IMG-LOGO

2025 මාර්තු මස 13 වන බ්‍රහස්පතින්දා


‘‘විධායකයේ බලය තිබුණට ව්‍යවස්ථාදායකයේ බලය තවම නෑ‘‘

(පාලිත ආරියවංශ)

විධායක බලය තිබුණත් ව්‍යවස්ථාදායකයේ බලය තවම  තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂය සතුව බව අධිකරණ ව්‍යවස්ථා සම්පාදාන සහ පුනරුත්තාපන ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා අද (02) පැවසීය.

ඒ මහතා මේ බව සඳහන් කළේ  “ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ රජය ශක්තිමත් කරමු‘‘ යන මැයෙන් සංවිධානය කර තිබූ සම්මන්ත්‍රණයකදීය.

ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබාදුන් බලය පූර්ණ බලයක් බවට පත්කිරීම සඳහා එළඹෙන මහමැතිවරණයේදී තුනෙන්  දෙකක බලයක් සහිත පාර්ලිමේන්තුවක් අපි ලබාදිය යුතු යැයිද ඒ මහතා එහිදී පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේද පැවසීය

       ‘‘19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අපි බොහොම සත්භාවයෙන්  උදව් කළා නමුත් එතුළින් මෙරට රාජ්‍ය පාලනයේ අවුල්සහගත තත්ත්වයක් ඇතිවී තිබෙනවා.

අපි හිතුවා ස්වාධීන කොමිසන් සභා අවාම ඒවා තුළින් රටට ශක්තියක් ලැබෙයි කියලා.දැන් මේ වෙලා තියෙන දේවල් දිහා බලනකොට ස්වාධීන කොමිසන් සභාවලින් අප බලාපොරොත්තු වූ ප්‍රතිපල ලැබී නැති බව පැහැදිලියි.

මේ රටට ගැලපෙන රටේ ජනතාවගේ අපේක්ෂා ඉටුකිරීමට අවශ්‍ය බලතල සහිත පාර්ලිමේන්තුවක් ලබාදිය යුතුයි.

දැන් ජනතාව රැකියා ඉල්ලනවා , සංවර්ධනය ඉල්ලනවා නමුත් අපිට අවශ්‍ය අයවැය ලේඛනය සම්මත කරගන්නේ නැතිව ඒවා දෙන්න බැහැ.

අප්‍රේල් මාසයේ පාර්ලිමේන්තුව විසුරුවාලා මැයි මාසය වනවිට පාර්ලිමේන්තුව පවත්වා තමුන්නාන්සේලාගේ ආශීර්වාදයෙන් ශක්තිමත් ආණ්ඩවක් පිහිටුවා ඒ වාට පිළිතුරු ලබාදිය හැකි‘‘ බවද ඇමතිවරයා පැවසීය.



අදහස් (15)

‘‘විධායකයේ බලය තිබුණට ව්‍යවස්ථාදායකයේ බලය තවම නෑ‘‘

විපරමා Sunday, 02 February 2020 05:53 PM

තුනෙන් දෙකේ බලය ගත්තට පස්සේ මෙයාලා මොනවා කරයි ද ? ඒ කාලේ කරපුවා අපිට අමතක නැහැ.

:       0       75

lanka Sunday, 02 February 2020 08:29 PM

තරහ වෙන්න එපා 2/3 නම් දෙන්නේ නැහැ.බලය ගැන එච්චර හිතන්න එපා. හරිදේ කරනවා නම් ඔය ඔබතුමා හිතන තරම් ආසන ඕනෙත් නැහැ. හරි තීරණයක් අරන් ඉදිරිපත් කළොත් අනිත් අයත් නිකම්ම එක සම්මත කරන්න ඡන්දෙ දෙයි. මට මතකයි අපේ රටේ ජනතාව පාස්කු බොම්බේ වෙලාවේ කිවුවා අපිට 225 ම එපා කියලා. නමුත් දැන් ඒවා අමතකයි. ඒක දන්න ඔබ දැන් තුනෙන් දෙකක්ම ඉල්ලන එකයි ලෝක පුදුමේ.

:       1       40

DhammikaMonday, 03 February 2020 10:55 AM

හරි තීරණයක් අරන් ඉදිරිපත් කළොත් අනිත් අයත් නිකම්ම එ්ක සම්මත කරනවා. ඔහෙට පිස්සුද? හැටිද? අර 3% කට්ටිය දැක්කනේ පහුගිය කාලේ චීනයේ හිටි අපේ ළමයි ගෙනාවත් වැරදියි, නොගෙනාවත් වැරදියි. ඔය කියන විදියට විපක්ෂය උදව් කරන්නේ නැහැ හරි හෝ වැරැදි දේට, ඒ නිසා 2/3 අවශ්‍යයි...

:       1       0

Ajith NissankaMonday, 03 February 2020 03:51 PM

අනේ ඔව් 2/3ක් දීල දාන්න! අර එයාර් ලංකා එක ගොඩ දැම්මා වගේ ජනතාවගේ සම්පත් නියමෙට ගොඩ දමාවි... !

:       0       1

Dr2 Sunday, 02 February 2020 09:45 PM

හරි සර් දෙන්නම් 2/3 නේද ? දෙන්න තමා මේ බලාගෙන ඉන්නේ. තව මොනාද සර් අපෙන් වෙන්න ඕනි ?

:       0       11

ranjith Monday, 03 February 2020 12:06 AM

ජනතාවට උපරිම සේවය කරලා පෙන්වන්න.

:       0       28

Perera Monday, 03 February 2020 01:49 AM

ඔන්න ඔහේ ඔය ඉල්ලන 2/3 බලය දීල දාන්න. ලංකාව සිංගප්පූරුවක් කරලා දියුණු කරලා ගනීවි අයියා මලෝ ඩබලයි වටේ ඉන්න ගෝල බාලයෝ සෙට් එකයි.

:       0       3

thiththa Monday, 03 February 2020 01:51 AM

වතු කම්කරු වැටුප, පත්වීම් මේ සියල්ල මාර්තු 1 සිටලු. ඡන්දෙට කඩේ යනවා. එක්කෝ කෙලින් කියනවනම් කමක් නෑ මම මේ ඔක්කොම දෙන්නේ මහ මැතිවරණෙන් පස්සේ කියලා. පොඩි මිනිහට කන්න නෑ හාල් සීයයි. ඒකට ආණ්ඩුව මොකුත් කරන්නේ නෑ බයේ. දැන් ප්‍රශ්නේ වෙලා තියෙන්නේ 3/2.ඒක ගන්න ආන්ඩුව උමතුවෙන් සෙල්ලම් කරන්නේ. දැන්වත් ජවිපෙට සල්ලි දීලා මේ සෙල්ලම නතර කරමු. වැත්නම් 2025 වෙනකල් හූල්ල හූල්ල තමා ඉන්න වෙන්නේ.

:       0       0

denin Monday, 03 February 2020 02:51 AM

අයවැයක් සම්මතකරගන්න අයවැයක් ගෙන්න ඕන නේද ? සජිතුත් කිවා නේද හොඳ දේවල්වලට සහය දෙනවා කියා. අපි දැන් 2015 සිටම ආණ්ඩුව ගන්න දැඟලුව. අපිට සැලසුම් තියෙන්න ඕන නේද. අපිට ජනාධිපතිවරණයෙන් පසු අසන්ට දකින්න ලැබෙන්නේ ඇමතිවරු රැස්වීම් ඇමතීම පමණයි. සමහරු කියනවා දැන් ඉන්න මන්තිවරු 225ම වැඩක් නැහැ කියා. දැන් හොඳට හිත බලන්න චන්ද්‍රික මහත්මියගේ කාලයේ සිට ඇමතිකම් දරමින් යහපාලනයේත් ඇමතිකම් දරමින් දැන් අවුරුදු 25ක් එකදිගට ඇමතිකම් කරපු අය කැබිනෙට් එකේ සිටිනවා. 2/3 බලයත් කාලයක් තිබුන .දැන් සමහරු තේරුම් අරගෙන අලුත් ජනාධිපතිතුමාට හොඳ මොළ තියෙන අලුත් කණ්ඩායමක් අවශ්‍ය බව රටට වැඩ කිරීමට .ඔය කට්ටියම නැවත පත්කරගත්තොත් ඊළඟ අවුරුද 5 වෙනකොට ජනතාවට නැවතත් ආණ්ඩුව එපාවෙලා. ඒ නිසා සෑම මැතිවරණ කොට්ටසයකටම අලුත් මුණු ඉදිරිපත්කල යුතුයි.

:       1       13

de Monday, 03 February 2020 03:12 AM

බලාගෙන ඉන්න 2/3 බලය හම්බ වෙයි.

:       2       14

නිලන්ති Monday, 03 February 2020 04:14 AM

එහෙමනම් දැනට රජය කරන්නේ ඇමතිකම් කරන්නේ බලය නැති පිරිසක්ද.

:       2       13

Champa Monday, 03 February 2020 04:54 AM

මිනිස්සුන්ට රස්සා දෙන්නයි රට සංවර්ධනය කරන්නයි පාර්ලිමේන්තු බලය අවශ්‍ය නැහැ. ජනාධිපති ඉන්නවා රාජ්‍ය සේවය තියෙනවා. ඔය දෙකෙන් විතරක් පුළුවන් රැකියා ව්‍යපෘති සහ රට සංවර්ධනය කරන්න. රැකියා කියන්නේ අඩු ආදායම්ලාභින්ට කම්කරු රැකියා දෙන එක නෙමෙයි. එහෙම කරන්නේ ධනවාදී ක්‍රමය අනුව. ඒ කියන්නේ දුප්පතා හැමදාම දුප්පත්ව තියලා පොහොසතා පොහොසත් කරන ආර්ථික ක්‍රමය. මෙතන තියෙන ප්‍රශ්නේ පාර්ලිමේන්තු බලය නැතිකම නෙමෙයි, කිසිම විදිහක වැඩ පිළිවෙලක් නැති එක. වහල් ආණ්ඩුව වගේමයි. රටේ ජනාධිපති වෙන්න තිබ්බ ඕනෙකම මිසක් රටේ ප්‍රශ්න විසඳන්න කිසිම ප්‍රතිපත්තියක් හදාගෙන තිබ්බේ නැහැ. උදාහරණයක් විදිහට ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තියෙන කිසි දෙයකට සල්ලි හොයා ගන්නේ කොහොමද කියලා මම නම් කොහෙවත් දැක්කේ නැහැ. පොතේ ගුරාලාට ඕනේ තරම් ප්‍රතිපත්ති ප්‍රකාශ හදන්න පුළුවන්. නමුත් ප්‍රයෝගික දැනුම නැති හින්ද එක්කෝ ණය අරන්, නැත්නම් ආයෝජන කියල රටේ හොඳම ඉඩම් ටික විකුණලා, ඒත් නැත්නම් රට පාවා දෙන ගිවිසුම් ගහල තමයි සල්ලි හොයා ගන්න හදන්නේ. කලින් ජනාධිපතියි ආණ්ඩුවයි වගේමයි . කිසි වෙනසක් නැහැ. මිනිස්සු නිකම් රැවටුනා.

:       2       2

Hafeel Monday, 03 February 2020 05:00 AM

ඔයා පාර්ලිමේන්තුවේදී සහ අනිකුත් උත්සවවලදී හෝ වේවා හැම වෙලාවම නිදි නේ. ඉතින් කොහොමද ඔයාට 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ අන්තර්ගතවූ දේවල් තේරන්නේ.

:       1       9

jvp Monday, 03 February 2020 07:00 AM

හොදම විකල්පය ජවිපේ. මේ පාර ජවිපෙට ඡන්දේ දෙන්න කොල්ලනේ.

:       0       0

ajith Monday, 03 February 2020 10:21 AM

2/3 නැතුව රටේ ඉඩම්ටික විදේශවලට හොරපාරෙන් විකුණනවා නම්, පිදුරුතලාගල කන්දෙන් අක්කර 300ක් විකුණන්න හදනවා නම්, වැටුප් වැඩිවීම් නතර කරනවා නම්, සහල් මිල වැඩිකළා නම්, අනෙකුත් බදුවල මිල වැඩි කළානම් 2/3 තිබ්බොත් කොහොමට හිටීවිද? කෝ අර කරනවා, දෙනවා කියාපුවා එනකම් තමයි ඉන්නේ 2/3 දෙන්න...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

එසැණ පුවත්

රුපියල් 372 හෘද ඖෂධය 72,000ට අරන්?
2025 මාර්තු මස 13 70 0

හෘද සැත්කම් සඳහා වූ ඖෂධයක් වර්තමානයේ රුපියල් 372 කට මිලදී ගත්ත ද පසුගිය සමයේදී ආනයනය කර ඇත්තේ රුපියල් 72000කට බව කෝප් කමිටුවේදී අද අනාවරණය විය.


වැලිවේරියේ වෙඩි තැබීමක්
2025 මාර්තු මස 13 191 0

වැලිවේරිිය අරලියගස් හන්දිය ප්‍රදේශයේ දී නාඳුනන තුවක්කු කරුවකු සිදු කළ වෙඩි තැබීමකින් මෝටර් රථයක ගමන් කළ අයකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි


ගෝලයෝ කෘතිම බුද්ධියෙන් ගුරුවරිය නිරුවත් කරලා
2025 මාර්තු මස 13 760 0

මහනුවර ප්‍රධාන පෙළේ පිරිමි පාසලක සිසුන් පිරිසක් විසින් කෘතිම බුද්ධිය භාවිතා කරමින් එම විදුහලේ තරුණ ගුරුවරියකගේ නිරුවත් ඡායාරූප නිර්මාණය කිරීමේ සිද


නැදගමුවේ මහානාම හිමි ඝාතන සැලැස්මේ කත මාට්ටු
2025 මාර්තු මස 13 781 0

සීදුව වෑත්තෑව නන්දාරාම විහාරාධිපතිව නැදගමුවේ මහනාම හිමිගේ ගෙල අඳන පටියෙන් සිරකර ඝාතනය කිරීමේ සිද්ධියට ඩුබායි රාජ්‍යයේ සිට වට්සැප් තාක්ෂණය ඔස්සේ කු


වෛද්‍යවරියකට කරදර කළ රෝහලේ තවත් මඟඩියක්
2025 මාර්තු මස 13 1045 0

අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ ඉදිවෙමින් පවතින සිවු මහල් ගොඩනැගිල්ලක ටයිල් කැට තොගයක් සොරකම් කර රැගෙන යමින් සිටි රෝහල් සේවකයකු ඇතුළු පස් දෙනෙක් රෝහලේ ආරක්ෂ


‘‘අප හැම තිස්සේම ජනතාව පැත්තේ හිට ගන්නවා‘‘
2025 මාර්තු මස 13 240 0

මෙම රජය කලින් තිබූ රජයන් මෙන් නොව ඕනෑම දෙයක් පිළිබදව සාකච්ඡා කළ හැකියි. නමුත් රෝගීන් ඇපයට තබාගෙන රෝගීන් දුෂ්කරතාවට පත්වන ලෙස කටයුතු කරන්නේ නම් ජනතාවග


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 196 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 454 0
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 241 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site