(සුජිත් හේවාජූලිගේ සහ අංජුල මහික වීරරත්න)
වරප්‍රසාද හා රීති ප්‍රශ්න මතු කිරීමට මන්ත්‍රීවරුන්ට ඇති අයිතිය බොහෝ මන්ත්‍රීවරුන් පසුගිය කාලයේදී අවභාවිතා කළ බවත් ඉදිරියේදී එසේ කටයුතු නොකරන්නැයි සියලුම මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටින බවත් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (9) පැවසීය.
වරප්‍රසාද හා රීති ප්‍රශ්න නැගීමේ අයිතිය අවභාවිතා නොකරන්නැයි පක්ෂ නායකයන් තම වරප්‍රසාදයන් දැනුවත් කළ යුතු බවද කතානායකවරයා පැවසුවේය.
ඔහු මෙසේ පැවසුවේ මඩකළපුව දිස්ත්‍රික් මන්ත්‍රී චානක්‍ය රාසමාණික්කම් මහතා (දෙ.පා.ස) වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කළඅවස්ථාවේදීය.
චානක්‍ය රාසමාණික්කම් මහතා
මේ සභාවේදී සහරාන් ගැන කරපු කතාවක් පදනම් කරගෙන මම අත්අඩංගුවට ගන්න ඕන කියල ශෙහාන් සේමසිංහ රාජ්‍ය ඇමතිතුමා ප්‍රකාශ කළා.ඒ ප්‍රකාශයෙන් මෙසේ වරප්‍රසාද කඩ වෙලා තියන්වා.
ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා
ඔබ තුමා ඒ කතාව කරද්දී මමත් හිටියා.ඔබතුමා කෙළින්ම ඇගිල්ල දිගු කළේ ආණ්ඩුවට දෙවැනි ප්‍රහාරයක් සැලසුම් කරනවා කියලා ඔබ තුමා කිව්වා.වරප්‍රසාද වලට මුවාවෙලා මෙතනනොවෙයි ඔබතුමා ඔය ප්‍රකාශය එළියෙ ගිහිල්ල කරන්න. මඩ ගහන එකේ සීමාවක් තියෙන්න ඕන. ඒක බරපතළ ප්‍රකාශයක්.
සභා නායක දිනේෂ් ගුණවර්ධන මහතා
අපි ස්ථාවර නියෝග අනුව කටයුතු කරනවා නම් සභාව මෙවැනි තත්ත්වයකට පත්වෙන්නේ නැහැ.
‘ෆුට් නෝට්’ කල්ලියේ සාමාජිකයකු බව පැවසීමෙන් සමගි ජනබලවේගය පක්‍ෂයේ මන්ත්‍රී සුජීව සේනසිංහ මහතාට අපහාසයක් වී ඇතැයි තීරණය කළ ගල්කිස්ස දිසා විනිසුරු ඩී.
රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති
බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි
පාර්ලිමේන්තු සංකීර්ණයේ ජයන්තිපුර සහ පින්නියර ආරක්ෂක ගොඩනැගිලිවල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමෙන් පාලනාධිකාරිය ප
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
‘වරප්‍රසාද හා රීති ප්‍රශ්න මතු කිරීමට ඇති අයිතිය අවභාවිත කරලා‘
කල්හාර Friday, 09 April 2021 08:54 AM
හරවත් විවාද අහන්න ලැබෙන්නේම නැහැ. මඩ ගැහිලි, උසුළු විසුළු. විපක්ෂයට ඕනෑ ඝෝෂාව... ගිරිය යටින් කෑගහගෙන... ගොඩක් ඝෝෂාව දාපු අයෙක් හිටියා. දැන් ශබ්දයක්වත් නැහැ. සමහරවිට මහන්සි ඇති... 3 වැනි පුරවැසියාටත් සමච්චල් කරන පාර්ලිමේන්තුවක්... මේවා නිවැරැදි විය යුතු දේවල්....
රත්න Friday, 09 April 2021 10:30 AM
නායකත්ව ලක්ෂණ අඩුවගේ පේනවා...
Mr. Don Friday, 09 April 2021 05:05 PM
ඉතිහාසයේ නුසුදුසුම කතානායක...