IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


වෑන් රථයකින් පැමිණ මාල කඩලා

(ආනන්ද ඉ ජයකොඩි)

විද්‍යුත් මාධ්‍ය ආයතනයක කොන්ත්‍රාත්කරුවන් බව කියන දෙදෙනකු වෑන් රථයකින් පැමිණ වේයන්ගොඩ දඩගමුවේදී කාන්තාවකගේ ගෙල බැඳ තිබූ රන් මාලයක් කඩා ගැනීමට උත්සාහ කළ බව කියන කොල්ලකරුවන් දෙදෙනකු ගම්වාසීන් අල්ලා පොලිසිය බාර දී ඇත.

කොල්ලකරුවන් දෙදෙනා වේයන්ගොඩ කළගෙඩිහේන මාර්ගයේ වේයන්ගොඩ දෙස සිට කළගෙඩිහේන දෙසට වෑන් රථයෙන් පැමිණි දඩගමුව මංසන්දියේ දී එක් කොල්ලකරුවකු වෑන් රථයෙන් බැසීමෙන් අනතුරුව අනෙක් කොල්ලකරු වෑන් රථය මීටර් කිහිපයක් පදවා ගෙන ගොස් නවතා ගෙන සිටියදී බැස ගිය කොල්ලකරු පා ගමනින් ගිය කාන්තාවකගේ ගෙල බැඳ තිබූ රන් මාලයක් කඩා ගැනීමට උත්සාහ ගත් අවස්ථාවේ ඇය කෑ ගසා ඇති බව මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළි වී ඇත.

මේ අවස්ථාවේ ගම්වාසීන් වහා ක්‍රියාත්මක වී එම කොල්ලකරු අල්ලා ගැනීමෙන් අනතුරුව වෑන් රථයේ සිටි කොල්ල කරුද අල්ලා ගෙන ගස් බැඳ පොලිසිය බාරදී ඇත.

කොල්ල කරුවන් දෙදෙනා වරකාපොල ප්‍රදේශයේ පදිංචි කරුවන් බවත් මොවුන් පැමිණි වෑන් රථය විද්‍යුත් මාධ්‍යය ආයතනයක ප්‍රවාහන කොන්ත්‍රාත් වෑන් රථයක් බවත් පරීක්ෂණවලදී හෙළි වී ඇත.

කොල්ලකරුවන් දෙදෙනාම දැඩි ලෙස හෙරොයින් පානයට ඇබ්බැහි වී සිටින පුද්ගලයන් බවත් කොළඹ බලා යන අතරතුර හෙරොයින් මිලදී ගැනීම සඳහා මාලය කඩා ගැනීමට උත්සාහ කොට ඇති බවද වැඩිදුරටත් කරන ලද පරීක්ෂණ වලදී හෙළි වී ඇත.



අදහස් (3)

වෑන් රථයකින් පැමිණ මාල කඩලා

Raveendra Sunday, 31 October 2021 01:34 PM

අපරාදේ මුන් දෙන්නට කෑළෑ නීතියෙන්ම සංග්‍රහ කරන්න තිබුනේ තමන්ගේ ඒ ආදරණිය අම්මගෙන් බිවු මව් කිරි මතක් වෙන්නම අංගවිකල සායනයකින්ම බෙහෙත් ගන්න........එසේ කිරීමෙන් සමාජයට සෙතක් මෙවන් බුරුවන්ට දඩුවම් කිරීමෙන්.මක්නිසාදයත් රටේ පවතින නීතියෙන් රිංගා මෙවන් බල්ලන් එලියට එන්නේ මුදල් වෙනුවෙන්ම ඇත්ත බොරු කරන "සුදු ඇදගත් ගම් කබරයන්ගේ" පට්ටපල් බොරු තර්ක නිසාවෙනි.

:       0       0

WCA Sunday, 31 October 2021 01:35 PM

වැඩක් නෑ .මුන්ට නෙලුවනම් එච්චරයි.දඩේ 2500.00 පෙර වැරදි නැත්නම්.කුඩු අරව මේවා වැඩක් නෑ බයිලා විතරයි

:       0       0

Nuwan Sunday, 31 October 2021 06:29 PM

රට මොන තරම් දියුණුද වෑන් වලින් ඇවිත් මාල කඩන්නේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

දියත

ඇමැති සී.බී. කෝටි 25 සුජීවට ගෙවන්න වෙයි
2025 පෙබරවාරි මස 05 200 0

‘ෆුට් නෝට්’ කල්ලියේ සාමාජිකයකු බව පැවසීමෙන් සමගි ජනබලවේගය පක්‍ෂයේ මන්ත්‍රී සුජීව සේනසිංහ මහතාට අපහාසයක් වී ඇතැයි තීරණය කළ ගල්කිස්ස දිසා විනිසුරු ඩී.


රාජ්‍ය සේවා නීති රීති සරල කරයි
2025 පෙබරවාරි මස 05 646 1

රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මන්නාරම රෝහලට ඉන්දියාවෙන් අත හිත
2025 පෙබරවාරි මස 05 181 0

මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සෞඛ්‍ය සංවර්ධනයට ලැබුණු එක්කෝටි පනස් ලක්ෂයක් වතුරේ
2025 පෙබරවාරි මස 05 189 0

ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති


බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයේ හිටපු සෙබළකු රටින් පනින්න හොර ලේඛන හදාගෙන
2025 පෙබරවාරි මස 05 748 0

බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි


මැතිසබේ ගොඩනැගිලි හදද්දි නීතියට පයින් ගහලා
2025 පෙබරවාරි මස 05 248 0

පාර්ලිමේන්තු සංකීර්ණයේ ජයන්තිපුර සහ පින්නියර ආරක්ෂක ගොඩනැගිලිවල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමෙන් පාලනාධිකාරිය ප


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 92 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 775 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 746 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site