IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


වර්ණ සංකේත ක්‍රමය අප්‍රේල් 2 වැනි දා සිට අනිවාර්යයි

විනීතා එම් ගමගේ

     
ආහාර හා බීම වර්ගවල ඇති ලුණු හා තෙල් ප්‍රමාණය සඳහන් වර්ණ සංකේත ක්‍රමය අප්‍රෙල් 2 වැනි දා සිට අනිවාර්ය කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
 
මීට පෙර 2016 වසරේ සිට සීනි ප්‍රමාණය සඳහන් වර්ණ සංකේත ක්‍රමය අනිවාර්ය වී ඇති අතර අප්‍රේල් 2 වැනි දා සිට සීනි තෙල් හා ලුණු අඩංගු ප්‍රමාණයන් වර්ණ සංකේත අනුසාරයෙන් සටහන් කිරීම අනිවාර්ය වන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ නියේජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (ආහාර පාලන) විශේෂඥ වෛද්‍ය ලක්ෂ්මන් ගම්ලත් මහතා ප්‍රකාශ කළේය. 

මේ අනුව ග්‍රෑම් සියයකට සීනි ග්‍රෑම් 22 කට වඩා වැඩි ප්‍රමාණයක් ඇත්නම් රතු වර්ණ සංඥාව ද ග්‍රෑම් සියයකට සීනි ග්‍රෑම් අටේ සිට 22 දක්වා ඇත්නම් මධ්‍යම ප්‍රමාණය හැඟවෙන කහ පැහැ වර්ණ සංඥාව ද, එම ප්‍රමාණය ග්‍රෑම් 8 ට  වඩා අඩු නම් එහි කොළ පැහැති වර්ණ සංඥාව ද සඳහන් කළ යුතු බව ද හෙතෙම සඳහන් කළේය.
  
ලුණු සඳහා නම් ග්‍රෑම් සියයකට ලුණු ග්‍රෑම් 1.25 කට වඩා වැඩිපුර අඩංගු නම් එහි රතු පැහැ වර්ණ සංඥාව ද යෙදිය යුතු අතර ග්‍රෑම් සියයකට ලුණු ග්‍රෑම් 1.25 සිට .25 දක්වා ඇත්නම් කහ පැහැ වර්ණ සංඥාව ද 25 ට අඩු නම් කොළ පැහැ වර්ණ සංඥාව ද යෙදිය යුතු බව ද වෛද්‍ය ලක්ෂ්මන් ගම්ලත් පැමැසීය. 

මේදය සඳහා වන රෙගුලාසි  යටතේ සෑම ග්‍රෑම් සියයකටම මේදය ග්‍රෑම්  17.5 ද ට වඩා වැඩිනම් රතු පැහැ වර්ණ සංඥාව ද, ග්‍රෑම් සියයකට මේදය ග්‍රෑම් 17.5 සිට 3 ක් දක්වා ප්‍රමාණ සඳහා මධ්‍යම ප්‍රමාණය හැඟවෙන කහ පැහැ වර්ණ සංඥාව ද, ග්‍රෑම් තුනට වඩා අඩුනම් කොළ පැහැ වර්ණ  සංඥාව ද යෙදිම අනිවාර්ය වේ.

කෙසේ වෙතත් කිරි එළවළු පළතුරු, සහල්, කුඩා වර්ගයේ පැකැට්ටු තළ ඇති ආහාර, තේ, කෝපි, වතුර බෝතල් වෛද්‍යවරුන් විසින් නියම කරන ආහාර, ආහාර තොග අසුරණ ළදරු කිරි ආහාර ආදිය සඳහා මෙම රෙගුලාසි බලාත්මක නොවේ.

නව නීතිය අප්‍රේල් 5 වනිදා සිට අනිවාර්යයෙන් ක්‍රියාත්මක වන බව නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා තවදුරටත් සඳහන් කළේය. 
 
ගම්ලත් මහතා මේ අදහස් පළ කළේ සෞධ්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (17) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.



අදහස් (5)

වර්ණ සංකේත ක්‍රමය අප්‍රේල් 2 වැනි දා සිට අනිවාර්යයි

Bamunuarachchi Sunday, 17 March 2019 06:52 PM

නිවැරදිව සටහන් වෙනවානම් බොහොම හොඳ කටයුත්තක්. ඒ වගේම ඒ ඒ ආහාර බීම වලට තිබෙන ඉල්ලුම බලා නිෂ්පාදකයින්ට සීනි පාවිච්චිය අඩුකර ගැනීමට හැකිවනු ඇත.

:       0       4

Nihal Monday, 18 March 2019 12:54 AM

අඩංගු දේ හරියටම නිවැරදි බව පාරිභෝගිකයා දැනගන්නේ කෙසේද ? නිෂ්පාදකයාට ව්‍යාජව සදහන් කල හැකිනේ ?

:       0       8

දිලුම් Monday, 18 March 2019 04:05 AM

අපේ රටේ හුගාක් නීති තිබුණට ඒවා හරියට ක්‍රියාත්මක වෙන්නේ නෑ. ඒක හොයන්න කෙනෙකුත් නෑ. ඒ නිසා මේ වගේ වටිනා වැඩ කලාම ඒක වෙනවද කියන එක හා එහෙම නොවෙනවනම් දෙන දඩුවම පිළිබඳවත් හොයා බලා ක්‍රියාත්මක වෙන්න. අනික මේ වගේ පාරිභෝගික යහපත හා සෞඛ්‍ය වෙනුවෙන් මේ රටේ තියන නීති රීති ගැන මහජනයාගේ දැනුම ඉතා අල්පයි. ඒකෙන් හොර මුදලාලිලා හොදට වාසි ගන්නවා.

:       0       6

Bamunuarachchi Monday, 18 March 2019 08:06 AM

නිවැරදිව සටහන් කිරීමෙන් නිෂ්පාදකයාට ලාභයක් මිස පාඩුවක් සිදුවන්නේ නැත.

:       0       0

Bamunuarachchi Tuesday, 19 March 2019 12:42 AM

හැබැයි ගෙදරකට ගියාම ලැබෙන තේ එකෙත් අයිස්ක්‍රීම් ගානට සීනි තිබෙනවා. එවිට තේ එකේ රස විදින්න බැහැ. කොටින්ම බ්‍රැන්ඩි ටිකක් බොන්න ගියාමත් එකට පැණි බීම එකතුකර ගන්නවා. මොන ඉස්තරම් බ්‍රැන්ඩියක් උනත් එහි රස විදින්නේ නැහැ විඳින්නේ පැණි බීම එකේ රස. ඒ මදිවාට අතේ උණුසුමට තිබිය යුතු බ්‍රැන්ඩියට අයිසුත් දමා ගන්නවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති මාවෙයි හමුවෙයි
2024 සැප්තැම්බර් මස 07 612 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නි


‘‘රටේ සංස්කෘතිය අප ආරක්ෂාකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 07 172 0

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලි


විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය අනුරට
2024 සැප්තැම්බර් මස 07 501 0

මෙවර ජනාධිපතිවරණයේදී ,විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ලබාදීමට තීරණය කර ඇතැයි එ


කදුරුවෙල නගරයේ කඩයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 07 122 0

පොලොන්නරුව කදුරුවෙල නගරයේ වෙලද සංකීර්ණය වෙළෙඳහලක ගින්නක් හට ගෙන ඇති බව කදුරුවෙල පොලිසිය කියයි.


නාමල්ගේ රැස්වීමට සෙල්ලම් පිස්තෝලයක් ගෙනා සිසුන් දෙදෙනා මාට්ටු
2024 සැප්තැම්බර් මස 07 1733 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිමඩ නගරයේ ඉන්ද්‍රානී සිනමා ශලාවේ පැවති ජනහමුවට සෙල්ලම් පිස්තෝලයක


සියලු ආගමික අයිතීන් සුරකින්න කැපවී ඉන්නවා
2024 සැප්තැම්බර් මස 07 183 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවම මෙරට සියලු ආගම්වල අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා රජය කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site