IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


වීරකැටිය උපවාසයේ යෙදී සිටි මව්වරු දෙදෙනෙක් අසාධ්‍ය වී රෝහලට

(අනීෂා මානගේ)

වීරකැටිය ප්‍රාථමික විද්‍යාලයේ පළමු ශ්‍රේණියට දරුවන් පහළොස් දෙනෙකු ඇතුළත් කර නොගන්නා බව කියමින් මවුපියන් පිරිසක් ආරම්භ කළ මාරාන්තික උපවාසයේදී අසාධ්‍ය තත්ත්වයේ පසුවූ මව්වරුන් දෙදෙනෙකු අද (2) දහවල් ප්‍රතිකාර සඳහා තංගල්ල මූලික රෝහලට ඇතුළත් කරනු ලැබීය.

මෙලෙස රෝහල්ගත කර ඇත්තේ වී. ජී. ජීවන්ති සහ එච්. පී. ලක්ෂානි නම් මව්වරු දෙදෙනෙකි.

වීරකැටිය ප්‍රාථමික විද්‍යාලයේ පළමු ශ්‍රේණියට දරුවන් 15 දෙනෙකු ඇතුළත් කර නොගන්නා බව කියමින් ඉකුත් 27 වැනි දා මව්පියෝ පිරිසක් එම විද්‍යාලය ආසන්නයේ සකස් කරන ලද අට්ටාලයක නැඟ උපවාසයක් ආරම්භ කළහ.

දින හතරක කාලයක් ගෙවුනද තම ගැටළුවට විසඳුමක් නොලද හෙයින් ඔවුහු ඉකුත් 31 දින මාරාන්තික උපවාසයක් ආරම්භ කළහ.

මෙම උපවාසය සඳහා වීරකැටිය ප්‍රාථමික විද්‍යාලයේ 2019 වර්ශයේ පළමු ශ්‍රේණිය සඳහා ඉල්ලුම් කර ඇති දරුදැරියන්ගේ මව්පියෝ පිරිසක් එක්වූහ.

  



අදහස් (2)

වීරකැටිය උපවාසයේ යෙදී සිටි මව්වරු දෙදෙනෙක් අසාධ්‍ය වී රෝහලට

Hafeel Tuesday, 02 April 2019 11:19 AM

කෝ අර දුෂණ නැතිකරන්න ආපු දකුණු පළාත් ආණ්ඩුකාර? දින හතරක කාලයක් ගෙවුනද තාම අර ආණ්ඩුකාරට මේ සුළු ප්‍රශ්නයක්වත් විසඳන්න බැරි නං. නමුත් විවෘර්ත කරන උත්සවවලදී රිබන් පටි අල්ලන්න ඔක්කොම පොරකනවා.

:       0       0

Raveendra Wednesday, 03 April 2019 02:06 PM

අකිල මල්ලියේ කොහේද හැංගිලා ඉන්නේ...? ටැබ් ටික රට පුරා බෙදුවද මේ හැඟෙන්නේ... දැක්කේ නැද්ද වැඩටික වීරකැටියේ අම්මලාගේ... දැන්වත් වරෙන් එලියට...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

අනුර උතුරෙන් සමාව ගත යුතුයි
2024 සැප්තැම්බර් මස 08 284 0

අනුර දිසානායක යාපනයට පැමිණ කළ තර්ජනකාරී ප්‍රකාශය සම්බන්ධයෙන් උතුරේ ජනතාවගෙන් වහාම සමාව ගත යුතුව ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යාපනයේ ජන රැළ


‘‘අපේ ඇමැති මණ්ඩලය 25යි‘‘
2024 සැප්තැම්බර් මස 08 203 0

එළබෙන 21 පසුව අපි පිහිටුවන රජයේ විද්‍යාත්මක ඇමති මණ්ඩලයක් තමයි අපි හදන්නේ. එයට 25 දෙනයි. රාජ්‍ය ඇමතිවරු නැ . නියෝජ්‍යය ඇමති විතරයි. ඒ ඒ විෂයට අදාල ක්ෂේත්‍රය


ජනපති මාවෙයි හමුවෙයි
2024 සැප්තැම්බර් මස 07 850 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නි


‘‘රටේ සංස්කෘතිය අප ආරක්ෂාකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 07 232 0

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලි


විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය අනුරට
2024 සැප්තැම්බර් මස 07 727 0

මෙවර ජනාධිපතිවරණයේදී ,විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ලබාදීමට තීරණය කර ඇතැයි එ


කදුරුවෙල නගරයේ කඩයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 07 155 0

පොලොන්නරුව කදුරුවෙල නගරයේ වෙලද සංකීර්ණය වෙළෙඳහලක ගින්නක් හට ගෙන ඇති බව කදුරුවෙල පොලිසිය කියයි.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1814 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site