(කාංචන කුමාර ආරියදාස)
පලාගල ගල්කිරියාගම කරවිලගල ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයකට වන අලියකු පහරදී ත්‍රීරෝද රථයේ ගමන් කරමින් සිටි අඹු සැමි යුවළක් සහ එම දෙපළගේ මිනිබිරියක බරපතල තුවාල ලබා අනුරාධපුර මහ රෝහලට ඇතුළත් කර ඇතැයි ගල්කිරියාගම පොලිසිය කියයි.
මෙසේ වන අලි ප්‍රහාරයෙන් බරපතල තුවාල ලබා ඇත්තේ කරවිලගල ප්‍රදේශයේ පදිංචි ඩී. එම්. ඒකනායක (60) සිරිමා අයිරාංගනී (55) සහ එම දෙපළගේ දියණිය ගේ කුඩා දියණිය වු වයස අවුරුදු 3ක දියණියක් බව ගල්කිරියාගම පොලිසිය සඳහන් කළේය.
අවුකන ප්‍රදේශයේ සිය දියණියගේ නිවසට ගොස් මෙම යුවළ ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටියදී වන අලියා එකවරම ප්‍රධාන මාර්ගයට කඩා පැන පහර දී ඇතැයි අනාවරණය වී තිබේ.
ත්‍රීරෝද රථයට සහ මෙම පුද්ගලයන්ට පහර දුන් වන අලියා ඊයේ (12) අලුයම වන තුරුම කරවිලගල ප්‍රදේශයේ ගම්මාන කිහිපයකටම කඩාවැදී දේපළ විශාල වශයෙන් අලාභ හානි කර ඇතැයි ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.
ඊයේ රාත්‍රිෙය්දී මෙම සිදුවීම වු බවද පොලීසිය සඳහන් කළේය.
වසර ගණනාවක සිට මෙම අලින් විදුලි වැටක් ඉදිකිරීම සඳහා උත්සාහ කළ ද දේශපාලන අධිකාරියේ මැදිහත් වී එය නතර කිරීම නිසා මේ තත්ත්වය උදාවී ඇතැයි ප්‍රදේශවාසීහු පවසති.
විදේශගත මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු දුරකථන මගින් මෙහෙයවන ජාවාරමකට සම්බන්ධ පුද්ගලයකු රුපියල් කෝටි දෙක හමාරකට අධික වටිනා අයිස් කිලෝ එකක් , හෙ
ඇමෙරිකාවේ නව ජනාධිපතිවරයා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් එළැඹෙන 20 වැනිදා දිවුරුම් දීමට නියමිතව තිබියදී ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ බිරිඳ වන සුරූපී මෙලනියා ට්ර
තෙල්දෙණිය සිට මහනුවර බලා ධාවනය වූ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් පාලනය කර ගැනීමට නොහැකිව කඩුගන්නාව ප්‍රදේශයේදී අඹ ගසක හැපී සිදුවූූ අනතුරක
පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්වී මෙතෙක් අදායම් වියදම් වාර්තා ඉදිරිපත් නොකළ අපේක්ෂකයින්ගේ ලැයිස්තු අද හෙටම පොලිසියට ලබා දීමට මැතිවරණ කොමිෂන් සභා
ලබන ජනවාරි මාසයේ මැද තමා චීනයේ සංචාරයක යෙදෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
හැටන් සිට මහනුවර බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් අද (21) මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරළී සිදුවූ අනතුරකින් තිදෙනකු මිය ගොස් ඇති බව හැටන් පොලිසිය පවසය
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’මුඛ සෞඛ්‍යයෙහි වැදගත්කම පිළිබඳව පාසල් සිසු
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප
වන අලියකු පහරදී එකම පවුලේ තිදෙනෙකු රෝහලේ