(සිරංගිකා ලොකුකරවිට)
ව්‍යවස්ථාවක් දැකලාවත් නැති විපක්ෂයේ අය අපි රට බෙදන්න යනවා කියා කෑගහනවා යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද(19) ගාල්ල, යක්කලමුල්ලේදී පැවසීය.
හෙතෙම එසේ පවසා සිටියේ කරාගොඩ පූර්වාරාම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකල දෙමහල් ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
එහිදී අල්‍රාමාත්‍යවරයා මෙසේ ද පැවසීය,
"අපි රට බෙදනවා කියා විපක්ෂය කෑ ගහනවා. ඒත් අපි එහෙම කරන්නේ නැහැ. මල්වගු අස්ගිරි මහනායක හිමිවරුන් ප්‍රමුඛ මහා සංඝරත්නයේ ආශිර්වාදය ඇතුවයි අපි රට පාලනය කරන්නේ. බෞද්ධ භික්ෂූන්වහන්සේලාගේ උපදෙස් අරගෙනයි අපි ව්‍යවස්ථාව සකස් කරන්නේ. අතීතයේ සිටම භික්ෂූන් වහන්සේලා රට පාලනය කිරීමට අවශ්‍ය උපදෙස් හා මගපෙන්වීම ලබා දුන්නා. ව්‍යවස්ථාවක් දැකලාවත් නැති විපක්ෂයේ අය රට බෙදනවා කියලා කෑ ගහනවා. ඒ බොරු වලට රැවටෙන්න එපා."
මෙම අවස්ථාවට අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විජේපාල හෙට්ටිආරච්චි මහතා සහ බන්ධුලලාල් බණ්ඩාරිගොඩ මහතා ඇතුළු මහජන නියෝජිතයින් පිරිසක් ද එක්ව සිටියහ.
භික්ෂූන්වහන්සේලා 150නමක් උදෙසා සංඝගත දක්ෂිණාවක් ද පැවැත්වුණ අතර විහාරාධිපති නරාවල සිරිවිමල හිමියන්ගේ උපදෙස් මත උත්සවය සංවිධානය කර තිබිණි.
ඡායාරූප - ඉෂාන් සංජීව
පාර්ලිමේන්තුවේත් ඉන්පිටතත් සාමූහිකව කටයුතු කිරීම වෙනුවෙන් විපක්ෂයේ පක්ෂ අතර එකඟතාවක් ඇති කර ගැනීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත
ලසන්ත වික්‍රමතුංග ඝාතනයට සම්බන්ධ සැකකරුවන් සම්බන්ධයෙන් නීතිපතිවරයා දී ඇති තීන්දුව සම්බන්ධයෙන් අධ්‍යයනය කරමින් සිටින බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය
ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ ශ්‍රී ලංකා කාර්යාලයට කොන්ත්‍රාත් පදනම මත බඳවා ගනු ලැබූ සේවකයන් හෙට (07) රාත්‍රී 11.59 සිට පඩි සහිත අන
ඒකාබද්ධ ග්‍රාම - නගර සංවර්ධන සහ දේශගුණික තත්ත්වයන්ට ඔරොත්තු දීමේ ව්‍යාපෘතිය සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
රටපුරා පැතිරි යමින් ඇති සූකර ඌණට ලක්ව ඌරන් 1600 ක් මේ වන විට මිය ගොස් ඇති බව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තුමේන්තුවේ පුත්තලම දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ
බදුල්ල නගරය ආශ්‍රිත ප්‍රදේශයේ වායුගෝලයේ මීදුම මෙන් පවතින විස දුම මිනිස් සිරුරට අහිතකර තත්ත්වයක් උදාකර දී.ඇති හෙයින් මුඛ ආවරණ පළදින ලෙසට ආපදා කළමනාකර
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
ව්‍යවස්ථාවක් දැකලාවත් නැති විපක්ෂයේ අය රට බෙදන්න යනවා
p.d goonawardena Saturday, 19 January 2019 08:01 AM
මේ ගොල්ලෝ සිංහලයට එකක් කියලා දෙමළට තව එකක් කියලා මොකක්ද වෙන්නේ කියලා බලාගෙන ඉඳලා දුර්වල වෙන තැනින් වාසි ගන්නවා..
RaveendraSaturday, 19 January 2019 02:07 PM
පින්වත් මුණු දැක්කත් ඇති පව් පිරෙන.. කැපුවත් පටිය හිත ඇතුලේ ගින්දරණේ... ඇද්දේ තිරය නම හරිදැයි බැලුමටනේ... අනේ ඉතින් අපි අපිටම රැවටෙන්නේ...
lankaSaturday, 19 January 2019 02:40 PM
සිංහල, දෙමල නොව රටේ සියලු මිනිසුන් ශ්‍රී ලාංකිකයින් යයි සිතන්නට පුරුදු විය යුතුයි.
Thilina Saturday, 19 January 2019 06:50 PM
එහෙම හිතුවනම් කොහොමද එක ජාතියක් විතරක් වෙනම ඉල්ලීම් ඉල්ලන්නේ..? එහෙම නම් හැමෝටම පොදු ප්‍රශ්න විතරයි තියෙන්න පුලුවන්. මේකේ අරමුණම එක ජාතියකගේ ඉල්ලීම් ඉටු කරන එකනේ.. උතුරේ පන්සල් හදන්න බැහැ කියලා කියන්නේ ශ්‍රී ලාංකික විදිහට හිතන නිසා වෙන්න ඇති...
ඇත්ත සත්‍යපාල Sunday, 20 January 2019 01:50 AM
බුද්ධාගම එපා වෙලා හිටපු රනිල් දැන් "පන්සලේ අගමැති" වෙලා. කන්න ඔනේ වුණාම කබරගොයත් තලගොයා වෙනවා කියන්නේ මේවට තමයි.
Hafeel Saturday, 19 January 2019 08:22 AM
එහෙමනං සම්මත කරන්නට හංගන්නේ නැතුව රටට හෙළිකරන්නකෝ...
Raveendra Saturday, 19 January 2019 08:39 AM
දේශපාලකයා යනු ශත පහකට විශ්වාසයක් තැබිය නොහැකි සත්වයෙක් බව මේ ගොයියා විසින්ම තමන්ගේම ක්‍රියාකලාපයෙන් යහමින් ඔප්පු කර ඇති අවධියක මේ මොන බයිලාද කියවන්නේ? මෙවන් " අරුමෝසම් පච " කියන්නෙත් ආගමික ස්ථානවලට පැමිණීමෙන් වීමත් කණගාටුවකි. අප මෙසේ සූත්තර පුංචාගෙන් විමසීමට කැමැත්තෙමු. ඊයේ, පෙරේදා, ලඟකදී සිට පන්සල් ,පල්ලි කෝවිල් ගානේ ලගින්නේ කිනම් අනාගත බලාපොරොත්තුවක් අරභයාද?
nihal Saturday, 19 January 2019 09:51 AM
දැන් ලංකාවේ ප්‍රධානතම දැවෙන ප්‍රශ්නය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයි...
RaveendraSaturday, 19 January 2019 10:32 AM
සහතික ඇත්ත මේ හරකුන්ට එල්ලෙන්න වැලේ වැල් නැතිව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන කතා. මේ අයට අයාලේ යන්න දෙන්න හොද නැත.
lanka Saturday, 19 January 2019 09:56 AM
ලංකාවේ විපක්ෂය සැමදාම බල්ලාට ගොස් තිබුණි. ඔවුන් සැමවිටම තමන්ගේ බල කෑදරකම සඳහා සටන් කළා මිස, රටේ ප්‍රගතිය සඳහා සාධනීය විවේචනයක් කල අය නොවේ. අගමැතිතුමා අද ඔහොම කිව්වට, ඔවුන් එදා විපක්ෂයේ සිට "ඕනේ ගොනෙකුට යුද්ධ කල හැකි බව" කිව් ආකාරය කිසි කෙනෙකුට අමතක නැති යයි සිතමි...
RavendraSaturday, 19 January 2019 10:36 AM
ලංකා වෙත , කාරුණිකව " තුමා" යන වැදගත් වචන " නුසුදුස්සන්ට " භාවිතා කිරීමෙන් වලකින ලෙස ඉල්ලා සිටින්නෙමු. මේ සියල්ලෝම ඔබේ, මගේ, අපේ බදුමුදලින් පවුල් පිටින පිනට කකා බිබී සුරසැප විදින මහජන නියෝජිතයන් බව අමතක නොකරන්න.
upaliSaturday, 19 January 2019 12:16 PM
එම ගොනාට මිලියන් 300/400 බැංකුවේ තියනවා කියලා පාර්ලිමේන්තුවේ කීවෙත් ඔය කියන කෙනාම තමයි. උපයා ගත්ත හැටි කව්ද දන්නේ?
බද්රානි Saturday, 19 January 2019 10:03 AM
ජාතිය, ආගම විකුණා, රාජ්‍ය බලය පැහැර ගන්න උත්සාහ කරන තක්කඩි දේශපාලකයින් රැලක් හා, එලොවටත්, නැති, මෙලොවටත් පලක් නැති, පූජකයින් රැලක් මන්ද බුද්ධික අඥාන ජනතාව නොමග යවමින් කරන රංගනය කවදා හෝ කෙලවර වන්නේ, රට හා ජාතියේම විනාශයෙන් බව වැටහුණු දිනක, ඒ රට හෝ ජාතිය මේ මිහිතලය මත සටහන් නොවනු ඇත. එවැනි අමනයින්ට මේ මිහිතලය මත සදා පැවැත්මක් හිමි නොවනු ඇත...
BamunuarachchiSaturday, 19 January 2019 12:26 PM
රනිල්ට ඔහොම තදින් කතා කරන්න එපා. ගැහැණුන්ගේ මොලේ හැඳිමිටේ දිග කියලා රනිල් කීවේ නැහැනේ...
DarshanaSaturday, 19 January 2019 12:40 PM
වර්තමාන රජය ඊට හොඳම උදාහරණයයි...
BamunuarachchiSaturday, 19 January 2019 02:56 PM
සිංහල අපේ රටින් 2/5 භුමි ප්‍රමාණයක් ඉල්ලන, ඉඩම් පොලිස් බලතල ඉල්ලන සුමන්තිරම් සම්පන්තන්, 20 න් ඔවුන්ගේ ඉල්ලීම් නොලැබෙනවා නම් ඉටුනොවෙනවානම් මොන කෙසෙල් මලකටද මේ ව්‍යවස්ථාව ගෙන එනවාට උඩින්ම කැමති වෙන්නේ. ඔවුන් 20 ට පක්ෂවන්නේ ඔවුන්ගේ ඉල්ලීම් ඉටුවෙන නිසා බව තේරුම් ගන්න, මොලය හැඳිමිටට වඩා දික් විය යුතුද?
Thilina Saturday, 19 January 2019 06:57 PM
ඉතිහාසයේ වැඩිම හාමුදුරුවන් ගණනක් හිරේ දැම්මේ ඔය ආණ්ඩුවම තමයි.. පන්සලේ පින් පෙට්ටියට බදු ගැහුවේත් මේ අයම තමයි.. රණවිරු සැමරුම නවත්තලා ජාතික ගීයත් භාෂා දෙකකින් කියන්න ඕනේ කිව්වෙත් මේ ආණ්ඩුවම තමයි. එතකොට ඔයා කියනවා ඇත්තේත් මේ ආණ්ඩුවම ගැන වෙන්න ඇති...
BamunuarachchiMonday, 21 January 2019 12:00 AM
ඒ විතරක්ද නිදහස් දවසේ අජිතපර ලයිලා සින්දුව කීවෙත් ලැප්ටොප් ඩාන්ස් දැම්මෙත් මේ ආණ්ඩුව තමයි. රනිල්ගේ එකම බලාපොරොත්තුව රටේ වැදගත් අවස්ථවලදී සිංහලයාට තිබෙන විශේෂ තැන නැතිකර සුළු ජාතීන්ටත් විශේෂ තැන දෙන්නයි. මෙතන දන් බෙදන විටදීවත් ශ්‍රද්ධා ගතියක් මුහුණේ තිබෙනවාද බලන්න.
sirimal Saturday, 19 January 2019 10:48 AM
ලංකාවේ මහජන මතය ගොඩ නඟන්නේ ජනමාධ්‍ය ආයතන මඟින් බව මෙහි දක්වා ඇති අදහස් වලින් හොඳහැටි පෙනෙන දෙයක් බවයි කිව යුත්තේ. 2015 සම්මුති ආණ්ඩුව බලයට පැමිණියේ නව ව්‍යවස්ථාවක් අනුමත කර ගන්නවා යන පොරොන්දුව මතයි. මෙම පොරොන්දුව පරිදි නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂය මෙන්ම විපක්ෂයේද පුර්ණ අනුමැතිය ලැබීමෙන් අනතුරුව ඒ පිළිබඳව සොයා බලා අවශ්‍ය යෝජනා ඉදිරිපත් කිරීමට පත්කළ විශේෂඥ කමිටු වාර්තාව දැන් ආණ්ඩු විරෝධී ජනමාධ්‍ය සහ විපක්ෂයේ සමහර පිරිස් විසින් ආණ්ඩුව අපකීර්තියට ලක් කිරීම සඳහා පාපන්දුවක් ලෙසට යොදාගෙන කටයුතු කරන බව කිව යුතුයි.
Thilina Saturday, 19 January 2019 07:00 PM
පුදුම කීර්තියක් නොව මේ ආණ්ඩුවට තිබ්බේ.. පොඩ්ඩක් පාරේ තොටේ බැහැලා මිනිස්සුන්ගෙන් ඇහුවා නම් අඩුවක් නැතුව අහගන්න තිබ්බා කීර්තිය...
SurathSaturday, 19 January 2019 11:55 PM
ඔයාගේ ලෙඩේ අන්ධකයිප්පුවයි...
Hafeel Saturday, 19 January 2019 11:04 AM
මේ රටේ එක් ජාතියකයට හෝ පළාතකට හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කරන්න තරම් ප්‍රශ්නයක් නැත. පොදුවෙන් සියලු ජනයාට බලපාන්න පරිපාලන, අධ්‍යාපන, සෞඛ්‍ය, රැකියා, ප්‍රවාහන, ජීවන වියදම් ප්‍රශ්නවල් තියනවා. බලය බෙදාහරිනවයි කියමින් සිදුවුනේ දේශපාලකයන්ට අසීමිත බලතලයි, වරප්‍රසාදයි ලැබනවා. ඕවා තමයි පළාත් සභාවලටත් වුනේ..
Raveendra Saturday, 19 January 2019 11:05 AM
අලුත් ව්‍යවස්ථාවක් නැත දැක්කේ විපක්ෂය. ගෙදර කුඹුර නැත දැක්කේ සැමවිටම... බලය ලැබේනම් කුඹුරත් දෙමේ අදේටම... දැන් පන්සල් යනවා පුටුවේ " හිටගන්නටම "...
ලුම්බිණි Saturday, 19 January 2019 11:12 AM
අගමැති කියන කතාව ඇත්ත...
පිටිගල මිලානෝ Saturday, 19 January 2019 11:13 AM
ඒ පාර කොලේ වහලද ගහන්න යන්නේ? අායෙත් මැතිවරණ ලෝක වාර්තාවක් තියන්නද යන්නේ?
Saman Saturday, 19 January 2019 12:42 PM
ඔබගේ අගය තේරුම් ගැනීමට වහල් මානසිකත්වයෙන් ජීවත්වන බත් කන ගවයන්ට චිරාත් කාලයක් ගතවනු ඇත.
BamunuarachchiSaturday, 19 January 2019 02:43 PM
රනිල් මහත්තයෝ ඔබත් 30 වතාවක් ඡන්දවලින් පරාජය කළ ජනතාවට හොඳ මානසිකත්වයක් තිබෙන බව පිළිගන්න. 2005 දීත් අපි ඔබව තොරාගත්තේ නම් ඔබ රට බෙදා ප්‍රභාකරන්ට දෙන්නේ මාමගේ ව්‍යවස්ථාවෙන් නේද. සමන් ඇතුළුව බත් කන ගවයන් 62 සිටි නිසා ඔබ 2015 දී නැවත පත්වී ඒ අයට ඔබ කව්ද කියා පෙන්විය. ඔවුන් තමන් වහලුන් බව නොදන්නා වහලුන්ය. ඒ නිසානේ බැංකුව කොල්ලකාපු යාලුවා අල්ල නොදීම ගැන වහල්ලු ප්‍රශ්න නොකරන්නේ. බැංකු කොල්ලකා රටේ ආර්ථිකය විනාශ කඛ මහේන්ද්‍රන් අල්ලා නඩුපවරා දඬුවම් කරනවාය කියා කවමදාකවත් කියා තිබෙනවාද? නැත. එසේ නම් රනිල් පසුපස යන්නෝ බත්කන ගවයින් නොවේද? තමන් වහළුන් බව නොදන්නා වහළුන් රනිල් මේ රටට කළ සේවය කුමක් දැයි ඔවුනොවුන් වත් ප්‍රශ්නකර නොගනී ඒ තරමට ඔවුන් වහල්ලුය.
Chanak los angelesSaturday, 19 January 2019 10:46 PM
ප්‍රභාකරන්ට කවදාවත් රට භාරදුන්නේ නැහැ කියලා නොදන්නේ මෝඩයෙක්ම පමණයි.. වීරෝදාර නිරායුධ පොලිස් නිලධාරීන් 800 කට වැඩි ප්‍රමාණයක් බොරු ප්‍රයෝගයකින් සැලසුම් කරමින් රැගෙන ගොසින් කුරිරු ලෙස ඝාතනය කළ ප්‍රභාකරන්ගේ දෙවෙනියාට පක්ෂයේ උප සභාපතිකම දුන්න එකනම් සිදුවුණා.. මේ අපරාධය කවදාවත්ම ජනතා හිත්වලින් මැකී යන්නේ නැහැ.. එනිසා නිකං බයිලා නොගහ හොරුන්ට කඩේ යන්න..
Chanak los angelesSunday, 20 January 2019 04:18 AM
අධිකරණයට වැලි ගහලා රට පැනපු ජාලිය කියන රෙජීමයේ කෙනාටත් ඔන්න මෙහේ නඩු පවරලා.. රෙජීමයේ හැම එකාම හොරු ..ඇඳුම් ඇඳගෙන මේ අයගේ පස්සෙන් යන එවුන් ඉන්නවද ?
BamunuarachchiMonday, 21 January 2019 12:51 AM
අන්නහරි අධිකරණයට වැලි ගහලා පැන්න අය අධිකරණයට ඉදිරිපත් කර හොරු යයි රටේ සම්මත කරන්න. එසේ නැතිව හොරුකියා ඔප්පුවෙන්නේ නැත. බැංකු හොරු හැරෙන්නට වෙන කිසිම කෙනෙක් හොරෙක් කියා උසාවියක හෝ කොමිසමක් සම්මත උනේ නැත. කොටින්ම ජොන්සන් මහතාත් නිදොස්කොට නිදහස් උනා. අපි හොරු කියා පට්ටා ගහන්නේ කොමිෂන් සභාවලින් සම්මත වූ හොරුන්ටය. තවමත් මහින්දගේ ලම්බෝගිනි, රත්තරන් අශ්වයෝ, ප්ලේන් බලන්න පිටපට ගහගෙන බලාගෙන ඉන්න එජාපයෝ ඉන්නවාය. ඔවුනට තමන්ගේ නහය යට උන බැංකු හොරකමේ ආදීනව පෙනෙන්නේ නැත.
BamunuarachchiSunday, 20 January 2019 04:31 AM
අපි හොරුන්ගේ අගයත් දනිමු. නමුත් මේ බැංකු හොරාගේ කිසිම අගයක් වටිනාකමක් නොදකිමු. මේ බැංකු හොරා ළඟ තිබෙනවාය ඔබ කියන අගය කුමක්දැයි අපට කියන්න. එ් කෙසේවෙතත් මේ බැංකු හොරාට පාර්ලිමේන්තුව තුල අනිකුත් මන්ත්‍රීන් ලවා බැංකු හොරා බැංකු හොරා යයි කෑ නොගැස්සවීමට තරම් මහින්ද මහතා, රෝයල් නොගිය, මහත්මයෙක් විය. බැංකු හොරුන් ළඟ එම මහත්මා ගතිය නොවීය...
senarath Saturday, 19 January 2019 01:06 PM
මෙයාලා 2015 කිවේ දුෂණයෙන් තොර යහපාලනයක් ගෙනෙනවා කියලා . එහෙම කියල ඇවිත් පළමු මාස 3 ඇතුළතම මහබැංකුව කොල්ල කෑවා. ජිනිවා ගිහිල්ල අපේ රට පවා දීලා අාවා , චීනෙට බැන බැන ඉදල අද චිනෙන්ම ණය ගන්නවා , පාරවල් හදන්නේ රත්රන් වලින්ද ඇහුව ඒ වුණාට අද පාරවල් වලට ගෙවන්නේ එදාටත් වඩා වැඩි මිලක් , ඡන්ද නොතිය කල්මරමින් අවුරුදු 3 ගියා. දැන් පාටලී කියනවා ගංගා වලින් ඇවිත් ගාලු මුවදොර පිරුණු වැලිගොඩ දමල කල ගොඩකිරීම ඉතාම වටිනා එකක්ලු. මේ ගොයියලම 2015 කිවුවේ පරිසර හානියක් කියල . එහෙම කියල එක නවත්තල චීනුන්ට ඩොලර් මිලියන 118 ක වන්දිත් ගෙවුවා. ඒ නිසා මේ ගොයිය අද කියන්නෙත් එකක් කරන්නේ වෙන එකක් කියල බොහොම පැහැදිලි.
Bandara Saturday, 19 January 2019 07:28 PM
අම්මෝ ඔව්... එහෙම දෙයක් හිතන්නෙවත් නැතිව ඇති. බෙදන්න පුළුවන් නම් මේ දැන්ම බෙදන්න හරිම කැමතියි මෙයා. මිනිස්සු කෑගහන හින්දා තමයි අකුළාගත්තේ... ඒත් තව ටික දවසකින් ආයෙත් රට බෙදන සමාරම්භක වැඩසටහනක් පටන් ගනියි.
nihal Saturday, 19 January 2019 08:22 PM
ඒ සුත්තර පුංචා තනිකර කෙලින්නේ පිස්සු.. උඩින් මිතුරු යටින් හතුරු... රට රවටනවානේ පුස්සෝ..
Jerami Sunday, 20 January 2019 12:24 AM
ගණන්ගන්න එපා අගමැතිතුමා. කොරහේ කිඹුල්ලු දකින මිනිස්සු අපේ රටේ ඉන්නේ...
BamunuarachchiMonday, 21 January 2019 12:06 AM
එහෙම කියන්න එපා කොරහේ වතුරේ හෙවනැල්ලෙන් අපි දකින්නේ අපි පිටුපස ඉන්නා මිනීමරුවාය
maraya Sunday, 20 January 2019 01:21 AM
ව්‍යවස්තාව අනුමත කිරීම මහජනයාට බාරදෙන්න, නැත්නම් පාරට බහිනවා. මේක මහජනයාගේ රට, මේක බල ලෝභී දේශපාලකයන්ගේ රටක් නෙමේ. මේක අනුමතකරන්න ඕනේ ඇමතිවරුන් නෙමේ...
chandima Sunday, 20 January 2019 01:23 AM
දකින්න පෙන්නන්න එපැයි. අක්ක පෙන්නලා නංගිව දුන්නා වගේ වැඩක්නේද කරන්න යන්නේ?
බැංකු සුද්දා... Sunday, 20 January 2019 03:03 AM
මහා බැංකු හොරෙක් රටකට ව්‍යවස්ථාවක් හදන්නේ රටට හොරයක් කරන්න කියන එක මහාජනතාව දන්නවා...
Soma dubayi Sunday, 20 January 2019 09:16 AM
බොහොම හොඳ කතාවක් අගමැතිතුමා... බලය බෙදා සංධීය ආණ්ඩුක්‍රම ගෙනඒමට මේක හොඳම අවස්ථාවක්...
BamunuarachchiSunday, 20 January 2019 05:22 PM
රනිල් ඔබ ව්‍යවස්ථාවට උපදෙස් ගත්තේ කහින කුලිය ලිට්‍රොගෑස් එකෙන් ලබාගන්න චීවරධාරීන් ගෙන්ද? අනේ සාධු. රටේ සිංහල ජාතියට හිමි බලය සුළු ජනවාර්ගිකයින්ට බෙදා දෙනවාට කැමති සිංහලයොත් මේ භුමියේ ඉන්නවා. අනාගත සිංහල දරුවන් ඔවුන්ගේ රට ඔවුනට අහිමිවීම ගැන ශාප කලයුත්තේ හිටපු පාලකයින්ට නොව ඔවුන්ගේම දෙමව්පියන්ටය. දෙමලුන්ටත් රටේ බලය දියයුතුයි කියා සිතු අයගේ ඔලු සත්කඩකට පැලෙයි.