IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


‘‘විධායක ජනපති ධූරය අහෝසි කරන්න කැපවෙනවා‘‘

(අංජුල මහික වීරරත්න මාලදිවයිනේ සිට)

විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම වෙනුවෙන් තමා තවදුරටත් කැපවී සිටින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මාලදිවයින් පාර්ලිමේන්තුව හෙවත් මහජන මජ්ලිසය අමතමින් අද (03) දින ප්‍රකාශ කළේය.

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීම නිසා ජනාධිපති ධූරය වෙත පැවරී තිබූ අත්තනෝමතික බලතල අඩු කිරීමට හැකියාව ලැබුණු බව පෙන්වා දුන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, එම සංශෝධනය අවශ්‍ය වූයේ මීට පෙර පැවැති ආණ්ඩු විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බරපතළ ලෙස උල්ලංඝනය කිරීම නිසා බව ද පැවසීය.

19 වන සංශෝධනයෙන් පසුව විධායක ජනාධිපතිවරයා සතුව තිබූ බලතල සීමා වී කැබිනට් මණ්ඩලය සහ පාර්ලිමේන්තුව වෙත සමූහික වගකීම පැවරුණු බව ද වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය. 

මාලදිවයිනේ දෙදින නිල සංචාරයක නිරත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (03) පෙරවරුවේ මාලදිවයින් පාර්ලිමේන්තුව ඇමතීම සඳහා පැමිණි අතර එහිදී මාලදිවයින් පාර්ලිමේන්තුවේ කතානායක මොහොමඩ් නෂීඩ් මහතා විසින් ඉතා උණුසුම් ලෙස ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා පිළිගනු ලැබීය.

අනතුරුව මාලදිවයින් පාර්ලිමේන්තු සභා ගර්භය වෙත ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා කැඳවා ගෙන එනු ලැබූ අතර එරට පාර්ලිමේන්තුවේ කතානායක අසුනට සම මට්ටමේ අසුනක් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් පනවා තිබුණි. 

පෙරවරු 9.30 ට පමණ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මාලදිවයින් පාර්ලිමේන්තුව ආමන්ත්‍රණය කළේය.

ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයාගේ මාලදිවයින් පාර්ලිමේන්තු ආගමනය සිහිපත් කරමින් එරට කථානායකවරයා විසින් මාලදිවයින් පාර්ලිමේන්තු ඉතිහාසය ඇතුළත් සමරු ග්‍රන්ථයක් ද වික්‍රමසිංහ මහතා වෙත පිරිනමනු ලැබීය.

මාලදිවයින් පාර්ලිමේන්තුව අමතමින් තවදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින යන දෙරටේම විධායක බලතල පැවරී ඇත්තේ ජනාධිපතිවරයා වෙත වුව ද, ශ්‍රී ලංකා ආණ්ඩුවේ පාලනය සහ ආණ්ඩුවට මඟපෙන්වීම සඳහා බලතල ඇත්තේ ජනාධිපතිවරයා ද ඇතුළත් වන කැබිනට් මණ්ඩලයට බවයි.

පාර්ලිමේන්තුවට සාමූහිකව වගකීමට කැබිනට් මණ්ඩලය බැඳී සිටින බව සඳහන් කළ අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ සහයෝගය ලබා ගැනීමට වැඩි හැකියාවක් ඇති පුද්ගලයා අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කිරීමේ වගකීම ජනාධිපතිවරයා සතු වන බව ද පැවසීය.

ජනාධිපතිවරයා විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා 2018 වසරේ ඔක්තෝබර් මාසයේ දී අග්‍රාමාත්‍ය ධූරයට පත් කරනු ලැබූ බව පෙන්වා දුන් රනිල් වික්‍රමසිංහ මහතා, එසේ වුවද මහින්ද රාජපක්‍ෂ මහතාට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225 දෙනාගෙන් 122 දෙනෙකු විරුද්ධ වූ බවත්, ඒ අවස්ථාවේ දී මහින්ද රාජපක්‍ෂ මහතාට තවදුරටත් අග්‍රාමාත්‍ය ධූරයෙහි කටයුතු කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් පැනවූ බව ද සිහිපත් කළේය.

ඒ අනුව ජනාධිපතිවරයා විසින් අග්‍රාමාත්‍යවරයා වශයෙන් පත් කළ යුත්තේ පාර්ලිමේන්තුවේ වැඩිම සහයෝගය ලබා ගැනීමට හැකියාවක් ඇති පුද්ගලයා බව වැඩිදුරටත් තහවුරු වී යැයි ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මාලදිවයින් පාර්ලිමේන්තු සම්ප්‍රාප්තියට ස්තුතිය පළ කරමින් එරට කථානායක මොහොමඩ් නෂීඩ් මහතා ප්‍රකාශ කළේ දකුණු ආසියානු කලාපයේ වඩාත්ම ස්ථාවර ප්‍රජාතන්ත්‍රවාදයක් ඇත්තේ ශ්‍රී ලංකාවේ බවයි. එසේම ශ්‍රී ලංකාව කිසි විටෙක ප්‍රජාතන්ත්‍රවාදී මාර්ගයෙන් සහ මහජන ඡන්දයෙන් මිස වෙන කිසිඳු අයුරකින් රටේ බලය හුවමාරු කර ගෙන නොමැති බව ද පැවසීය.

(ඡායාරූප:- ප්‍රදීප් පතිරණ)

 

 

 



අදහස් (19)

‘‘විධායක ජනපති ධූරය අහෝසි කරන්න කැපවෙනවා‘‘

සේන Tuesday, 03 September 2019 01:57 PM

ඔව් ඔව්. කැපවෙන්ට එපෑයැ... 19 ගෙනැල්ලා රටම අස්ථාවර කළා. තවත් වෙට්ටුවක් දාලා කවුරු හරි ජනාධිපති කරලා තමන් අගමැති වෙලා රටට පාන්ශුකූලේ දෙන්න වෙන්න ඇති අර අඳින්නේ..

:       246       460

sirimal Tuesday, 03 September 2019 02:28 PM

එහෙම කරන්න ජනාධිපති වෙන්න ඒපායැ. ඒ කියන්නේ තරඟයට ඉදිරිපත්වෙන්නයි අදහස. එතකොට දැන් හුදකලාවම රේස් එකේ භාගයක්ම දුවලා ඉන්න කෙනාගේ තත්වය මොකද්ද?

:       86       111

senaTuesday, 03 September 2019 03:36 PM

සිරිමල්, එයා නිකම් බොරුවට කහිනවා. කොහොමත් දැන් එයාගේ හුලළං බැහැලනේ මෙයා හීන් නූලෙන් වැඩේ දෙනවා ගානට...

:       170       356

WasudewaWednesday, 04 September 2019 06:08 AM

මෙයා මේ විධායක ජනපති ධුරය අහෝසි කරන්න කතා කරනවා. රටට නම් ඕනේ මෙයාව අගමැතිකමෙනුත් අයින් කරලා දේශපාලනයෙනුත් අතුගාලා දාන්න. මොකද එජාපය දැන් ඉවරෙට ඉවරයි...

:       0       230

Hafeel Tuesday, 03 September 2019 03:28 PM

විධායක ජනාධිපති ධුරය අහෝසි කරන බව එහේ කියලා හරියනවද? එ්ක වලංගුද? එළැඹෙන ජනාධිපතිවරණයට පෙර, පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කරමින්, අහෝසි කරන්නකෝ...

:       9       102

isuru Tuesday, 03 September 2019 07:39 PM

හැමෝගෙම බේගල් තැටිය මෙයත් වයනවා...!!!

:       0       0

siri Tuesday, 03 September 2019 08:15 PM

රනිල් මහත්තයෝ, ඔන්න ඔයාගේ තැටිය එක තැන කරකැවෙනවා...

:       0       0

Upul Tuesday, 03 September 2019 09:35 PM

දැන් කාලාන්තරයක් තිස්සේ ඔය මන්තරේ ජප කරකර ඉන්නවා නේද? නිකම් බොරු ප්‍රචාර දොඩවන්නේ නැතිව ඉන්න.

:       0       98

sisira Tuesday, 03 September 2019 10:41 PM

ඒ ඉතින් ලැබුණොත්නේ...

:       1       14

Amila Wednesday, 04 September 2019 02:56 AM

මට බැරි නිසා අහෝසි කරනවා..

:       40       39

Anu Wednesday, 04 September 2019 02:57 AM

මුළු රටම විනාශකලා... ඒ මදිවට ලෝකෙවටේ ගිහින් පුරාජේරු ගහනවා. අද වන විට බොහෝ පුද්ගලික ආයතන ඉතා අමාරුවෙන් ව්‍යාපාර කරගෙන යන්නේ. මිනිසුන්ට දිනෙන් දින ඉහලයන වියදම් දරාගන්න අමාරුයි. එහෙන් බදු වැඩි කරලා. කිසිම අරපරිස්සමක් නෑ.....සොබනේ විතරයි. චන්දගන්න පහත් විදියට රටේ මුදල් නස්තිකරනවා. පුදුම කරුමයක් මේක.. කයියනම් ගහනවා. වැඩ නෑ.

:       100       557

චමින්ද ජයනාත් ජයසූරිය Wednesday, 04 September 2019 04:07 AM

ලැජ්ජ නැද්ද තමන්ගේ රටේ දේවල් අනුන්නගෙ රටකට ගිහින් කියන්න....අඩුම ගනනෙ අපේ රටේ නායකයින්ට ඒ් ඒ් රට වලට ගිහින් කිවයුත්තෙ මොකක්ද....? නොකිවයුත්තෙ මොකක්ද.....? කියලවත් තේරෙන්නෙ නැද්ද....බලන්න වෙන රටක නායකයො තවත් රටකට ගියහම තම රටේ අඩුපාඩු ඒ රටේ තැන් තැන්වල කිය කියා අැවිදිනවද කියල....

:       0       53

සිරිපාල Wednesday, 04 September 2019 04:48 AM

නරියත් මිදි තිත්තයි කිව්වලු...

:       0       1

Indhika Wednesday, 04 September 2019 05:30 AM

ලංකාවේ අභ්‍යන්තර දේවල් මොන කෙහෙල් මලකටද පිටරටවල පාර්ලිමේන්තුවල කියන්නේ? හරියට මළගෙදරක කතාවකට තමන්ගේ මගුල් ගෙදර ප්ලෑන් එක ගැන කතා කරනවා වගේ. දැන් නම් හොඳටම පිස්සු තද වෙලා වගේ.

:       0       164

thushara Wednesday, 04 September 2019 07:41 AM

විධායක ජනාධිපති ධුරය ලංකාවට සුදුසු දෙයක්. මොකද දැන් පාර්ලිමේන්තුව කවලම් වෙලා තියෙන්නේ...

:       0       0

සේනක Wednesday, 04 September 2019 07:43 AM

අගමැතිතුමෝ මොනවා අහෝසි කළත්, සමනලයින්ට කඩේ යන්න තරම් රටේ ජනතාව දැන් ඉතින් මෝඩයෝ නෙමෙයි. සිංහලයින්ගේ රට නැත්තටම නැතිකරලා දැන් එනවා පම්පෝරි ගහන්න. අපිට නම් අවශ්‍ය තමුන්නාන්සේලාගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කරලා රටිනුත් පිටුවහල් කරන්න.

:       0       127

Bandara Wednesday, 04 September 2019 07:50 AM

නැතිව නැතිව ජනාධිපති බලතල අඩුකරලා අගමැති බලතල වැඩි කරලා රට ඉතිරි ටිකත් කන්න තමයි කල්පනාව.

:       0       78

nimal Wednesday, 04 September 2019 09:01 AM

මදැයි අගමැති, ජනාධිපති රට දියුණු කළා. දැන් ඉතින් ජනාධිපති අයින් කරමු. ඔයටත් වඩා දියුණු කළොත් ලෝකෙම බයවෙයි. නේද අගමැතිතුමා..!!!

:       0       0

Delinda Uduwara Wednesday, 04 September 2019 09:57 AM

කෙසේවෙතත් ජනාධිපතිකම අපතේ යනවා. මේ වියදම් දරන්න බැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

දියත

මන්ත්‍රීවරුන්ට වාහන දෙන හැටි නලින්ද කියයි
2025 පෙබරවාරි මස 05 15 0

ජාජබ ආණ්ඩුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වාහන ලබා දෙන්නේ නැතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.


විපක්ෂයේ හැමෝම සජිත්ගේ නිවෙසට
2025 පෙබරවාරි මස 05 92 0

පාර්ලිමේන්තුවේත් ඉන්පිටතත් සාමූහිකව කටයුතු කිරීම වෙනුවෙන් විපක්ෂයේ පක්ෂ අතර එකඟතාවක් ඇති කර ගැනීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත


ලසන්ත ඝාතනය ගැන නීතිපති මතය අධ්‍යනයට
2025 පෙබරවාරි මස 05 339 0

ලසන්ත වික්‍රමතුංග ඝාතනයට සම්බන්ධ සැකකරුවන් සම්බන්ධයෙන් නීතිපතිවරයා දී ඇති තීන්දුව සම්බන්ධයෙන් අධ්‍යයනය කරමින් සිටින බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය


USAID සේවකයන්ට අනිවාර්ය නිවාඩු
2025 පෙබරවාරි මස 05 228 0

ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ ශ්‍රී ලංකා කාර්යාලයට කොන්ත්‍රාත් පදනම මත බඳවා ගනු ලැබූ සේවකයන් හෙට (07) රාත්‍රී 11.59 සිට පඩි සහිත අන


ගම් - නගර එකට සංවර්ධනය කරන්න ව්‍යාපෘතියක්
2025 පෙබරවාරි මස 05 213 0

ඒකාබද්ධ ග්‍රාම - නගර සංවර්ධන සහ දේශගුණික තත්ත්වයන්ට ඔරොත්තු දීමේ ව්‍යාපෘතිය සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සුකර උණෙන් ඌරන් 1600ක් මැරිලා
2025 පෙබරවාරි මස 05 179 0

රටපුරා පැතිරි යමින් ඇති සූකර ඌණට ලක්ව ඌරන් 1600 ක් මේ වන විට මිය ගොස් ඇති බව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තුමේන්තුවේ පුත්තලම දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 88 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 769 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 738 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site