IMG-LOGO

2025 මාර්තු මස 12 වන බදාදා


‘ව්‍යවස්ථා සංශෝධන- ගැටලුකාරී අණපණත් පාර්ලිමේන්තුව විසුරුවන තෙක් ගේන්නේ නැහැ‘

(නිමල කොඩිතුවක්කු)
 
නව පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ වී  ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවන තෙක් කාලය තුළ ව්‍යවස්ථා සංශෝධන, අර්බුධකාරී හෝ  ගැටලුකාරී අණපණත්  කිසිවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත්  නොකරන බව අධ්‍යාපන ක‍්‍රීඩා හා යෞවන කටයුතු  අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ලංකාදීපයට අද(25) පැවැසීය.

ආණ්ඩු පක්ෂයේ  පාර්ලිමේන්තු කණ්ඩායමේ  ශක්තිය ගැන හොඳ අවබෝධයකින් කටයුතු කරන බැවින් ඉදිරි කාලය තුළ පාර්ලිමේන්තු බහුතරය පිළිබඳ කිසිදු ගැටලුවක් ඇති වේ යැයි තමන් විශ්වාස නොකරන බවත් ඔහු සඳහන් කළේය.

පාර්ලිමේන්තු බලයක් නොමැතිව  ව්‍යවස්ථා සංශෝධනයකට යාමට කිසිදු උත්සාහයක් නොමැති බවත් එවැනි සංශෝධනයක් ගෙන එන්නේ නම් එය ඉදිරි මහමැතිවරණයෙන් පසුව සලකා බලන බවත් අමාත්‍යවරයා කියා සිටියේය.

ඊළඟ මහමැතිවරණයෙන් පසු ශක්තිමත් ආණ්ඩුවක් බිහි කිරීම සඳහා මහමැතිවරණය ජයග‍්‍රහණය කිරීම පිළිබඳ පූර්ණ අවධානය යොමු කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.



අදහස් (13)

‘ව්‍යවස්ථා සංශෝධන- ගැටලුකාරී අණපණත් පාර්ලිමේන්තුව විසුරුවන තෙක් ගේන්නේ නැහැ‘

Aaarachchi Wednesday, 25 December 2019 01:20 PM

ඇමෙරිකන් කාරයෙක් බයිලා ගහනවා.

:       26       507

බමුණුආරච්චි Wednesday, 25 December 2019 03:13 PM

අධ්‍යාපන ක‍්‍රීඩා හා යෞවන කටයුතු ව්‍යවස්ථා සංශෝධන සහ අණපණත් පිළිබඳව කතා කිරීමට ඩලස් අලහප්පෙරුමට තිබෙන දැනුම සහ අධ්‍යාපන සුදුසුකම් මොනවද? මෙය ඇමරිකාවේ සිටියදී මොනවද කලේ කියලා අපි හොඳට දන්නවා. කොහොම වුණත් ගෝඨා සහ මහින්ද මහත්තයා හින්දා මේ ගොල්ලන් ගොඩ..

:       5       409

Silva Wednesday, 25 December 2019 03:15 PM

කැරට් 400යි. හාල් 140යි. වතුර බිලා වැඩි කරනවයි වාසු කිව්වා. MCC 70% හොඳයි ගම්මන්පිල කිව්වා... හම්බන්තොට වරාය බදුදීපුඑක 100%ක් හරි. ඒ ගැන නැවත සලකාබලන්නේ නැහැයි ගෝඨාභය කිව්වා, තෝරුමෝරු මහබැංකු හොරු අමතකයි. පාස්කු ප්‍රහාරය අමතකයි. පන්නන්නේ මෝටර් බයිසිකල් අනතුරු පස්සේ, මාස දෙකට මෙහෙම නම් කවුද හලෝ ඔයාලට මහ ඡන්දෙකදී ඔයාලට බහුතරයක් දෙන ගොන්නු... මේ පාර මහ ඡන්දෙන් බිහිවෙන්නේ මහේෂ් සේනානායකට රිමෝට් එක හම්බවෙන ප්‍රතිඵලයක්...

:       3       508

Mahee Wednesday, 25 December 2019 03:25 PM

වෙන විදිහකට කියනවා මේ කියන්නේ නම් මැතිවරණෙන් පස්සේ ගැටලුකාරී අණපනත් ගේනවා කියන එකනේ... ඒක නම් අපි දන්නවා. එ්ත් අපට එතකොට කරන්න දෙයක් නැතිවෙයි.

:       2       279

Champa Wednesday, 25 December 2019 04:30 PM

මොනවද මේ කියන්නේ? මහමැතිවරණය දිනනකම් තමයි මේ ඇස් බැන්දුම කියලද? ඊට පස්සේ එන්නේ නියම හිට්ලර් සහ ඔහුගේ ආණ්ඩුව කියලද? එදාට MCCත් අත්සන් කරනවා. විදේශිකයින්ට හෝටල් හදන්න දීලා දේශීය හෝටල් කර්මාන්තය නැති කරලා දානවා. තවතව වටිනා ඉඩම් විදේශිකයින්ට විකුණනවා. පෝට් සිටි එක හින්දා කොහොමත් අපේ සංචාරක ව්‍යාපාරය කඩා වැටෙනවා. දැන් හොරගල් අහුල අහුලා ඉන්න දේවල් ඉස්සරහට කරනවා කියලද? මේ කියන්නේ? මම අවුරුදු 5ක් තිස්සේ කියපු දේ ආපහු කියනවා. කිසිම සිංහලයෙක් ව්‍යවස්ථා සංශෝධනයක් ඉල්ලුවේ නැහැ. ව්‍යවස්ථා සංශෝධන ඉල්ලුවේ සුළු ජාතීන් සහ දේශපාලකයන්.. ජනාධිපතිවරණය කාලේ වෙනකොට මුළු රටම MCC/SOFA/ACSA ගිවිසුමට විරුද්ධ වෙලා හිටියේ. වහල් ආණ්ඩුව ගෙදර යවන්න තිබ්බ ආසන්නම හේතුව ඒක. දැන් ජනාධිපති ඔය 4 දෙනෙක්ගේ කමිටුවක් පත්කරලා තියෙන්නේ MCC ආයතනය රනිල් එක්ක එකඟ වෙච්ච ගිවිසුම අත්සන් කරන්න. මේ ආණ්ඩුවට එක්ක MCC එක ගිවිසුමකුත් නැහැ. දැන් කරන්න හදන්නේ රනිල් නොකරපු දේ. මොනතරම් ලොකු පාවාදීමක්ද? මොනතරම් ලොකු රැවටීමක්ද? බලාගෙන ගියාම යහපාලනය ගෙදර යවලා මිනිස්සු පත් කරගෙන තියෙන්නේ "යූ-ටර්න් ජනාධිපතිවරයෙකුයි" "යූ-ටර්න් ආණ්ඩුවකුයි."

:       149       605

බණ්ඩාර Wednesday, 25 December 2019 05:13 PM

හැමදේම රනිල් පිටින්දාලා මේ ගොල්ලෝ මුළුරටම රවට්ටලා MCC ගිවිසුම නොවේ... ඔය ගිවිසුම් සේරම අත්සන් කරලා කියාවි මානුෂික ආකාරයට ගිවිසුම සකස් කර අත්සන් කළා කියලා. උපදේශකයන් හැටියට ඉන්නෙත් ආර්ථික ඝාතකයන් යනුවෙන් රටට හඳුන්වාදුන් කට්ටියනේ...

:       0       518

munasingheThursday, 26 December 2019 12:33 AM

අපේ රටේ ඉන්න නුගත් මෝඩ ගෝත්‍රික වහල්ලුන් සිටිනතාක්කල් මේ ප්‍රෝඩාව ඉදිරියටත් යනවා. දවසක හමුදාව අනිත් පැත්තට හැරුනොත්, නැතිනම් ලේ හලන විප්ලවයකින් පමණයි මෙය වෙනස් කල හැක්කේ.

:       0       388

ChampaWednesday, 25 December 2019 08:59 PM

මහින්ද රාජපක්ෂ අගමැතිතුමා සහ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු ගැන මම හොඳට දන්නවා. ඔවුන් හැමදාම හිටියේ ජනතාව පැත්තේ. නමුත් ඔවුන් අද යූ-ටර්න් ජනාධිපතිගේ සහ පොහොට්ටුවේ නිර්මාතෘගේ ප්‍රාණ ඇපකාරයින් වෙලා. අනිත් පැත්තෙන් කාටූන්කාරයොත් වැරදි චිත්‍රයක් පෙන්වන්න හදනවා. MCC ගිවිසුම අත්සන් කරන්න හදන්නේ අගමැතිතුමා කියලා. යූ-ටර්න් ඔක්කොම වැරදි ඒ පිටින් යවන්න හදන්නේ. කල්පනාවෙන් නොහිටියොත් අනුන්ගේ තීරණවල අපවාද ගැරහිලි තමන්ට එන්න පුළුවන්...

:       49       110

athuraThursday, 26 December 2019 04:21 AM

චම්පා බලය ගන්නකන් ඔවුන් හිටියෙ ජනතාව පැත්තෙ බලය ගත් පසු ඔවුන් ඉන්නෙ පවුල පැත්තෙ.

:       0       150

ravinThursday, 26 December 2019 12:39 AM

මේ ආණ්ඩුවේ ඉන්නේ හිට්ලර්ලා කියලා දන්නේ දැන්ද..? ඡන්දෙට ඉස්සර දන්නේ නැතිද..?

:       0       138

lalithm Thursday, 26 December 2019 04:35 AM

අර හිට්ලර් හොඳයි කියපු අය දැන් කොහිද? නායකයෝ පැත්තක ඉද්දි මේ කාටුන්කාර ඇමෙරිකානුවා සද්දේ දමන්නේ මොකද දන්නේ නැහැ.

:       0       192

Buddika Thursday, 26 December 2019 10:05 AM

මගුලක් කතාකරනවා. හාල් ගිනිගණන්... එළවලුත් ඊට දෙවැනි නැහැ. මේ දෙකම හිඟයකුත් තියනවා. ගෑස් හිඟයකදී මැරෙන්න කෑගහපු අය මේවට කෑගහන්නකෝ.. බලයට එද්දී දහසක් පොරොන්දු ... ඒත් දැන්? අනික අණපනත් ගැන මෙයා මොනවද දන්නේ? ඉදිරිපත් කළොත් පරාද වෙනවා.

:       0       1

අසේල Thursday, 26 December 2019 02:51 PM

හාල් ගිනිගණන්... එළවළුත් ඊට දෙවැනි නැහැ. මේ දෙකම හිඟයකුත් තියනවා. බුද්ධික මගුලක් කතානොකර බහිනවකෝ පාරට... කියන්නකෝ නුඹලාට ඡන්දය දුන් ජනතාවට සහනයක් දෙන්න කියලා...

:       1       0

ඔබේ අදහස් එවන්න

 

එසැණ පුවත්

ත්‍රිකෝණමඩුව රක්ෂිතයට ඇතුළු වුණාට ලක්ෂ 27ක දඩයක්
2025 මාර්තු මස 12 851 0

පොළොන්නරුව වැලිකන්ද ත්‍රිකෝණමඩුව රක්ෂිතයට නීති විරෝධී අන්දමින් ඇතුළු වූයේ යැයි චෝදනා ලැබ සිටි චූදිතයන් හය දෙනකුට එක් අයකුට රුපියල් 4,50,000 හතර බැඟින් චූ


තැනින් තැනට අද තද වැසි
2025 මාර්තු මස 12 210 0

උතුරු, උතුරු - මැද, නැගෙනහිර, ඌව සහ දකුණු පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කීපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


බෙදුම්වාදීහු මගී දුම්රියක් පැහැර ගනිති
2025 මාර්තු මස 12 1520 0

පාකිස්තානයට අයත් බලුකිස්තාන ප්‍රාන්තයේ බලොච් විමුක්තිකාමී බෙදුම්වාදී සටන්කාමීහු පිරිසක්, මගීන් 100 කට වැඩි පිරිසක් සමඟ මගී දුම්රියක් පැහැර ගත්හ.



රිලා - වඳුරු උවදුරට අම්බලන්ගොඩින් විසැදුමක් කියයි
2025 මාර්තු මස 11 1970 0

රිලව් වඳුරන් වැනි වගා හානි කරන සතුන් දූපතකට හෝ ගෙන ගොස් දමා දානය දෙනවා වගේ දිනපතා කෑම දෙන වැඩපිළිවෙළකට යා යුතුව ඇතැයි වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය ඇමති න


අදානිගෙන් කොළ එළියක්
2025 මාර්තු මස 11 1884 0

මන්නාරම් සුළං විදුලි බලාගාර ව්‍යාපෘතියට පෙර ලබාදුන් අනුමැතීන්ට අනුව කටයුතු කිරීමට රජය කැමැත්තෙන් පසුවන්නේ නම් නැවතත් මෙගා වොට් 484 ක පුනර්ජනනීය බලශක්


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 109 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 259 0
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 201 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site