IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


වෙන්නප්පුව ප්‍රා. සබේ මන්ත්‍රිනී තවදුරටත් රිමාන්ඩ්

(ඔගස්ටින් ප්‍රනාන්දු)
 

           

වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රිනී හා ඇගේ සොයුරිය තවදුරටත් ලබන මස 6 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මාරවිල අතිරේක දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් තේමියසිරි පෙරේරා මහතා අද (30) නියෝග කළේය.
 

පසුගිය 19 වන දින ලුනුවිල සිරිගම්පල සිනෝර් හංදියේදි වෙන්නප්පුව පොලිසියේ රථවාහන රාජකාරිවල නිරතව සිටි පොලිස් නිලධාරීන් පිරිසකට බැණ රාජකාරියට බාධා කළැයි කියන සිද්ධියක් සම්බන්දයෙන් මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
 
 මෙසේ රිමාන්ඩ් බන්ධනාගාර ගත කෙරුණේ මන්ත්‍රිනී, සිරිගම්පල තුම්මෝදර පදිංචි වර්ණකුලසුරිය දුලක්ෂි චමෝදරි ප්‍රනාන්දු සහ ඇගේ අක්කා වන වර්ණකුලසුරිය සුපුනි දුලාංජලී ප්‍රනාන්දු  යන දෙනාවය. 
 
 
මන්ත්‍රීවරියගේ පියා හා නැගණිය වන අශෝක් ප්‍රනාන්දු හා වර්නකුලසුරිය නිමාෂා නවාංජලි  ප්‍රනාන්දු රුපියල් ලක්ෂ තුන බැගින් සහතික ඇප මත මුදා හැර තිබුණි. 

 
වෙන්නප්පුව පොලිසිය පැමිණිල්ල මෙහෙයවීය. 



අදහස් (7)

වෙන්නප්පුව ප්‍රා. සබේ මන්ත්‍රිනී තවදුරටත් රිමාන්ඩ්

Sunil Friday, 30 August 2019 09:55 AM

කෙළින්ම හිරේට යවන්න.

:       0       153

Raveendra Friday, 30 August 2019 10:10 AM

මොන පක්ෂේ වුනත් මේ "හරකුන් එළදෙනුන්" දැනගත යුතුයි හොඳ නරක කුමක්ද කියා... හැමදාමත් දේශපාලුවන් නොහොබිනා ලෙස හැසිරෙන්නේ නම් සාමාන්‍ය ජනතාවගෙන් වැදගත් හැසිරීම් බලාපොරොත්තු වන්නේ කෙසේද? ඉදිරියටත් මොන පක්ෂෙක වුවත් දේශපාලුවන්ගේ අවජාතක ක්‍රියාවන්ට එරෙහිව සියලුම පුරවැසියන් නැගී සිටිය යුතුය.. මාර්ග නීති කඩකරන්නේ නම්ද ගල්මුල් වලින් හෝ පහරදී එයට විරුද්ධ විය යුතුමය. එය මහජනතාව තමන් උපන් මව්බිමට කරන මහඟු සේවයකි.

:       0       236

chaminda Friday, 30 August 2019 11:44 AM

හරි නම් තව මාසයක් ඇතුලේ තියන්න ඕනෑ...

:       0       68

රවින් Friday, 30 August 2019 12:56 PM

හොඳ පාඩම් හොඳ පාඩම්... මේවා නුඹලාට හොඳ පාඩම් /// බොහොම සුළුවෙන් විසඳගන්න තිබුණු කරුණක්.

:       68       192

හර්මානිස් Friday, 30 August 2019 04:20 PM

මෙවැනි අත්දැකීම් රාශියක්ම ඇති මම ඒ අනුව මෙම තැනැත්තිය කළදේ ඉතාම නිවැරදියි කියන්න පුළුවන්. 2010 වසරේ දිනක නවක නිලධාරීන් පිරිසක් පුහුණුකිරීම් සඳහා රම්මුතුගත හා තවත් ප්‍රදේශ කීපයකට රැගෙන ගිය අපි කැලණියට ආසන්නව කඩුවෙල පාළමට ටිකක් දුරදී (අපි විශ්වාස කරන්නේ කැළණිය පොලීසිය කියලයි) අප පසුපස හඹා ආ ...නානායක නැමැති පොලිස් නිලධාරියෙක් මෙහි වාහන නැවතීමට බැහැ කියා තර්ජනය කර දඩ කොලයක්ද දීමට කාරුණික වුණා. අපි ගිය රජයේ වාහනය නතර කලේද නවතා තිබූ තවත් වාහන දෙකකට මැදිව කඩයක් ඉදිරිපිටය. එම වෙළඳසැල් හිමියාද එහි වාහන නැවතීමට බාධාවක් නැතැයි කියපු නිසාත් එහි නැවතීමත්... රියැදුරුගේ හෝ වෙනත් කිසිවෙකුගේ වරදක්ද නොවීය. එවැනි කටයුතු කරන හිස උදුම්මාගත් නිලධාරියෙක් මෙතනත් සිටියාද සැකයි.

:       633       204

ravi Saturday, 31 August 2019 07:36 AM

මේ... මන්ත්‍රී ධුරය අහෝසිකළ යුතුයි.. ! මෙවැනි "පට්ටම්" නිසා තමයි මේ විදිහට ඉදිමිලා දඟලන්නේ...

:       0       91

බද්රානි Saturday, 31 August 2019 01:48 PM

පහුගිය ආණ්ඩු සමයේ නම් දූෂකයින්ටත් රාජ්‍ය ආරක්ෂාව ලැබුණා. ඔවුන්ව අත්අඩංගුවට ගැනීමට ජනතාවට පාරට බැහැලා උද්ඝෝෂණ කරන්න සිදු වුණා. එ්ත්, දැන් එහෙම නැහැ. මේ තැනැත්තිය අඩුම තරමේ වසරක් වත් බන්ධනාගාර ගත කළ යුතුයි. එයින් පමණක් නොනැවතී තවත් අවුරුද්දක් වත් ඇය පුනරුත්ථාපන කඳවුරක රැඳවිය යුතුයි. එසේ නොමැති වුවහොත්, පොලිසියෙන් පමණක් නොවෙයි, සමාජයෙනුත් පළි ගන්නවා.

:       0       206

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

ඇමැති සී.බී. කෝටි 25 සුජීවට ගෙවන්න වෙයි
2025 පෙබරවාරි මස 05 116 0

‘ෆුට් නෝට්’ කල්ලියේ සාමාජිකයකු බව පැවසීමෙන් සමගි ජනබලවේගය පක්‍ෂයේ මන්ත්‍රී සුජීව සේනසිංහ මහතාට අපහාසයක් වී ඇතැයි තීරණය කළ ගල්කිස්ස දිසා විනිසුරු ඩී.


රාජ්‍ය සේවා නීති රීති සරල කරයි
2025 පෙබරවාරි මස 05 625 1

රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මන්නාරම රෝහලට ඉන්දියාවෙන් අත හිත
2025 පෙබරවාරි මස 05 177 0

මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සෞඛ්‍ය සංවර්ධනයට ලැබුණු එක්කෝටි පනස් ලක්ෂයක් වතුරේ
2025 පෙබරවාරි මස 05 186 0

ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති


බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයේ හිටපු සෙබළකු රටින් පනින්න හොර ලේඛන හදාගෙන
2025 පෙබරවාරි මස 05 729 0

බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි


මැතිසබේ ගොඩනැගිලි හදද්දි නීතියට පයින් ගහලා
2025 පෙබරවාරි මස 05 244 0

පාර්ලිමේන්තු සංකීර්ණයේ ජයන්තිපුර සහ පින්නියර ආරක්ෂක ගොඩනැගිලිවල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමෙන් පාලනාධිකාරිය ප


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 92 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 775 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 746 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site