IMG-LOGO

2025 පෙබරවාරි මස 06 වන බ්‍රහස්පතින්දා


විදේශගත ශ්‍රමිකයන් ගේ පහසුකම් සොයා බලයි

(විනීතා එම් ගමගේ)
 
 විදේශ රටවල දූත මණ්ඩලයන්හි කම්කරු සුබසාධන අංශ සමඟ ඍජුව සම්බන්ධවෙමින් එම රටවල  ශ්‍රමිකයන් පිළිබඳ සොයා බැලීමට ශ්‍රී ලංකා විදේශසේවා නියුක්ති කාර්යංශය පියවර ගෙන තිබේ.
  
දූත මණ්ඩල 16 ක කම්කරු සුබසාධන අංශ වෙත කාර්යංශය දන්වා ඇත්තේ කම්කරු සුබසාධන අරමුදලේ මුදල් වියදම් කර සහන සලසන ලෙසය.
 
 එම අරමුදලට අමතරව කාර්යංශය මගින්ද එකී දූත මණ්ඩල වෙත රුපියල් ලක්ෂ අසූවක් යවා තිබේ.
 
 කුවේට,ඩුබායි,අබුඩාබි,සිංගප්පූරුව , ජෝර්දානය බහරේන්, සයිප්‍රස්,ඊශ්‍රායල් , ජෙඩා,රියාද්, මැලේසියා , ඕමාන්, මාලදිනයින, කටාර්, දකුණු කොරියාව හා ලෙබනනය යන රටවල පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාල හෝ කොන්සල් කාර්යාල වෙත මෙම උපදෙස් යැවූ බව ශ්‍රී ලංකා විදේශසේවා නියුක්ති කාර්යංශයේ සභාපති කමල් රත්වත්තේ මහතා පැවැසීය. 
 
සහන සැලසීමේදී නීතිමය තත්ත්වයන්  පිළිබඳ සැලකීමකින් තොරව සියලු ශ්‍රී ලාංකිකයන් වෙත එකසේ කටයුතු කරන ලෙස ද උපදෙස්දුන් බව සභාපතිවරයා පැවසීය.



අදහස් (9)

විදේශගත ශ්‍රමිකයන් ගේ පහසුකම් සොයා බලයි

චමිල Tuesday, 14 April 2020 12:59 PM

ලංකාවෙන් යනකොට සල්ලි ගසාකන්න හදපු ආයතනයක් විතරයි ඕක. අපි අමාරුවෙන් රස්සාවක් හොයා ගත්තම, අතේ තියන ගානත් ඇමැතිලාට වාහන ගන්න අපෙන් හූරා කනවා...

:       0       0

mihira Tuesday, 14 April 2020 01:33 PM

පට්ට බොරු. මේ කිසිදෙයක් නෑ මිනිස්සු අනාතයි. ඒ අයගෙන් ගරන්න ගියා නෝණ්ඩිවෙලා ඒක වහගන්න මේ හදන්නේ.

:       21       300

SirisenaTuesday, 14 April 2020 10:31 PM

ඔබ හරි, මෙම article එක දැක්ක වෙලේ මට ඇති වුනේ ලාංකිකයෙක් වෙලා ඉපදුනේ බොහොම අවාසනාවකට කියා සිතෙන්නේ. ඩුබායි වල තියන එම්බසි එකට කෝල් කළා කව්රුවත් ෆෝන් එක උස්සන්නේ නැහැ.. තව කොහෙද සහන දෙන්නේ..? අපි මෙහෙම මැරෙනවා... අයෙවත් ඔයවගේ බොරු කියන හොරු ඉන්න රටක නොඉපදෙවා..!!!

:       0       0

sena Tuesday, 14 April 2020 03:35 PM

මොකක් හරි ගෝනි සෙල්ලමක්.. මොනවද දීපු සහන ඔය කියන මුදලින්...

:       0       0

Fernando Tuesday, 14 April 2020 06:18 PM

මැද පෙරදිග ඉන්න අය ලොකු අනතුරක ඉන්නේ. මේ අය අසනීප වුණොත් ප්‍රතිකාරයක්වත් ලැබෙයිද කියලා සැකයි. මේ රටවල් විදේශික ශ්‍රමිකයන් නොසලකා හරින බවක් තමයි පේන්න තියෙන්නේ. රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීමක් අවශ්‍යයි. සාක් රාජ්‍ය නායකයින් වහාම මේ පිළිබඳව පියවරක් ගත යුතුයි.

:       0       0

Amila Wijesinghe Tuesday, 14 April 2020 06:38 PM

සමහරක් පොඩි ජොබ් කරන මිනිස්සුන්ට පඩි නෑ.. කන්න නෑ. මිනිස්සු නොමැරී විඳවනවා. ලංකාවේ විතරක් නෙමෙයි..., වෙන ජාතීන් පවා ඉන්නවා.

:       0       0

මංජුල Wednesday, 15 April 2020 12:07 AM

ලක්ෂ 80 කට්ටියම බෙදාගන්න ඇති... අපි ගැන හොයනවා තියා එම්බසියෙ කවුරුවත් එම්බසිය තියන තැනවත් හොයාගන්න නැහැනේ.. මම ඉන්නේ ලෙබනන්වල..

:       0       0

priya Wednesday, 15 April 2020 03:31 AM

කම්කරු සුබසාධන අරමුදලේ මුදල් වියදම් කරන එක නෙමෙයි ප්‍රශ්නේ.... ඒවා හරියට වියදම් වෙනවද? මගදි වෙන දේවල්වලට යනවද කියලා විනිවිද භාවයකින් යුතුව කරන එකයි...

:       0       0

de silva Wednesday, 15 April 2020 12:37 PM

මේකත් අර ජංගම අලෙවි රථ වගේ බොරුවක්ද කොහෙද ? පුළුවන් කෙනෙකු අපා දුක් විඳලා හරි පන බේරාගෙන ඒවි. බැරි පුද්ගලයන් මැරේවි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

සරසවි හයක කොට උඩ ගිය ඉදිකිරීම් යළි අරඹයි
2025 පෙබරවාරි මස 05 87 0

මොරටුව, පේරාදෙණිය, බෞද්ධ හා පාලි, සඛරගමුව, කැලණිය සහ ශ්‍රී ජයවර්ධනපුර යන විශ්ව විද්‍යාල වල අතරමග නවත්වනු ලැබ ඇති ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට කැබිනට්


ඇමැති සී.බී. කෝටි 25 සුජීවට ගෙවන්න වෙයි
2025 පෙබරවාරි මස 05 855 1

‘ෆුට් නෝට්’ කල්ලියේ සාමාජිකයකු බව පැවසීමෙන් සමගි ජනබලවේගය පක්‍ෂයේ මන්ත්‍රී සුජීව සේනසිංහ මහතාට අපහාසයක් වී ඇතැයි තීරණය කළ ගල්කිස්ස දිසා විනිසුරු ඩී.


රාජ්‍ය සේවා නීති රීති සරල කරයි
2025 පෙබරවාරි මස 05 773 1

රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මන්නාරම රෝහලට ඉන්දියාවෙන් අත හිත
2025 පෙබරවාරි මස 05 222 0

මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සෞඛ්‍ය සංවර්ධනයට ලැබුණු එක්කෝටි පනස් ලක්ෂයක් වතුරේ
2025 පෙබරවාරි මස 05 219 0

ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති


බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයේ හිටපු සෙබළකු රටින් පනින්න හොර ලේඛන හදාගෙන
2025 පෙබරවාරි මස 05 870 0

බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 92 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 776 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 746 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site