'කොවිඩ් 19' වයිරසය අඩපණ කළ හැකි අලුත්ම විදියේ ප්‍රතිශක්තිකරණ එන්නතක් හඳුන්වා දීමට ප්‍රංශ ඖෂධ නිෂ්පාදන සමාගමක් සූදානම් වෙයි. 'වැල්නෙවා' නමැති මෙම ඖෂධ නිෂ්පාදන සමාගම හඳුන්වාදෙන එන්නත නම් කර ඇත්තේ 'වැල්නෙවා - VLA2001' යන නමිනි.
මෙතෙක් නිපදවා ඇති 'කොවිඩ් 19' ප්‍රතිශක්තිකරණ එන්නත් වර්ග කිහිපයකට බෙදෙයි. 'ෆයිසර්' සහ 'මොඩර්නා' යන එන්නත් එම්.ආර්.එන්.ඒ mRNA එන්නත් වෙයි. එම්.ආර්.එන්.ඒ යනු 'කොවිඩ් 19' වයිරස විෂබීජ ජානවලින් සැකැසූ කේතයක් සිරුරට ඇතුළු කරන එන්නත්ය.
දෙවැනි එන්නත් වර්ගය වන්නේ උදාසීන කළ 'කොවිඩ් 19' වයිරස කොටස් ඇතුළත් ප්‍රතිශක්තිකරණ එන්නත්ය. 'ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා' සහ ඇමෙරිකාවේ 'ජොන්සන් ඇන්ඩ් ජොන්සන්' මෙම වර්ගයට අයත් වෙයි. තෙවැනි එන්නත් වර්ගය 'අක්‍රිය කරන ලද කොවිඩ් 19 වයිරස කොටස්' ඇතුළත් ප්‍රතිශක්තිකරණ එන්නත්ය. චීනයේ නිෂ්පාදිත 'සයිනෝෆාම්' සහ 'සිනොවැක්' මෙම එන්නත් වර්ගයට අයත් වෙයි.
ප්‍රංශයේ 'වැල්නෙවා' එන්නත, මෙතෙක් නිපදවා ඇති සෙසු එන්නත්වලින් මුළුමනින්ම වෙනස් වන්නේ, 'වැල්නෙවා' නිපදවා ඇත්තේ 'කොවිඩ් 19' සම්පූර්ණ වයිරසයම අක්‍රිය කර, ඊට ඇතුළත් කරමිනි. පෝලියෝ එන්නත් නිපදවීම කරන්නේ මෙම ක්‍රමයටය.
'මෙතෙක් නිපදවා ඇති එක එක විදියේ එන්නත්වල තිබෙන්නේ වයිරසයේ ස්පයික් ප්‍රෝටීන කොටස් හෝ ජාන කේත. කොවිඩ් 19 වයිරසය සහ එමගින් නිර්මාණය වූ විකෘති ප්‍රභේද අඩපණ කිරීම එහිදී ගැටලුවක් වෙනවා. එම එන්නත් ලබා දීමේදී ඒ බව අපට පැහැදිලිව පෙනෙනවා. සම්පූර්ණ වයිරසය අක්‍රිය කර ප්‍රතිශක්තිය නිපදවන ආකාරයටයි 'වැල්නෙවා' එන්නත සකසා තිබෙන්නේ. ඒ නිසා මෙම එන්නතේ සාර්ථකත්වය ඉහළයි' යැයි 'වැල්නෙවා' එන්නත නිපදවීමට දායක වුණු වෛද්‍ය පර්යේෂකයෝ පවසති.
'වැල්නෙවා' එන්නත සායනික පර්යේෂණවලට යොදා ගැනීම සිදුවූයේ 'ඩෙල්ටා' වැනි විකෘති ප්‍රභේද සමාජයේ ව්‍යාප්ත වෙද්දීය. ඒ අනුව, 'කොවිඩ් 19' මුල් වයිරසය ඉලක්ක කර ගනිමින් නිපදවුණු 'ෆයිසර්', 'මොඩර්නා', 'ඇස්ට්‍රාසෙනකා', 'සයිනෝෆාම්' වැනි එන්නත්වලට වඩා 'වැල්නෙවා' එන්නතේ සාර්ථකත්වය ඉහළ අගයක් ගන්නා බව සායනික අත්හදා බැලීම්වලින් පෙනී ගොස් තිබේ.
එන්නතේ තෙවැනි අදියරේ සායනික අත්හදා බැලීම් සඳහා 4,000 ක පිරිසක් සම්බන්ධ කරගෙන ඇත. ඔවුන් සියලු දෙනා අවුරුදු 18 ට වැඩි අය යැයි ද පැවැසෙයි. සායනික අත්හදා බැලීම් ප්‍රංශයේත් මහා බ්‍රිතාන්‍යයේත් සිදු කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
(රොයිටර්)
හෘද සැත්කම් සඳහා වූ ඖෂධයක් වර්තමානයේ රුපියල් 372 කට මිලදී ගත්ත ද පසුගිය සමයේදී ආනයනය කර ඇත්තේ රුපියල් 72000කට බව කෝප් කමිටුවේදී අද අනාවරණය විය.
වැලිවේරිිය අරලියගස් හන්දිය ප්‍රදේශයේ දී නාඳුනන තුවක්කු කරුවකු සිදු කළ වෙඩි තැබීමකින් මෝටර් රථයක ගමන් කළ අයකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි
මහනුවර ප්‍රධාන පෙළේ පිරිමි පාසලක සිසුන් පිරිසක් විසින් කෘතිම බුද්ධිය භාවිතා කරමින් එම විදුහලේ තරුණ ගුරුවරියකගේ නිරුවත් ඡායාරූප නිර්මාණය කිරීමේ සිද
සීදුව වෑත්තෑව නන්දාරාම විහාරාධිපතිව නැදගමුවේ මහනාම හිමිගේ ගෙල අඳන පටියෙන් සිරකර ඝාතනය කිරීමේ සිද්ධියට ඩුබායි රාජ්‍යයේ සිට වට්සැප් තාක්ෂණය ඔස්සේ කු
අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ ඉදිවෙමින් පවතින සිවු මහල් ගොඩනැගිල්ලක ටයිල් කැට තොගයක් සොරකම් කර රැගෙන යමින් සිටි රෝහල් සේවකයකු ඇතුළු පස් දෙනෙක් රෝහලේ ආරක්ෂ
මෙම රජය කලින් තිබූ රජයන් මෙන් නොව ඕනෑම දෙයක් පිළිබදව සාකච්ඡා කළ හැකියි. නමුත් රෝගීන් ඇපයට තබාගෙන රෝගීන් දුෂ්කරතාවට පත්වන ලෙස කටයුතු කරන්නේ නම් ජනතාවග
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
වෙනස්ම විදියේ එන්නතක් එනවා
Smart giy Friday, 19 November 2021 08:48 PM
තවත් විහිළුවක්...
Siri Saturday, 20 November 2021 08:42 AM
මෙය වෙනිවැල්ගැට ස්ප්‍රීතුවලින් නිපදවා ඇති බවට ආරංචියක් ඇත. ලාංකිකයින්ට වෙනිවැල්වලින් පැණියක් නිපදවන ලෙස ධම්මික වෙද මහතාට කිව්වා නම් එන්නත් අවශ්‍ය නැත...
Prabha Saturday, 20 November 2021 05:03 PM
ඒක වෙන්නැති වෙනිවැල් කියන නමින් වැල් කියන කොටස ඈඳාගෙන වැල්නෙවා කියලා නම දාන්න ඇත්තේ...