(විමුක්ති එස් රුද්‍රිගු)
ජනාධිපති කොමිෂන් සභාව වැරදිකරුවන් කළ ඇතැම් නිලධාරීන්ට උසස්වීම් ලැබුණෙ කොහොමද. මේ බෝම්බෙ පිපිරිලා ඉවර නැ. රට පුරාම බෝම්බ පුපුර පුපුර ඇත්ත එළිවෙමින් තියෙනවා. එදා ඒ අහිංසකයන් මරන්න පුපුරුවපු බෝම්බෙ අද බෝම්බෙ තියපු අය පුපුරවමින් තියනවා යැයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු තුමෝ පැවැසූහ.
පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාව අවසන් වාර්තාවෙන් පොලීසියේ සහ බුද්ධි අංශවල අහිංසක නිලධාරීන් බිල්ලට දී තමන් ඇඟ බේරා ගැනීමට වගකීම් විරහිත ලෙස ක්‍රියාකළ ආකාරය නිරීක්ෂණය කර එම නිලධාරීන්ට එරෙහිව නඩු මාර්ගයෙන් ක්‍රියා කළ යුතු බව නීතිපති වරයාට නිර්දේශ කර තියෙනවා.
නමුත් මේ වනතුරු එසේ නොකරන්නේ ඇයි. ජනාධිපති කොමිෂන් සභාව අවසන් වාර්තාවෙන් සමහර නිලධාරීන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක විය යුතු බව සඳහන් වී තිබුණත් අඩු තරමේ පොලිස්පති විනය පරීක්ෂණයක් වත් කළාද.
පාස්කු ප්‍රහාරයට දින 1000 පිරීම නිමිත්තෙන් බැසිලිකා දේවස්ථානයේ පැවැති විශේෂ යාඥාවක් මැල්කම් කාදිනල් රංජිති තුමෝ මේ බව පැවැසූහ.
මෙම අවස්ථාවට මුළු දිවයිනම ආවරණය වන පරිදි රදගුරු තුමන් ලා සහ කන්‍ය සොහොයුරියන් මෙන්ම දිවයිනේ සෑම දෙසින්ම බැතිමතුන් විශාල සංඛ්‍යාවක් මෙම අවස්ථාවට පැමිණ සිටියහ .
එක්සත් ජාතික පක්ෂයේ යාපහුව ප්‍රධාන සංවිධායක අචිනි ලොකුබණ්ඩාර මහත්මිය එක්සත් ලක් වනිතා පෙරමුණේ සභාපති ධුරයට පත්කර තිබේ.
වී කිලෝවක් සඳහා රජය ලබා දෙන උපරිම මිල මීට සුළු මොහොතකට පෙර ප්‍රකාශයට පත් කළේය.
ශ්රී ලංකා යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරාල් චන්දන වික්‍රමසිංහ මහතා පත්කළ බව යුද හමුදාව පවසයි.
බණ්ඩාරවෙල සිට විනෝද චාරිකාවක පැමිණ වීරවිල වැවේ දියනාමින් සිටි පුද්ගලයෙකු ඊයේ (04) සවස දියේ ගිලී අතුරුදහන්ව ඇතැයි වීරවිල පොලිසිය පවසයි .
රුපියල් එක් කෝටි විසි පන් ලක්ෂයක් පමණ වටිනා ’’ කුෂ් ’’ මත්ද්‍රව්‍ය තොගයක් , ටොෆී සහ චොකලට් පැකට් ලෙස සකස් කර , සිය ගමන් මලු තුළ සූක්ෂම ලෙස සගවා ගෙන , කටුනා
පළාත් පාලන ඡන්ද විමසීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට ප්‍රකාශ නොකරන්නේ ඇයිදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදයේ අද ප
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
‘‘වැරදිකරුවන්ට උසස්විම් ලැබුණේ කෙසේද?‘‘
බද්රානි Friday, 14 January 2022 08:35 PM
උසස් නිලධාරීන්ට උසස් වීම් ලැබුනේ ඒ උන්ගේ එවුන් නිසානේ? බලාගෙන, උන් තව තව බෝම්බ තියයි. එහෙම උන්ම බෝම්බ අටවලා අන්තිමට කියයි පල්ලියේ පියතුමා රජය අපහසුතාවයට පත්කිරීමට බෝම්බයක් තියා ගත්තා කියලා. උන් ඒ තරමටම තිරිසන්නු. කාදිනල් තුමාටත් හොඳ කෝට් එකක් අන්දලානේ තිබුනේ නේද? දැන් මෙතන නාහෙන් හඬලා පලක් නැහැ. පහුගිය කාලේ පුහු දේශ ප්‍රේමේ ඉහට ගහලා, ඔබ තුමාට ඇලජික් වෙලා තිබුණු, බටහිර රටවල් ඇතුළු ජාත්‍යන්තරයෙන් උදව් ලබාගෙන කතෝලික ජනතාව ආරක්ෂා කර ගන්න.
Bamunuarachchi Friday, 14 January 2022 09:40 PM
පිස්සු කියවන්න එපා.. දැන් මොලේ මඤ්ඤං වෙලා වගෙයි. ඔය කොමිසම පත් කලේ දඬුවම් කරන්න නොවෙයි, කරුණු කාරණා හොයන්න. මොන උසාවියෙන්ද වැරදි කරුවන් කළේ...?
Demuni Uduwara Saturday, 15 January 2022 04:14 AM
සුදුසුකම් ගන්න නම් ඔබ නීතිවලට අනුව වැඩකළ යුතුයි..
චන්දන Saturday, 15 January 2022 06:51 AM
ඔබවහන්සේ ලංකාවේ නේද ඉන්නේ?.. වැරැදි කිරීම උසස්වීම් සඳහා සුදුසුකම බව දන්නේ නැතිවද?
Bamunuarachchi Saturday, 15 January 2022 08:01 AM
වැරැදිකරු කියා තීන්දු කළේ කව්ද? මොන උසාවියෙන්ද?
කලවානගේ Saturday, 15 January 2022 05:46 PM
එහෙනම් ලංකා පාර්ලිමේන්තුවේ දැන් සිටින අය පත්වුනේ කොහොමද?