(තිළිණි ද සිල්වා )
සංවර්ධන ආධාර ඇතුළු ද්වි පාර්ශ්වික සහයෝගීතාව වැඩිදියුණු කළ හැකි ක්‍රම හා මෙරට සංහිදියා යාන්ත්‍රණයේ ඇති ප්‍රගතිය සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙරට අමෙරිකානු තනාපතිවරිය සහ යුරෝපා සංගම් තනාපතිවරුන් වෙන වෙනම හමුවී සාකච්ඡා කළ බව විදේශ කටයුතු අමාත්‍යාංශය කියා සිටී.
ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි ඇලයිනා බීග ටෙප්ලිට්ස් මහත්මිය සමග විදේශ අමාත්‍යාංශයේ පැවති හමුවේ දී ජනාධිපතිවරයාගේ මඟපෙන්වීම යටතේ රට තුළ සිදුවන ධානාත්මක වර්ධනයන් පිළිබඳ අමාත්‍යවරයා විසින් තානාපතිවරිය දැනුවත්කර ඇති බව වාර්තා වේ.
සංවර්ධන ආධාර ඇතුළු ද්වි පාර්ශ්වික සහයෝගීතාව වැඩිදියුණු කළහැකි ක්‍රම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා වී තිබේ.
යුරෝපා සංගමයේ ජ්‍යෙෂ්ඨ රාජ්‍යතාන්ත්‍රික නියෝජිත පිරිස හමුවූ විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ශ්‍රී ලංකාවේ දේශපාලන හා ආර්ථික වර්ධනය පිළිබඳව ඔවුන් දැනුවත් කළ බවද විදේශ අමාත්‍යාංශය පැවසීය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ප්‍රජාතන්ත්‍රවාදී ආයතන ශක්තිමත් කිරීම සහ සංහිඳියා යාන්ත්‍රණයන් ක්‍රියාත්මක කිරීමට අදාළ ප්‍රගතිය ඇතුළු අඛණ්ඩ ක්‍රියාවලීන් පිළිබඳව ද අමාත්‍යවරයා එම තානාපතිවරුන් දැනුවත්කර තිබේ.
මෙම හමුවට ප්‍රංශයල ඉතාලිය, රුමේනියාව, ජර්මනිය, නෙදර්ලන්තය ඇතුළු යුරෝපා සංගමයට අයත් රටවල තනාපතිවරුන් හා දූත කාර්යාලවල නියෝජ්‍ය ප්‍රධානීන් සහභාගී වු බව විදේශ අමාත්‍යාංශය වැඩිදුරටත් කීය.
රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති
බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි
පාර්ලිමේන්තු සංකීර්ණයේ ජයන්තිපුර සහ පින්නියර ආරක්ෂක ගොඩනැගිලිවල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමෙන් පාලනාධිකාරිය ප
විජය පුවත්පත් සමාගමට රුපියල් කෝටි තුනකට අධික වංචාවක් කළැයි කියන දැන්වීම් බාර ගැනීමේ ආයතනයක හිමිකරුවකු බව කියන නලින් ප්‍රසාද් පෙරේරා නැමැත්තා දුටු තැ
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
විදේශ ඇමති හා තානාපතිවරුන් හමුවක්