(ඩිල්ෂානි චතුරිකා දාබරේ)
පළමුවැනි හොලිවුඩ් වීනස් අන්තර්ජාතික කෙටි චිත්‍රපට උළෙලේදී රටවල් 100කට අධික සංඛ්‍යාවක කෙටි චිත්‍රපට 1000කට ආසන්න ප්‍රමාණයක් අතුරින් හොඳම නළුවාට හිමි සම්මානය දිනාගැනීමට රංගන ශිල්පී ශ්‍යාම් ප්‍රනාන්දු සමත්විය. ඒ චතුර විමර්ෂ ප්‍රනාන්දු අධ්‍යක්ෂණය කළ‘One Blood’කෙටි චිත්‍රපටයේ රඟපෑ ප්‍රධාන භූමිකාව වෙනුවෙනි.
කැලණිය විශ්වවිද්‍යාලයේ සිව්වැනි වසර විද්‍යාර්ථියෙකුව සිටිය දී චතුර ප්‍රනාන්දු පිටපත් රචනය කොට අධ්‍යක්ෂණය කළ මෙම කෙටි චිත්‍රපටය පිය පුතු සබඳතාවය පිළිබඳ කළ මනෝවිද්‍යාත්මක අධ්‍යයනයක කලාත්මක එළිදැක්වීමකි. සිග්මන් ෆ්‍රොයිඞ් ඉදිරිපත් කළ ඊඩිපස් සංකීර්ණය ද, ග්‍රීක පුරාණොක්තිවල සඳහන් ක්‍රෝනස් සහ සියුස් අතර ගැටුම ද, සිංහබාහු කතාන්දරයේ සිංහයා හා සිංහබාහු අතර ගැටුම ද මූලික වශයෙන් ‘One Blood’ප්‍රස්තුතයට සමානය.
Jaffna international film festival(2019), Agenda 14 film festival(2019),Pinwood studio London සංවිධානය කළ Lift off global first-time filmmaker session(2019) යන කෙටි චිත්‍රපට උළෙලවල අවසන් වටයේ නිර්මාණ අතරට ද චතුර ප්‍රනාන්දුගේ ‘One Blood’කෙටි චිත්‍රපටය නිර්දේශ වී ඇත.
‘One Blood’සඳහා ශ්‍යාම් ප්‍රනාන්දු, චරින්ද්‍ර චන්ද්‍රසේන, චවිරු පෙරේරා රංගනයෙන් ද, සචිත් බුද්ධික මනම්පේරි, විමුක්ති සෝලංගආරච්චි කැමරාකරණයෙන් ද, විමුක්ති සෝලංගආරච්චි සංස්කරණයෙන් ද, හංස ප්‍රනාන්දු සංගීතයෙන් ද, ලක්ෂිත ජයකොඩි අංග රචනයෙන් ද, කසුන් රජීව කලා අධ්‍යක්ෂණයෙන් ද, ඩිනාලි ලියනගේ තේමා ගීත ගායනයෙන් ද, ශෂික අනුෂාන් නිෂ්පාදන කළමනාකරණයෙන් ද, ප්‍රභාත් අගම්පොඩි නිෂ්පාදන අධීක්ෂණයෙන් ද දායක වෙති.
(‘One Blood’කෙටි චිත්‍රපටයේ දර්ශන ඇසුරිනි)
(කෙටි චිත්‍රපටයේ අධ්‍යක්ෂක චතුර විමර්ශ ප්‍රනාන්දු)
අනුරාධපුර වෛද්‍යවරිය අතවරයට ලක් කළ සැකකරු මීට සුළු වේලාවකට පෙර ගල්නෑවේ දී අත්අඩංගුවට ගත් බව ගල්නෑව පොලිසිය පවසයි.
පොළොන්නරුව වැලිකන්ද ත්‍රිකෝණමඩුව රක්ෂිතයට නීති විරෝධී අන්දමින් ඇතුළු වූයේ යැයි චෝදනා ලැබ සිටි චූදිතයන් හය දෙනකුට එක් අයකුට රුපියල් 4,50,000 හතර බැඟින් චූ
උතුරු, උතුරු - මැද, නැගෙනහිර, ඌව සහ දකුණු පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කීපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
පාකිස්තානයට අයත් බලුකිස්තාන ප්‍රාන්තයේ බලොච් විමුක්තිකාමී බෙදුම්වාදී සටන්කාමීහු පිරිසක්, මගීන් 100 කට වැඩි පිරිසක් සමඟ මගී දුම්රියක් පැහැර ගත්හ.
රිලව් වඳුරන් වැනි වගා හානි කරන සතුන් දූපතකට හෝ ගෙන ගොස් දමා දානය දෙනවා වගේ දිනපතා කෑම දෙන වැඩපිළිවෙළකට යා යුතුව ඇතැයි වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය ඇමති න
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
වීනස් ජගත් සිනමා උළෙලේ හොඳම නළුවා ශ්‍යාම් ප්‍රනාන්දු
sharm warn Friday, 14 August 2020 03:31 AM
උණුසුම් සුබපැතුම් ශ්‍යාම් මහත්තයා... ඔබ දිගු ගමනක් යන බව අපට වැටහෙනවා...
සුමන Friday, 14 August 2020 03:31 AM
සුබපැතුම්!
විජේ Friday, 14 August 2020 03:35 AM
අමුතු මෙව්වඑකක් තියන රංගනශිල්පියෙක්, ජයවේවා සම්බන්ද හැමෝටම!!!
සමිත සේනක අලුත්ගමගේ. Friday, 14 August 2020 06:26 AM
රටට අභිමානයක් හා කීර්තියක් ගෙනා මේ ප්‍රතිභාපූර්ණ නිර්මාණකරුවන්ට රට, ජාතියේ ප්‍රණාමය ... !!!
විජිත් Friday, 14 August 2020 02:46 PM
ශ්‍යාම් ප්‍රනාන්දු ගැන මම පුදුම වෙන්නේ නැහැ. ඔහුගේ ප්‍රතිභාව වේදිකා නාට්‍යයෙන් ඔපවත් වූ පසුවයි. සිනමාව සහ ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයට අවතීර්ණ වුනේ. ඉංග්‍රීසි ගුරුවරයෙක් ලෙස වෘත්තියෙන් ලැබූ විනයත්, උපතින් ගෙනා වාසනාවත්, වේදිකාවෙන් ලද පරිචයත්, ඔහුව සොයාගෙන ආ මේ සුබ ආරංචිය පසුපස හිටියා. සුබ පැතුම්.!!!
විජිත් Friday, 14 August 2020 02:46 PM
ශ්‍යාම් ප්‍රනාන්දු ගැන මම පුදුම වෙන්නේ නැහැ. ඔහුගේ ප්‍රතිභාව වේදිකා නාට්‍යයෙන් ඔපවත්වූ පසුවයි.. සිනමාව සහ ටෙලි නාට්‍ය කේෂ්ත්‍රයට අවතීර්ණ වුනේ. ඉංග්‍රීසි ගුරුවරයෙක් ලෙස වෘත්තියෙන් ලැබූ විනයත්, උපතින් ගෙනා වාසනාවත්, වේදිකාවෙන් ලද පරිචයත්, ඔහුව සොයාගෙන ආ මේ සුබආරංචිය පසුපස හිටියා. සුබ පැතුම්.!!!
විජිත් Saturday, 15 August 2020 02:31 PM
මම පුදුම වෙන්නේ නැහැ ශ්‍යාම් ප්‍රනාන්දුගේ රංගනය ගැන. වේදිකාවෙන් ලද ප්‍රබල පන්නරය ඇතුළුව සිනමාව සහ ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයට පැමිණි ශ්‍යාම්, ඔහුගේ වෘත්තීයවූ ඉංග්‍රීසි ගුරුවරයෙක් වීම තුළින් ලද මහත් වූ විනය සහ රංගනයෙන් ලද පරිචය වගේම නිහතමානී බව ඔහුට මේ වාසනාව රැගෙන එන්න ඇති. සුබපැතුම්..!!!
Ramani Sunday, 16 August 2020 08:55 AM
දෙදෙනාටම සුබ පැතුම්...!!!