(ඩයනා උදයංගනී)
වැරදිකරුවා දුටු තැන ඔහුට දඬුවම් කිරීම කළා නම් යළිත් රට තුළ විනාශකාරී අන්තවාදී ත්‍රස්තවාදයක් ඇතිවන්නේ නැතැයි විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ මහතා පැවසීය.
මෙවැනි දේවලදී දේශපාලන වාසි ගැනීම සුදුසු නැති නමුත් මෙම වරදකරුවන් ආරක්‍ෂා කරන්නට ඇත්තේ යම් දේශපාලන උවමනාවක් නිසාදැයි සිතෙන බවද විපක්‍ෂනායකවරයා සඳහන් කළේය.
කෙසේ වෙතත් මෙම අවස්ථාවේදී පවතින යථාර්ථයට මුහුණ දී රට තුළ සංහිඳියාව හා එකිනෙකා අතර සම්බන්ධතාව තහවුරු කරගැනීම සඳහා ගනු ලබන සියලු ක්‍රියාමාර්ගයන්ට සහය දෙන බව ද මහින්ද රාජපක්‍ෂ මහතා කීවේය.
හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසුවේ පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී අද (26) පැවති ජාතික ආගමික සංහිඳියාව සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව මගින් කැදවූ විශේෂ සර්වආගමික හා සර්ව පාක්ෂික සමුළුව අමතමිනි.
දිඹුල්කුඹුරේ විමලධම්ම මල්වතු පාර්ශවයේ අනු නා හිමි, වෙඬරුවේ උපාලි අස්ගිරි පාර්ශවයේ අනු නා හිමි, කොටුගොඩ ධම්මාවාස ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මහ නා හිමි, ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහ නාහිමි ප්‍රමුඛ මහා සංඝරත්නය, ආචාර්ය ඔස්වර්ල්ඩ් ගෝමිස් විශ්‍රාමික අගරදගුරුතුමන්, ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනයේ සභාපති වින්ස්ටන් ප්‍රනාන්දු බදුල්ල රදගුරුතුමන්, සාමි ගුණාතේනන්දා සරස්වතීතුමන්, හින්දු ආගමික පදනමේ සභාපති බාබු ශර්මා කුරුක්කල්තුමන්, සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සංවිධානයේ සභාපති අල්ෂෙයින් එම්.අයි.එම් රිෆ්කි මුෆ්තිතුමන්, ෆාසිල් ෆාරුක් මවුලවිතුමන් ඇතුළු සර්ව ආගමික පූජකවරුන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, කතානායක කරු ජයසූරිය, අමාත්‍යවරුන් වන ගයන්ත කරුණාතිලක, තලතා අතුකෝරළ, ඒ.එච්.එම් හලීම්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දිනේෂ් ගුණවර්ධන, ඩලස් අලහප්පෙරුම, සී.බී රත්නායක, සුසිල් ප්‍රේමරජයන්ත, ගාමිණි ලොකුගේ, එම්.ඒ සුමන්දිරන්, අනුර කුමාර දිසානායක, විජිත හේරත් යන මහත්ම මහත්මීන්, ආරක්‍ෂක අංශ නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
බදුල්ල නගරය ආශ්‍රිත ප්‍රදේශයේ වායුගෝලයේ මීදුම මෙන් පවතින විස දුම මිනිස් සිරුරට අහිතකර තත්ත්වයක් උදාකර දී.ඇති හෙයින් මුඛ ආවරණ පළදින ලෙසට ආපදා කළමනාකර
ඉන්දියාවේ නවදිල්ලි නුවර පිහිටි රුවන්ඩා මහකොමසාරිස් කාර්යාලයේ ශ්‍රී ලංකාව පිළිබඳ රුවන්ඩා ජනරජයේ මහ කොමසාරිස් ජැක්කුලින් මුකන්රියා මහත්මිය අග්‍රාම
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය සහ ජපානයේ විදේශ කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු උප අමාත්‍ය අකිකෝ ඉකුයිනා මහත්මිය අතර හමුවක් අරලියගහ මන්දිරය
මාතර පරිපාලන දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම්/ දිසාපති තනතුරට පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
හැටන් දික්ඔය නගර සභා සිමාවේ ව්‍යාපාරිකයන්ට, පදිංචිකරුවන්ට, නගරයට පිවිසෙන පාරිභෝගිකයන්ට හැටන් පොලිසිය සහ හැටන් දික්ඔය නගර සභාව එක්ව අද (05) රතු නිවේදනය ස
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
‘වැරදිකරු දුටු තැන දඬුවම් කළා නම් යළිත් ත්‍රස්තවාදයක් ඇතිවන්නේ නැහැ’
පිටිගල මිලානෝ Friday, 26 April 2019 02:41 PM
ඔව් නේද..
OBathuma Friday, 26 April 2019 02:46 PM
දැන් වැරදි නොසොයා කළ යුතු දෙය ඔබතුමා පහදලා දෙන්න. එයයි අප ඔබතුමාගෙන් බලාපොරොත්තු වන්නේ..!!
ධනුෂ්කFriday, 26 April 2019 05:23 PM
වැරදිකරුට ඔය කියන විදියට දඬුවම් දුන්නනම් ඔබ තුමා තවමත් ජනපති. අනික දුටු තැන දඬුවම් දෙනවා කියවා කියන එක ටිකක් පැහැදිලි මදි. එහෙම කරන්න ගියොත් සමහර විට රතුපස්වල, කටුනායක හලාවත වගේ සිද්දි වෙන්න පුලුවන්.අහිංසකයොත් මැරෙන්න පුලුවන් එනිසා. කල යුත්තේ වැරදි කරන පුද්ගලයන් බිහි වන එක වැලැක්වීමයි.
AmaraSaturday, 27 April 2019 01:25 AM
වැරදි දැක දැකත් සම්මානත් දීලා තියෙන්නේ
NishanSaturday, 27 April 2019 01:35 AM
හැමෝගෙම කිල්ලෝටවල හුණු තිබේ.
කමල්Saturday, 27 April 2019 04:34 AM
කූට ලේඛණ වලින් ජනතාව නොමග යැවිමට දඩුවම් දෙන්න කියන්න දිව නැමෙන්නේ නැද්ද?
රොමේෂ් Friday, 26 April 2019 02:50 PM
කාටවත් කාට හෝ වරද පටවා තනිතනිව බේරෙන්න බැහැ. මේ ඔක්කොම අඩු වැඩි වශයෙන් වගකියන්න ඕනෑ. දැනදැන මිනිස්සුන්ව ඝාතනය වීමට සලස්වන්න තරම් ඔක්කොම බලයට කෑදර වුණා. අනික් කාරණය තමයි එදා කාලයේ දඬුවම් කෙරුණු අයුරුත් අපි දැක්කා, ඊළඟ මැතිවරණයකදී ජනතාව නිවැරදිම තීන්දුව ගනීවි.
Ruwan Friday, 26 April 2019 02:51 PM
දැන්වත් එ්ක තේරුණු එක හොඳයි.. ඔබතුමා තමන්ගේ කියලා කට්ටිය බේරුවේ...
Hafeel Friday, 26 April 2019 03:33 PM
සහතික ඇත්ත. ඉතිහාසයේ බලයට පත්වූ සේරම වැරදි හැංගුවා. මං ලඟත් ෆයිල් තියනවා කියලා පහුගිය මැතිවරණ වේදිකාවලත් කිව්වා නේද? ඇයි එදා දඬුවම් දෙන්න බැරිවුනේ? රොමේෂ් කිව්වා වගේ ඊළඟ ඡන්දයේ ජනතාව නිවැරදි තීන්දු ගතයුතුයි.
SamanFriday, 26 April 2019 04:14 PM
ඔව් ඔව් ජනතාව මීලඟ ඡන්දෙදි අන්තවාදී සුළු ජාතික පක්ෂ වලට විරුද්ධව නිවැරදි තීන්දුව දෙයි.
vipulaSaturday, 27 April 2019 03:25 AM
මොකක්ද? අපි ගන්න ඕනි නිවැරදි තීරණය .... අයෙත් වැඩබැරි ටාසන්ලා ටිකකට දෙන්නද ? අපි හරි පුදුම වෙලා ඉන්නේ ....
Thilak Friday, 26 April 2019 02:51 PM
ඇයි අර මල්වත්ත හාමුදුරුවෝ වැඩියෙ නැතෙයි...!!!
Pradeep Friday, 26 April 2019 02:54 PM
ආත්මශක්තියක් නැති නිවට නියාලු පාලකයන්ගෙන් මීට වඩා මොනවා බලාපොරොත්තු වෙන්නද මහත්තයෝ..?
sirimal Friday, 26 April 2019 03:09 PM
ඔය මොනවා කිව්වත් ඒකාලේ විල්පත්තුවේ ඉඩම් දුන්නේ, හිස්බුල්ලා එක්ක නැගෙනහිර හදන ෂරියා විශ්ව විද්‍යාලයට අවසර දුන්නේ දැන් ත්‍රස්තවාදීන් කියන සංවිධානය ආරම්භ කරන්න අතහිත දුන්නේ ඔබතුමාම නේද? අපි දැක්කා ඔබතුමා කියනවා බේරුවල මුස්ලිම් ජනතාව පදිංචි කරන්නට තාත්තා තමයි මුල් වුනේ කියලා. එතකොට අර බැසිල් මහත්තයා වන්නියේ දී කියන්නේ මුස්ලිම් පල්ලි 200ක් හදලා දුන්නා. එයා තමයි ඒ පළාතට ගිය පලවෙනි සිංහල බෞද්ධයා කියලා. ඒ කාලේ මෙහෙම දෙයක් වෙයි කියලා හිතන්න නැතුව ඇති නේද?
chamath Friday, 26 April 2019 03:19 PM
මුළු ජාතියම නියම සිංහලයා ඉල්ලන්නේ ඔබතුමාව භාර ගන්න රට බේර දෙන්න මව්බිම
මාදව Friday, 26 April 2019 03:19 PM
ඉස්සර වගේද? ෆයිල් තියනව හොදේ කියල දුටු තැන දඩුවම් කරපු විදියට වෙන්න ඇති නේ.
V.warnakulasuriya Friday, 26 April 2019 03:30 PM
ත්‍රස්තවාදීන්ට වගේම රටේ සිටින දේශපාලන හොරුන්ටත් පමා නොවී ඔය කියන විදියට දඬුවම් ලබා දුන්නේ නම් ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන්ද මෙතරම් අවාසනාවන්ත තත්ත්වයකට පත් නොවෙනු ඇත.
Sapumal. Friday, 26 April 2019 03:33 PM
කතාව සහතික ඇත්ත.. වරදට නිසි දඬුවම් අවශ්‍යමයි. සරත් ෆොන්සේකාව පත් කරන්න එපා යයි ජනපතිට කියපු අර කව්දෝ හාමුදුරුවරුන් තිදෙනාත්, උසස් පොලිස් නිලධාරීන් තිදෙනාත්, මේ ව්‍යවසනයට වගකිව යුතුයි නේද?
chathuri Friday, 26 April 2019 03:45 PM
තමන්ගේ ගමෙන් මේ බෝම්බ කරුවෝ මේ මොහොතේදී අල්ලලා තියෙනවා... ඒ ගැන මොකද කියන්නේ? දන්නේ නැත්ද? දන්නවා නම් දඬුවම් දෙනවද? දැන්නම් සේරමලා අති විශේෂයන් විදියට කතා කරන්නේ. මෙහෙම මොළකරුවෝ ඉද්දිද.. මේ තරම් විනාශයක් වුනේ? මේවට කොහෙන් හිනහ වෙන්නද මන්දා...
ඈපාSaturday, 27 April 2019 01:45 AM
කොහෙද බෙලිඅත්තෙන් බෝම්බකරුවො අල්ලලා තියෙන්නෙ? අපි නම් එකම වගකිව යුතු මාධ්‍යයකවත් ඒ ගැන දැක්කෙ නෑ. නිකන් බොරු කියලා මිනිස්සු නොමග යවන්න එපා.
kumaSaturday, 27 April 2019 02:47 AM
චතුරි මෝඩ කතා කියන්න එපා.. මහින්දගේ ගම පාලනය කරන්නෙත් වික්‍රමසිංහම තමයි ..
neil Friday, 26 April 2019 04:56 PM
ලැජ්ජයි පර්සි සීයේ,... කබල රත්වෙන වෙලාවේ රොටි පුච්චන්න හදනවා නේද?
Bamunuarachchi Friday, 26 April 2019 05:14 PM
වැරදි කරු දුටුවිට ඔහු හෝ ඇය මොන වෑන් රථයෙන් ගෙන්වාගත්තත් රටේ ජනතාවට කමක් නැත. එය සෙවීමෙන් ජනතාවට ඇති ඵලය කුමක්ද?
Chanak Los angeles Friday, 26 April 2019 07:45 PM
ඊට වැඩිය හොඳ යෝජනාවක් කියන්නම්.. වරද කරන පුද්ගලයාව දුවලා ගිහින් බදාගන්න එක...
assanga Friday, 26 April 2019 08:03 PM
හරියට හරි කතාව... ඉක්මනටම තාජුදීන් මරපු අයට දඬුවම් දෙන්න.
sam Friday, 26 April 2019 09:43 PM
මේ කියන්නේ සරත් ෆොන්සේකා මහතාට, ශිරාණි බණ්ඩාරනායක මහත්මියට එහෙම දඬුවම් දීපු ආකාරය ගැන නේද ??
Chanak Los angeles Saturday, 27 April 2019 02:31 AM
මේ දේසපාලකයන් භූක්ති විඳින මහා පරිමාන වරප්‍රසාද වලට අනුව ඔවුන්ගෙන් රටට සිදුවෙන්නේ ඉඳිකටු තුඩක තරමේ සේවයක් පමණි. මේ මහා ඛේදවාචකයෙන් පසුව පාර්ලිමේන්තුව රැස්කරවලා ඊට විසඳුම් හොයනවා වෙනුවට එක එක්කෙනාට ඇඟිලි දික්කරගෙන නාඩගම් නටන දේසපාලකයන් පිරිසක් ලංකාවේ ඉන්නේ ..
Dinesh Saturday, 27 April 2019 02:31 AM
කවදාවත් රටට ආදරය කරන පාලනයක් එයි කියලා හිතන්නවත් බෑ. ඔක්කොම එකයි. ත්‍රස්තවාදීන් මෙච්චර ක්‍රියාත්මක වෙනකම් මොනාද කරලා තියෙන්නේ.
Saththaya Saturday, 27 April 2019 02:55 AM
ලංකාවේ වරදකරුවන්ට දුටුතැන නෙමේ, පස්සෙවත් දඬුවම් කරන්න ලැබුණා නම්, මහජනතාව මෙච්චර අසරණ වෙන්නේ නැහැ. බොරුවෙන්, රැවටීම් වලින් අනාථ වෙන්නෙත් නැහැ...
Don Saturday, 27 April 2019 03:01 AM
එහෙනම් ජනාධිපතිවරණයකට ඉල්ලන්න කෙනෙක් ඉතිරිවන්නේ නෑ.
Roshan Saturday, 27 April 2019 03:54 AM
මෙවැනි අදහස් පල කරන සියලු දෙනාගෙන්ම පෙනී යන්නේ තවමත් පාට, පක්ෂ වලට අවනත වී සිටින බවයි.
Dilip Saturday, 27 April 2019 04:00 AM
මට නම් තිත්තයි... මෙයාලගේ කතා අහලා.
d.upul Saturday, 27 April 2019 05:02 AM
ඔබතුමාත් එදා එහෙම කළා නම් අදත් රටේ පාලකයා ඔබයි.
rohana kumara mendis Saturday, 27 April 2019 07:20 AM
ඒ කියන්නේ ඔබතුමාලා කළා වගේ... සුදුවෑන් වලින් හෝ ගිහිල්ලා වෙඩි තියලා මරාපල්ලා කියන එක....
BamunuarachchiSunday, 28 April 2019 12:24 AM
හරියට හරි විය යුත්තේ එයයි. එහෙම කලානම් මෙහෙම වෙන්නේ නැත. මොකද මෙන්ඩිස් බ්ලාපොරෝතුවෙන්නේ ත්‍රස්තයාව ගෙදර ගෙනල්ලා අනේ ත්‍රස්ත මල්ලි ඔය වැඩ හොඳ නැහැ කියලා ඔලුව අතගාලා කියන්නද.? ගොන් පාට් එපා හලෝ.
ravi Saturday, 27 April 2019 07:55 AM
වැරදි දුටුතැන දඬුවම් දෙන්න පටන ගන්නකොට.. පළිගන්නවෝ... පළිගන්නවෝ... කියලා කෑගහන්න පටන් ගත්තනේ..! මතකයි නේද?
BamunuarachchiSaturday, 27 April 2019 11:54 PM
62ක් අමනයෝ කරපුවා තමයි මේ අපි විඳවන්නේ. 2020 පස්සේ කොනක ඉඳන් සුද්දකරන්නම්.