(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
සොරාගත් වාහනවල චැසි සහ එන්ජින් අංක වෙනස් කර ව්‍යාජ ලිපි ලේඛන සාදා අලෙවි කර රුපියල් කෝටි ගණනාවක් වංචා කළ සංවිධානාත්මක කල්ලියක සාමාජිකයන් පස්දෙනෙකු අත්අඩංගුවට ගත්බව පානදුර කොට්ඨාස බුද්ධි ඒකකය කියයි.
මොවුන් සතුව තිබූ කෝටි පහකට අධික වටිනාකමින් යුතු වාහන රැසක්ද සොයාගත් බව එම ඒකකය පැවසීය.
එම සැකකරුවන් සමඟ වෑන් රථ දෙකක්, මෝටර් රථ හතරක් සහ කැබ් රථ දෙකක්, ව්‍යාජ ලියාපදිංචි සහතික සහ ව්‍යාජ හැඳුනුම්පත් කිහිපයක්ද අත්අඩංගුවට ගෙන තිබේ.
රුපියල් ලක්ෂ 70 ක් පමණ වටිනා මෝටර් රථයක් ලක්ෂ 50 කට විකිණීම සඳහා කොටහේන ප්‍රදේශයේ පුද්ගලයෙකු ගැනුම් කරුවෙකු සොයන බව පානදුර කොට්ඨාස බුද්ධි ඒකකයට ලද තොරතුරක් මත කළ විමර්ශනයකින් පසු මෙම පුද්ගලයන් අත්අඩංගුවට ගත්බව එම ඒකකය කියයි.
මෝටර් රථය විකුණන පුද්ගලයා සමඟ සම්බන්ධ වීමෙන් පසු වාහන ලියාපදිංචි සහතික රැගෙන එන ලෙස එම පුද්ගලයාට පොලිසිය දැනුම් දී ඇත. ඒ අනුව එම පුද්ගලයා ලියාපදිංචි සහතික රැගෙන පැමිණි අවස්ථාවේදී ඔහු සමඟ සිටි තවත් දෙදෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිසිය කළ ප්‍රශ්න කිරීමේදී ලක්ෂ 50 ට විකිණීමට තිබූ මෝටර් රථය කොටහේන ප්‍රදේශයෙන් සොයාගත් බවත් මොවුන් මෙම වාහන ජාවාරම වසර අටක් තිස්සේ කර ඇති බවත් තොරතුරු අනාවරණය කරගෙන ඇත.
ලක්ෂ 50 ට විකිණීමට ගිය මෝටර් රථයේ හිමිකාරිය අම්පාර ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් බවත් ඇයද මෙවැනි ජාවාරම් වල නිරත වන තැනැත්තියක් බවත් තොරතුරු අනාවරණය වූ බව පොලිස් නිලධාරියෙක් පැවසීය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනාගෙන් කළ ප්‍රශ්න කිරීමේදී චැසි අංක වෙනස් කළ වෑන් රථ දෙකක් සහ කැබ් රථයක් ඇහැලියගොඩ ව්‍යාපාරිකයෙකුට විකුණා තිබියදී සොයාගත් බවත් එම ඒකකය පැවසීය.
එම කල්ලියට සම්බන්ධ අනෙක් සැකකරුවන් දෙදෙනෙකු මල්වාන සහ ඒකල ප්‍රදේශවල දී කැබ් රථයක් සහ මෝටර් රථයක් සමඟ අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවත් පොලිසිය සඳහන් කළේය.
ගෑන්ඩ්පාස් කැලණිතිස්සගම දුම්රිය මාර්ගයේදී අද (15) ඥාති සහෝදරයන් දෙදෙනෙකු තියුණු ආයුධ වලින් කපා කොටා ඝාතනය කිරීමේ අපරාධය සම්බන්ධයෙන් පුද්ගලයන් සිව් ද
මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් බන්ධනාගාර ගතව සිටින වෙළේ සුදාගේ සහෝදරයා බව කියන පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට යාමේදී සැකකරු පොලිස් කොස්තාපල්වරයකුට තියුණු ආ
අනුරාධපුර ශික්ෂණ රෝහලේ කාර්ය මණ්ඩලය සඳහා නිසි ආරක්ෂාව සහ පහසුකම් සැපයීම පිළිබඳ විමර්ශනය කර වාර්තාවක් සැපයීම සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේක
පොදු වරණීය බදු පහසුකම නොහොත් ජීඑස්පී ප්ලස් සමාලෝචනය කිරීමට එහි කණ්ඩායමක් අප්‍රේල් මාසයේදී ලංකාවට පැමිණෙන බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පා
දෛනික ආහාර මිල රුපියල් දෙදහසක් දක්වා වැඩි කිරීමෙන් පසු මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ භෝජනාගාරයෙන් ආහාර ගැනීම යම් මට්ටමකට අඩු වී ඇතැයි වාර්තාවේ.
පුද්ගලයන් දෙපිරිසක් ඇතුව ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් පුද්ගලයන් දෙදෙනෙකු කපා කොටා ඝාතනය කර ඇති බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය පවසයි.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
ව්‍යාජ ලිපි සාදා වාහන විකිණූ 5 ක් අත්අඩංගුවට