(ඉන්දිකා රාමනායක)
පිටකොටුව හෙට්ටිවීදියේ රන්බඩු හළක හිමිකරුවෙක් අද (15) පෙරවරුවේ මන්නා පිහියක් රැගෙන තවත් රන්බඩු හළකට කඩා වැදී එහි හිමිකරුට මන්නා පහර දී බරපතල තුවාල සිදුකර ඇති බව පොලිසිය කියයි.
එම සිද්ධියෙන් බරපතල කැපුම් තුවාල ලැබු ව්‍යාපාරිකයා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවද පොලිසිය සඳහන් කරයි.
ප්‍රහාරය එල්ල කළ සැකකාර ව්‍යාපාරිකයා ලේ ගලන මන්නා පිහිය ද රැගෙන දෙනෝ දහක් දෙනා බලා සිටියදී පිටකොටුව පොලිසිය වෙත පැමිණ බාර වී ඇත.
තුවාල ලැබු ව්‍යාපාරිකයා සහ සැකකාර ව්‍යාපාරිකයා කෝටිපති ව්‍යාපාරිකයන් බවත්, ඔවුන් කලක සිට මිතුරන් සිට ඇති ඔවුන් දෙදෙනා කිසියම් ප්‍රශ්නයක් මුල කරගෙන දෙදෙනා විරසක වී ඇති බවද පොලිසිය පවසයි.
අද පෙරවරු 10.20 ට පමණ සැකකාර ව්‍යාපාරිකයා අඩි 2 1/2 පමණ මන්නා පිහියක් ගමන් මල්ලක දමාගෙන ඉහත ව්‍යාපාරිකයාගේ රන් බඩු හල වෙත ගොස් එහිදී එහි සිටි එම ව්‍යාපාරිකයාට මන්නා පිහිපහර එල්ල කර ඇති බවද පොලිසිය පවසයි.
සිද්ධිය වන අවස්ථාවේ එම වෙළෙඳ සැලේ සේවකයින් සිව් දෙනකු හා රන් බඩු මිළ දී ගැනීමට කාන්තාවක් ද සිට ඇති අතර ඔවුන් සියලු දෙනා කෑ ගසාගෙන එම වෙළඳ සැළින් එළියට දුවගොස් ඇති බවද පොලිසිය සඳහන් කරයි.
රන් බඩු හල්වල පිරිස් හා අවට පිරිස් බලා සිටියදී සැකකාර ව්‍යාපාරිකයා මන්නා පිහියක් රැගෙන එම වෙළෙඳ සැළින් පිටතට පැමිණ ත්‍රිරෝද රථයක ගොඩවී පොලිසියට වෙත පැමිණ ඇත.
එම ව්‍යාපාරිකයාගේ අතකට, හිසට බරපතල තුවාල සිදුව තිබු බවද පොලිසිය කියයි.
සැකකාර ව්‍යාපාරිකයා ද කොටහේන ප්‍රදේශයේ පදිංචි (43) හැවිරිදි පුද්ගලයෙකි.
මෙම සිද්ධිය දකුණු ඉන්දියාවේ දෙමළ චිත්‍රපටයක දර්ශන මැවෙන ආකාරයෙන් වෙළෙඳ සැලේ සී සී ටී වී කැමරාවල සියල්ල පටිගත වී තිබු බවද පොලිසිය කියයි
සැකකරු අද (16) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
වී කිලෝවක් සඳහා රජය ලබා දෙන උපරිම මිල මීට සුළු මොහොතකට පෙර ප්‍රකාශයට පත් කළේය.
ශ්‍රී ලංකා යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරාල් චන්දන වික්‍රමසිංහ මහතා පත්කළ බව යුද හමුදාව පවසයි.
බණ්ඩාරවෙල සිට විනෝද චාරිකාවක පැමිණ වීරවිල වැවේ දියනාමින් සිටි පුද්ගලයෙකු ඊයේ (04) සවස දියේ ගිලී අතුරුදහන්ව ඇතැයි වීරවිල පොලිසිය පවසයි .
රුපියල් එක් කෝටි විසි පන් ලක්ෂයක් පමණ වටිනා ’’ කුෂ් ’’ මත්ද්‍රව්‍ය තොගයක් , ටොෆී සහ චොකලට් පැකට් ලෙස සකස් කර , සිය ගමන් මලු තුළ සූක්ෂම ලෙස සගවා ගෙන , කටුනා
පළාත් පාලන ඡන්ද විමසීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට ප්‍රකාශ නොකරන්නේ ඇයිදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදයේ අද ප
රජය වී කිලෝවක් ගන්නා මිල කෘෂිකර්ම අමාත්‍යාංශයේදී අද(05) උදේ 11.00 ට පවත්වන ප්‍රවෘත්ති සාකච්ඡාවකදී නිල වශයෙන් ප්‍රකාශයට පත්කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමා
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
ව්‍යාපාරිකයාගෙන් ව්‍යාපාරිකයාට මන්නපහරක්