IMG-LOGO

2025 මාර්තු මස 13 වන බ්‍රහස්පතින්දා


විදුලි රැහැනෙන් ආ මාරයා මවත් පුතාත් බිලි ගනී

(චාපා මධුභාෂිණී)

තම ගොවිබිම වන සතුන්ගෙන් ආරක්ෂා කර ගැනීම සදහා තැනූ පැලට ඇද තිබූ  විදුලි රැහැනක් ඇඟමතට  කඩා වැටීමෙන් මවක සහ පුතතු මරණයට පත්ව ඇතැයි හබරණ පොලිසිය කියයි.

මෙලෙස විදුලි සැරවැදීමෙන් මියගොස් ඇත්තේ අංක 408, කිතුල්උතුව, අක්බෝපුර ලිපිනයේ පදිංචි රාජපක්ෂගේ මල්ලිකා රාජපක්ෂ නමැති වයස අවුරුදු 46 වන තිදරු මව සහ නරසිංහ මුදියන්සේලාගේ ඉසුරු සෞභ්‍යාග්‍ය බණ්ඩාර නමැති වයස අවුරුදු 13 වන පුතු බව පොලිසිය කියයි.

මරණයට පත්වූ කාන්තාවගේ ස්වාමියා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සේවය කර ඇති අතර ඔහු මීට වසරකට පමණ පෙර රිය අනතුරකින් මියගොස් ඇත. ඇගේ වැඩිමල් දියනියන් දෙදෙනා විවාහ වී ඇති අතර බාල පුතු සමග දිවි ගැටගසා ගැනීම සදහා ඇය නිවස පිටුපස අක්කරයක් පමණ වන කුඹුර වගා කරගෙන ඇත.

නිරන්තරයෙන් ඒම ප්‍රදේශයට කඩා වදින වල් අලි වගා බිම් විනාශ කිරීම හේතුවෙන් මෙම මව සහ පුතු පැලකට වී වගා බිම ආරක්ෂා කර ගැනීම නිරන්තරයෙන් සිදු කරන බව ගම්වාසීහු කියති.

දැනට පාසල් අධ්‍යාපනය ලබන තම පුතු තනිමය නිවසේ තබා යෑමට නොහැකි නිසා එම දරුවාද රැගෙන පැල් රකින්නට යන මෙම මව දරුවාගේ අධ්‍යාපන කටයුතුවල පහසුව සඳහා නිවසේ සිට විදුලි රැහන මගින් ඇද තිබූ බව පවුලේ ඥාතීහු කියති.

ඒ් හේතුවෙන් ඇය නිවසේ සිට පැලට ආනාරක්ෂිත ලෙස විදුලි රැහැනක් ඇදගෙන ඇති අතර පසුගියදා ඒම විදුලි රැහැන මොවුන් දෙදෙනාගේ ඇඟමතට කඩා වැටීමෙන් අනතුරුව පැල වටා ඇද තිබූ සාරි සහ ඉටි රෙදි ද ගිණිගෙන ඇත. තවද මෙම පැලේ අලි වෙඩිද තිබී ඇති බව පොලිසිය සිදු කළ මූලික පරික්ෂණවලදී අණාවරණය වී ඇත.

 



අදහස් (6)

විදුලි රැහැනෙන් ආ මාරයා මවත් පුතාත් බිලි ගනී

asanka Sunday, 20 June 2021 04:01 PM

ඇයි මේ දුප්පත් ගොවීන් විදින දුක කාටවත් පෙනෙන්නේ නැත්තේ? මේ සියල්ල වල් අලි වුවදුර නිසයි. ගම් වදින වල් අලින්ට වෙඩි තැබිය යුතුයි...

:       36       11

මුණසිංහMonday, 21 June 2021 02:13 PM

මේ කතාව හරි... තුවාලේ තියෙන මිනිහා තමයි වේදනාව දන්නේ.... මෙතන ඩිස්ලයික් දාපු අය මේ ප්‍රදේශවලට ගිහිල්ලා දවස් 05ක් නැවතිලා බැලුවොත් තේරෙයි.., ගොවීන්ට තුවක්කු දීම තමයි කළ යුත්තේ කියලා.

:       0       0

fairoos Sunday, 20 June 2021 04:04 PM

ඉතාම කණගාටුදායකයි....!!!

:       2       14

ganegoda Sunday, 20 June 2021 05:38 PM

සත්තුන්ගේ පහර කෑමට ලක්වී මරණයට පත්වීම සහ සත්තුන්ට අටවන මේ උගුල්වලට අහුවෙලා මරණයට පත්වීමේ වෙනස කුමක්ද?

:       5       0

සුදත් ශ්‍රී Sunday, 20 June 2021 05:46 PM

මට පේන්නේ මේ පැලට කවුරු හරි ගිනි තිබ්බා වගේ....

:       0       3

ලුම්බිණි Monday, 21 June 2021 04:41 AM

විදුලි රැහැන ඇද ඇත්තේ වන සතුන්ගෙන් ආරක්ෂාවටද නැත්නම් පැලට විදුලිය ලබා ගැනීමටද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

දියත

වාසයට හොඳම රට ශ්‍රී ලංකාව
2025 මාර්තු මස 12 743 0

දූවා දරුවන් සමග පදිංචි වීමට ලෝකයේ සුදුසුම රටවල් 10 අතර පළමු ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව ඇත.


‘‘පක්ෂ සංවිධායකවරුන්ට මේ වසර සුවිශේෂයි‘‘
2025 මාර්තු මස 12 170 0

මේ වසරේදී එක්සත් ජාතික පක්ෂ සංවිධායකවරුනට සුවිශේෂී වැඩ කොටසක් පැවරෙන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ආසන සංවිධායකවර


හමුදාවෙන් පැන්න 20ක් මහනුවරින් අල්ලයි
2025 මාර්තු මස 12 186 0

යුද හමුදාවේ සේවයෙන් පැන මහනුවර විවිධ පොලිස් වසම් තුළ රැඳී සිටිමින් විවිධ රැකියාවන්හී යෙදී සිටි හමුදා භටයන් විස්සක් අත්අඩංගුවට ගෙන යුද හමුදා පොලීසියට


එක්ව තරඟ කරන තීරණය ගන්න සජබෙට කාලයක් දෙයි
2025 මාර්තු මස 12 386 0

කොළඹ මහ නගර සභාවට එක්සත් ජාතික පක්ෂය සමඟ එක්ව තරඟ කිරීම සඳහා සමගි ජන බලවේගයට ලබන 20 වැනිදා තෙක් කල් ලබා දීමට එජාපය තීරණය කර තිබේ.


අපූරේ රෝහලේ ආරක්ෂාව සැලසීම පැහැර හැරලා
2025 මාර්තු මස 12 688 0

වෛද්‍යවරියකට ලිංගික හිංසන සිදුවූ අනුරාධපුර ශික්ෂණ රෝහලේ මෙයට පෙරද යම් යම් අපරාධ ක්‍රියා සිදුවී තිබුණද රෝහලේ වැඩ බලන අධ්‍යක්ෂවරයා ඒවා මැඩ පැවැත්වීම


නගර සැලසුම් අනුමත කිරීම ඔන්ලයින් වෙයි
2025 මාර්තු මස 12 294 0

ජනාධිපති අනුර කුමාර දිසානානයක මහතා සහ නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරින් අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (12) පැවැත්විණි.


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 151 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 375 0
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 222 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site