව දැම්මේ මොකටද කියලා කාටත් තේරෙනවනේ...?

:       0       12

ඔබේ අදහස් එවන්න

දියත

ජනපති මාවෙයි හමුවෙයි
2024 සැප්තැම්බර් මස 07 619 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නි


‘‘රටේ සංස්කෘතිය අප ආරක්ෂාකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 07 174 0

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලි


විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය අනුරට
2024 සැප්තැම්බර් මස 07 504 0

මෙවර ජනාධිපතිවරණයේදී ,විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ලබාදීමට තීරණය කර ඇතැයි එ


කදුරුවෙල නගරයේ කඩයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 07 123 0

පොලොන්නරුව කදුරුවෙල නගරයේ වෙලද සංකීර්ණය වෙළෙඳහලක ගින්නක් හට ගෙන ඇති බව කදුරුවෙල පොලිසිය කියයි.


නාමල්ගේ රැස්වීමට සෙල්ලම් පිස්තෝලයක් ගෙනා සිසුන් දෙදෙනා මාට්ටු
2024 සැප්තැම්බර් මස 07 1741 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිමඩ නගරයේ ඉන්ද්‍රානී සිනමා ශලාවේ පැවති ජනහමුවට සෙල්ලම් පිස්තෝලයක


සියලු ආගමික අයිතීන් සුරකින්න කැපවී ඉන්නවා
2024 සැප්තැම්බර් මස 07 183 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවම මෙරට සියලු ආගම්වල අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා රජය කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site