(තිළිණි ද සිල්වා)
කොළඹ නගරයේ හෝටල් වලට විදේශීය සංචාරකයින් පැමිණීම සීඝ්‍රයෙන් පහළ ගොස් ඇතැයි සංචාරක හෝටල් ක්ෂේත්‍රයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙරට පැතිරයන කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් මේ දිනවල කොළඹ ප්‍රධාන පෙළේ හෝටල් කිහිපයකටම සංචාරකයින් නොමැතිවීම හේතුවෙන් එම හෝටල් පවත්වා ගෙන යෑමේ අසීරුතාවයන් මතුවී ඇතැයි සංචාරක හෝටල් ආරංචි මාර්ග සඳහන් කර සිටී.
ඒ අනුව වෙනදා දිනකට සංචාරකයින් 100 කට වැඩි පිරිසක් පැමිණෙන කොළඹ නගර සීමාවේ පිහිටි සුපිරි හෝටල් වලට සංචාරකයින්ගේ පැමිණීම 20 ක් දක්වා අඩු වී තිබේ.
කොළඹ නගරයේ පිහිටි කාමර 500 කින් යුතු සංචාරක හෝටල් වලටම සංචාරකයින් සිටිනුයේ සියයට 20 ක් වැනි සුළු ප්‍රමාණයක් යැයිද එම ආංරචි මාර්ග සඳහන් කරයි.
පාස්කු ප්‍රහාරයට වඩා මෙම වසංගත තත්ත්වය හේතුවෙන් සංචාරකයින්ගේ පැමිණීම පහළ වැටී ඇති බවත් සංචාරක ක්ෂේත්‍රයේ නියුතු වූවන් පෙන්වා දෙති.
මෙම වසංගතය හේතුවෙන් ලෝක සංචාරක කර්මාන්තය ද කඩා වැටීමකට ලක්වී ඇති බවත් එම තත්ත්වය ලංකාවේ සංචාරක කර්මාන්තයට ද බලපා ඇති බවත් සංචාරක කර්මාන්තයේ නිරත සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයෝ තමන්ට සහන සලසන ලෙස රජයෙන් ඉල්ලීමක් කර ඇති බවත් සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා කීය.
ඒ යටතේ ක්ෂේත්‍රයේ නිරත වූවන්ට සහන ලබා දීම සදහා ඉදිරියේදී කැබිනට් මණ්ඩලය සමඟ සාකච්ඡා කරන බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා කීය.
පෙබරවාරි මාසයේ දී විදෙස් සංචාරකයින් මෙරටට පැමිණීම සියයට 17.7 කින් අඩු වූ බව ශ්‍රී ලංකා සංචාරක අධිකාරිය පැවසීය.
අනුරාධපුර වෛද්‍යවරිය අතවරයට ලක් කළ සැකකරු මීට සුළු වේලාවකට පෙර ගල්නෑවේ දී අත්අඩංගුවට ගත් බව ගල්නෑව පොලිසිය පවසයි.
පොළොන්නරුව වැලිකන්ද ත්‍රිකෝණමඩුව රක්ෂිතයට නීති විරෝධී අන්දමින් ඇතුළු වූයේ යැයි චෝදනා ලැබ සිටි චූදිතයන් හය දෙනකුට එක් අයකුට රුපියල් 4,50,000 හතර බැඟින් චූ
උතුරු, උතුරු - මැද, නැගෙනහිර, ඌව සහ දකුණු පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කීපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
පාකිස්තානයට අයත් බලුකිස්තාන ප්‍රාන්තයේ බලොච් විමුක්තිකාමී බෙදුම්වාදී සටන්කාමීහු පිරිසක්, මගීන් 100 කට වැඩි පිරිසක් සමඟ මගී දුම්රියක් පැහැර ගත්හ.
රිලව් වඳුරන් වැනි වගා හානි කරන සතුන් දූපතකට හෝ ගෙන ගොස් දමා දානය දෙනවා වගේ දිනපතා කෑම දෙන වැඩපිළිවෙළකට යා යුතුව ඇතැයි වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය ඇමති න
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
විදේශීය සංචාරකයින්ගේ පැමිණීමේ අඩුවක්
රවින් Thursday, 19 March 2020 11:13 PM
ඇමතිගේ ප්‍රචාරණ පෝස්ටරයක් නේද මේ .
Anton Austria Friday, 20 March 2020 06:55 AM
ඉල්ලුවනම් හෝටල් හිමියෝ වැරදි, කොරෝනා හැදුනත් කමක්නෑ මෙයාලට ඕන සල්ලි.