(යොහාන් භාසුර)
සම්භාහන මධ්‍යස්ථානවල රැකියා ලබාදෙන බව පවසමින් ඉන්දුනීසියානු ජාතික සුරූපී කාන්තාවන් පස් දෙනෙක් මෙරටට ගෙන්වා බලහත්කාරයෙන් ගණිකා වෘත්තියේ යෙදවීමේ චෝදනාවට ගල්කිස්ස ප්‍රදේශයේ පුද්ගලයෙක් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ මිනිස් වෙළෙදාම්, මිනිස් ජාවාරම් සහ සමුද්‍රි අපරාධ විමර්ශන කොට්ඨාසය අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගෙන සිටින 41 හැවිරිදි එම පුද්ගලයා දීර්ඝ කාලයත් තිස්සසේ මෙම ජාවාරම කරගෙන ගොස් ඇති බව කී පොලිසිය එම සුරූපි ඉන්දුනිසියානු කාන්තාවන් රුපියල් 25,000 ක් වැනි ඉහළ මිලට ගණිකා වෘත්තියේ යොදවා ඇති බව ද සඳහන් කළේය.
එම ඉන්දුනීසියානු කාන්තාවන්ගේ විදේශ ගමන් බලපත්‍ර ඔහු භාරයේ තබාගෙන ජාවාරම කරගෙන ගොස් ඇති බව කී පොලිසිය පැවසුවේ වලාන දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් ගල්කිස්ස ප්‍රදේශයේ ගණිකා නිවාසයක් වැටලීමෙන් පසුව එම කාන්තාවන් පිළිබඳව හෙළි වී ඇති බවත්ය.
ආරක්‍ෂක අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන මිනිස් ජාවාරම් සහ මිනිස් වෙළදාම වැටලීමේ විශේෂ කාර්ය සාධක බලකාය මෙම කාන්තාවන් පිළිබඳව සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශනය අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට යොමු කර තිබේ.
අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ මිනිස් වෙළෙදාම්, මිනිස් ජාවාරම් සහ සමුද්‍රි අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩබ්ලිව්. එම්. සමරකෝන් මහතාගේ උපදෙස් අනුව එම කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක සුගත් සමරසිංහ මහතා ප්‍රමුඛ කණ්ඩායමක් මෙම වමර්ශනය ක්‍රියාත්මක කරයි.
බුස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ හිටපු බන්ධනාගාර අධිකාරි සිරිදත් ධම්මික මහතා ඝාතනය කිරිමට ඝාතකයන් පැමිණි බවට සැලකෙන යතුරුපැදි දෙකක් යක්කලමුල්ල තල්ගහව
හෘද සැත්කම් සඳහා වූ ඖෂධයක් වර්තමානයේ රුපියල් 372 කට මිලදී ගත්ත ද පසුගිය සමයේදී ආනයනය කර ඇත්තේ රුපියල් 72000කට බව කෝප් කමිටුවේදී අද අනාවරණය විය.
වැලිවේරිිය අරලියගස් හන්දිය ප්‍රදේශයේ දී නාඳුනන තුවක්කු කරුවකු සිදු කළ වෙඩි තැබීමකින් මෝටර් රථයක ගමන් කළ අයකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි
මහනුවර ප්‍රධාන පෙළේ පිරිමි පාසලක සිසුන් පිරිසක් විසින් කෘතිම බුද්ධිය භාවිතා කරමින් එම විදුහලේ තරුණ ගුරුවරියකගේ නිරුවත් ඡායාරූප නිර්මාණය කිරීමේ සිද
සීදුව වෑත්තෑව නන්දාරාම විහාරාධිපතිව නැදගමුවේ මහනාම හිමිගේ ගෙල අඳන පටියෙන් සිරකර ඝාතනය කිරීමේ සිද්ධියට ඩුබායි රාජ්‍යයේ සිට වට්සැප් තාක්ෂණය ඔස්සේ කු
අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ ඉදිවෙමින් පවතින සිවු මහල් ගොඩනැගිල්ලක ටයිල් කැට තොගයක් සොරකම් කර රැගෙන යමින් සිටි රෝහල් සේවකයකු ඇතුළු පස් දෙනෙක් රෝහලේ ආරක්ෂ
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
විදෙස් කතුන් පහක් බලෙන් පැරණි වෘත්තියේ යෙද වූ අයෙක් මාට්ටු