IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


විපක්ෂ නායක කාදිනල් හිමි හමුවෙයි

(නිමල කොඩිතුවක්කු)

පාස්කු ඉරුදින  ප්‍රහාරය සම්බන්ධයෙන් දේශපාලන ඇඟිලි ගැසීම්වලින් තොර විනිවිදභාවයෙන් යුතු ස්වාධීන පරීක්ෂණයක අවශ්‍යතාවය  පැන නැගී ඇතැයි විපක්ෂ නායක සජිත් පේමදාස මහතා කොළඹ දී අද (04) පැවසීය.

පාස්කු ඉරුදින ප්‍රහාරය පිටුපස තිබෙන දේශපාලන පසුබිම ආදිය සම්බන්ධයෙන් සොයා බැලීම සදහා ස්වාධීන පරීක්ෂණයක අවශ්‍යතාවය වඩ වඩාත් පැනනගිමින් තිබෙන බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

කොළඹ අගරදගුරු නිල නිවසේදී අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.

පාස්කු ඉරුදින ප්‍රහාරයේ යථාර්ථය රටට හෙළි නොකරන තාක්කල් රටට සුබදායක නොවන බව තමන් විශ්වාසය බවත් විපක්ෂනායකවරයා එහිදී සඳහන් කළේය.

රජය පොරොන්දු වූ පරිදි පාස්කු ඉරුදින ප්‍රහාරයේ මහ මොළකරුවන්ට එරෙහිව දැඩි දඬුවම් පැමිණවිය යුතු බවත් සජිත් ප්‍රේමදාස මහතා කීවේය.

පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් වින්දිතයන් බවට පත්වූ ජනතාවට සාධාරණය ඉෂ්ට කරන තෙක් කාදිනල්තුමන් ප්‍රමුඛ කතෝලික ජනතාව විමසිල්ලෙන් සිටින බව ආණ්ඩුව අමතක නොකළ යුතු බවත් ඔහු සඳහන් කළේය.

සමගි ජන බලවේගයේ රජයක් තුළින් පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් සිදුකර එහි මහ මොල කරුවන්ට තරා තිරම නොබලා දඬුවම් ලබාදීමට පියවර ගන්නා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.



අදහස් (21)

විපක්ෂ නායක කාදිනල් හිමි හමුවෙයි

කිරි පුතා Thursday, 04 November 2021 01:57 PM

වැඩේ සිද්ධ වුණේ පුතානෝලා බලයේ ඉන්නකොට කියලා දෙන්නටම අමතක වෙලා වෙන්ටෑ.

:       28       69

සනත් ඉතාලිය Thursday, 04 November 2021 02:10 PM

බෝම්බෙ ගහපුවෙලේ තිබ්බ ආන්ඩුවේ ප්‍රබල ඇමතියෙක් නේද මේ.

:       14       58

Raveendra Thursday, 04 November 2021 02:30 PM

අනේ සජි මල්ලියේ... මලය කාදිනල් තුමාව මුණගැසීමට ගියේ රෙදි කඩමල්ලක් ඇගේ ඔතාගෙනද ? නැතිනම් උපන් ඇදුමෙන්ද ?

:       13       51

Prabha Thursday, 04 November 2021 02:31 PM

ඒත් ඒ කාලෙම ඔය පරීක්ෂණය කරන්න තිබුනනේ.

:       2       42

hesa Thursday, 04 November 2021 02:44 PM

කාර්දිනල් තුමා මේ දවස් වල කියන දේ වලට මෙතුම හිතන්න ඇති " අපටත් ගොඩ යන්න, කාර්දිනල් තුමාට ලං වෙලා කියන කතාවලට ( රසායනික) පෝර දාන්න ඕන කියල..

:       5       44

SUNIL MILANO Thursday, 04 November 2021 02:51 PM

මේ දෙන්නම ඉපදිලා තියෙන්නේ 2021. අනේද කියන්නේ.

:       9       55

RaveendraThursday, 04 November 2021 03:11 PM

අවාසනාව කියන්නේ අප නම් ඉපදීමට ඉතාමත්ම ඉක්මන් වුවෝය.... සජි පුතා ඉපදීමට උපරිමයෙන් ප්‍රමාදවූ කිරි බොන ළදරුවෙකි. එනිසාවෙන් අපේ සජි පුතා නිතරම බාලාංශ කතා, බාලාංශ ක්‍රියාවන්වල නිරතවීම ස්වභාව ධර්මයාගේ එක් අංගයකි.

:       13       32

යෝගා Thursday, 04 November 2021 02:56 PM

බළල් අත් දෙකක් සාකච්ඡා කරති

:       8       33

priyantha Thursday, 04 November 2021 03:04 PM

බොර දියේ මාලු බෑම.

:       6       42

RaveendraThursday, 04 November 2021 06:49 PM

කොවිඩ් රෝග වැලේ එල්ලුනේ කව්රුන්ද... ගුරුහොරුන්ගේ වැලේ එල්ලුනේ කව්රුන්ද... පොහොර වලේ මහදවල්ම වැටුනේ කවුද... දැන් එල්ලුනේ වැසිකිලි ටිෂූ රෝලේ නොවේද...?

:       7       8

සලීමිFriday, 05 November 2021 09:16 AM

මෙන්න සහෝදර බමුණුආරච්චි ගෙ අයියා වැඩට බැහැලා.... මෙ අය හොරෙන්ම තමයි බලයට ගේන්න හදන්නෙ.

:       1       0

Bamunuarachchi Thursday, 04 November 2021 03:41 PM

කාදිනල් තුමා එකපාරටම ඉස්සරහට යන්න එපා.

:       10       28

BamunuarachchiSaturday, 06 November 2021 04:34 PM

බලන්න ඇඳුමක් ඇඳලද කියලා...

:       0       0

fairoos Thursday, 04 November 2021 04:10 PM

ලංකාවේ මිනිස්සුන්ගේ කුහක අදහස්වලින් ඉතා පැහැදිලියි...

:       42       18

BamunuarachchiThursday, 04 November 2021 07:13 PM

ගොයියෝ කුහක කියන එකේ තේරුම දන්නවාද? තේරුම දැනගත්තාම පොළව පලාගෙන යන්න හිතේවි මේ අපි වගේ කුහකයින් ඉන්නේ ලංකාවේම තමයි කියලා...

:       10       20

Surain Thursday, 04 November 2021 06:34 PM

මෙතන සමහරු කමෙන්ට්ස් දාලා තියෙනවා... එතුමාගේ ආණ්ඩුව කාලේ කියලා... ඒත් සියලු බලතල තිබුණේ එවකට හිටපු ජනපති අත බවත්, ඔහු එවකට තිබූ ආණ්ඩුවට විරුද්ධව කළේ මොනවද කියලත් අර දින 52 ආණ්ඩුව ගැන සිහි කරන්න බයිලා ගහන බයියන් ටික...

:       23       18

Anthony Friday, 05 November 2021 05:54 AM

අනේ ඇත්තෙයි? පුතානෝ බබානෝද? ඒ කාලේ ජනාධිපති බලතල කා අතේ තිබුනත් පුතානෝගේ කට තිබුනෙත් ජනාධිපති අතේද? අයුක්තිය වෙනුවෙන් කතා කරන්න බැරි එකා කොයි කාලෙත් නිවට රජෙක් තමා.

:       2       1

SurainFriday, 05 November 2021 12:44 PM

අනේ නිකන් ඉන්න මුසා කියන්නේ නැතිව...! බුද්ධියට තැන දීලා හිතන්න දැන් ආණ්ඩුවේ ඉන්න විමලේ, ගම්මන්පිලට වෙච්ච අසරණකමට උත්තර දෙන්න. ඇමැතිවරයෙක් කියන්නේ තමන්ට අදාළ විෂයේ වැඩකරන එක මිස රටේ ජනාධිපතිවරයාගේ වැඩවලට උත්තර දෙන එක නෙමෙයි...!

:       0       0

Don perera Thursday, 04 November 2021 08:15 PM

කමෙන්ට්ස් දැක්කාම තාමත් වහල්ලු ඉන්නවා කියලා දැනෙනවා...

:       25       22

chandima Friday, 05 November 2021 05:52 AM

ඔය දෙගොල්ලොම ඔබතුමාව අන්දන්න හදන්නේ. කාදිනල් තුමා ඔබතුමා මේ පාර ඡන්දේ ඉල්ලන්න ජනාධිපති වෙනවා.

:       0       0

Saththaya Friday, 05 November 2021 08:21 AM

ඔබ වහන්සේ ප්‍රවේසම් වෙන්න .

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

මන්නාරම රෝහලට ඉන්දියාවෙන් අත හිත
2025 පෙබරවාරි මස 05 40 0

මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සෞඛ්‍ය සංවර්ධනයට ලැබුණු එක්කෝටි පනස් ලක්ෂයක් වතුරේ
2025 පෙබරවාරි මස 05 63 0

ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති


බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයේ හිටපු සෙබළකු රටින් පනින්න හොර ලේඛන හදාගෙන
2025 පෙබරවාරි මස 05 323 0

බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි


මැතිසබේ ගොඩනැගිලි හදද්දි නීතියට පයින් ගහලා
2025 පෙබරවාරි මස 05 131 0

පාර්ලිමේන්තු සංකීර්ණයේ ජයන්තිපුර සහ පින්නියර ආරක්ෂක ගොඩනැගිලිවල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමෙන් පාලනාධිකාරිය ප


විජය පුවත්පත් සමාගමට කෝටි 3ක පොල්ලක් තැබූ දැන්වීම් හිමිකරුට වරෙන්තු
2025 පෙබරවාරි මස 05 387 0

විජය පුවත්පත් සමාගමට රුපියල් කෝටි තුනකට අධික වංචාවක් කළැයි කියන දැන්වීම් බාර ගැනීමේ ආයතනයක හිමිකරුවකු බව කියන නලින් ප්‍රසාද් පෙරේරා නැමැත්තා දුටු තැ


නාමල් රාජපක්ෂට සිතාසි
2025 පෙබරවාරි මස 05 599 2

රගර් තරගාවලියක් සදහා ක්‍රිෂ් ලංකා පුද්ගලික සමාගම නමැති ඉන්දියානු සමාගමෙන් රුපියල් කෝටි 07ක මුදලක් ලබාගෙන, අවභාවිතා කළ බවට චෝදනා කරමින් පවරා ඇති නඩුවට


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 92 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 773 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 742 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site