IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


වරාය නගර කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගයට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක්

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන "කොළඹ වරාය නගර ආර්ථික කලාප විශේෂ කොමිසම් සභා පනත් කෙටුම්පතට එරෙහිව ගොනු කර ඇති විශේෂ පෙත්සම් ලබන 19 වැනිදා පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලීමට අගවිනිසුරුවරයා තීරණය කර ඇත.

ඒ අනුව මෙම පෙත්සම් අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ගේ ප්‍රධානත්වයෙන් බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, මුර්දු ප්‍රනාන්දු, ජනක් ද සිල්වා යන මහත්වරුන් ගෙන් සමන්විත පංච පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ සලකා බැලෙනු ඇත.

එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන සහ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර, ජනතා විමුක්ති පෙරමුණ දේශපාලන මණ්ඩල සභික වසන්ත සමරසිංහ යන මහත්වරුන් , තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන් ගේ සංගමයේ සභාපති ජී කමල් රේණුක පෙරේරා, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ එහි විධායක අධ්‍යක්ෂ පාක්‍යසෝති සරවනමුත්තු ඇතුළු පිරිසක් විසින් මෙම පෙත්සම් ගොනු කර තිබුණි.

එම පනත් කෙටුම්පත නීතියක් බවට පත් වීමට නම් පාර්ලිමේන්තු වේ තුනෙන් දෙකක බහුතර ඡන්දයෙන් සහ ජනතාව විසින් ජනමත විචාරණයක දී සම්මත ක< යුතු බවට තීන්දු කරන ලෙස සිය පෙත්සම් මගින් පෙත්සම්කරුවෝ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටිති.

 



අදහස් (10)

වරාය නගර කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගයට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක්

පෙරේරා Thursday, 15 April 2021 02:28 PM

ලියල එවන එක කියවන්න මොකටද 5 ක්. එකෙක් හිටියනං ඇතිනේ.

:       54       10

ranjith Thursday, 15 April 2021 02:50 PM

අනේ අපේ රටට වුණ දෙයක්

:       29       12

Ashan Thursday, 15 April 2021 08:53 PM

මේකටවත් සාධාරණ විසඳුමක් ලැබේවා. නැතිනම් එය මහා විපතක ආරම්භයක් වනු ඇත

:       19       11

Bimal Perera Friday, 16 April 2021 12:24 AM

ලංකාවේ අධිකරණය මුළු ලෝකයේම ඉතාමත් ස්වාධීන අධිකරණක් දැන් කියලා පිළිගැනීමට ලක්වෙලා ඉවරයි. ඒකනිසා අපිට බොහොම ස්වාධින හා නිවැරදි තීරණයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්.

:       13       9

Rata Perata Friday, 16 April 2021 06:00 AM

ඔය කෙරුවාවල් අපි දන්නවා. ලංකාවේ තියෙන දූෂිතම ආයතනයක් වෙලා..

:       27       11

ranjith Friday, 16 April 2021 09:24 AM

රජවරු වීර සිංහලයින් මහා සංඝරත්නය ඉතිහාසයේ දිවි පරදුවට තබලා ආරක්ෂා කරගත යුතු රටක් මේක...

:       1       6

nandana Friday, 16 April 2021 11:46 AM

අපේ රට පොහොසත් රටක් කර, රැකියා ජනනය කරන්නට හැකි එක මාර්ගයක් නම් රටට විදේශීය ආයෝජන ආකර්ෂණය කර ගැනීමයි. වර්තමානයේ ලංකාව වැනි රටකට ආයෝජකයින් ආකර්ෂණය කර ගැනීම අපහසු දෙයක්. ඊට හේතුව නම් අද ආසියානු කලාපයේ ආයෝජකයින්ට හිතකර පරිසරයක් ඇති රටවල් රාශියක් තිබීමයි. එබැවින්, කොළඹ වරාය නගර වැනි ආර්ථික කලාපයක ආයෝජකයින්ට හිතකර නීති සම්පාදනය කිරීමේ වරදක් නැහැ. මෙවැනි දෙයකින් ලංකාව විදේශීය කොලනියක් බවට පත්වෙන බව පැවසීම සාවද්‍ය කරුණක්. එවැනි කරුණු දක්වන බොහෝ දෙනාගේ පරමාර්ථය පටු දේශපාලන වාසි ලබා ගැනීමයි..

:       8       66

shanthi Friday, 16 April 2021 02:07 PM

චීනාට කලින් ඔබ වැනි, පාසල් නොගිය, එක එක හොරුන්ට කඩේ යන, බත් බැලයින්ගෙන් අපේ රට බේරාගැනීමටයි දැන් සිදුවෙලා තිබෙන්නේ. ඔබ නිරුවතින්ද සිටින්නේ?

:       2       25

nandanaFriday, 16 April 2021 06:45 PM

ඔබ වැනි පසුගාමී අදහස් ඇති උදවිය නිසයි අපේ රට තවමත් දුප්පත් තුන්වෙනි ලෝකයේ රටක් බවට පත්වී තිබෙන්නේ. අතීතයේ පල් නොවී අලුතින් හිතන්ට පුරුදු වෙන්න.

:       13       1

John Saturday, 17 April 2021 06:28 AM

මේ රටේ කොළඹ කියන්නේ ගඳගහන ඉන්දියානු කොලනියක්. 1840 සුද්දා ගෙනාපු ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ පනත දවස ඉඳලා අපිට කනබොන දේවල් අපිට වික්කේ.. මේ ඉන්දියානු පරපෝෂිතයින්. ඔවුන් තමයි අදත් අපේ රටේ ලොකුම පෝසත්තු. ඔවුන් තමයි අපේ දේශපාලකයන් බොහෝ දෙනෙක්ව බලාගන්නේ... ඇන් ඇම්, බණ්ඩා රෝහණ වගේ අයව බලාගත්තේ මේ අය. විමලෙලයි, බුද්දරක්ඛිතලයි.., බුරුමෙන් හාල් ගේන්න ටෙන්ඩරය ඉල්ලුවාම ඉන්දියානු පරපෝෂිතයන් කියලා ඒක දුන්නේ නැහැ. මේ අය තමයි අද වරාය නගරයට එරෙහි වෙන්නේ. මොකද උන්ටනේ කෙලවෙන්නේ...

:       0       32

ඔබේ අදහස් එවන්න

 

 

මහ පුවරුව

වී සහතික මිල එළියට
2025 පෙබරවාරි මස 05 1377 0

වී කිලෝවක් සඳහා රජය ලබා දෙන උපරිම මිල මීට සුළු මොහොතකට පෙර ප්‍රකාශයට පත් කළේය.


අපි ඔක්කොම එකම බිමක අරගලකරුවන්
2025 පෙබරවාරි මස 04 1929 14

රටට ආර්ථික සමාජ නිදහස පූර්ණ ලෙස දිනා ගැනීම සඳහා ඔබ අප එකම අරගල බිමක අරගලකරුවන් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතික නිදහස් උළෙල අමතමින් පැවසීය.


නිදහස් උළෙල ඇරැඹෙයි
2025 පෙබරවාරි මස 04 1695 4

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ පැමිණීමත් සමඟ 77 වන ජාතික නිදහස් උළෙල නිදහස් චතුරස්‍රයේදී ඇරැඹිණි.


තවත් සැක වාහන පහක් කලවානෙන් අල්ලයි
2025 පෙබරවාරි මස 03 3118 9

නීති විරෝධීව වාහන එකලස් කරන ලද ස්ථාන තුනක් වටලා රුපියල් කෝටි හතකට අධික වටිනාකමකින් යුත් සුඛෝපභෝගී වහන පහක් භාරයට ගැනීමට වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහා


කෝටි ගණනක ලුණු විනාශවෙන්න ඇරලා
2025 පෙබරවාරි මස 03 3692 8

ලංකා ලුණු සමාගමේ බුන්දල සහ පලටුපාන ලුනු ලේවායන්හි නිෂ්පාදිත රුපියල් 93,269,919 ක වටිනාකමකින් යුත් මෙට්‍රික් ටොන් 2402 ක පමණ ලුණු තොගයක් වසර ගණනාවක් තිස්සේ තත්


කසිප්පු වලියකට තුනක් මරලා
2025 පෙබරවාරි මස 02 2694 7

වීදි වටිනාකම රුපියල් දහසක් වන කසිප්පු බෝතලයක් රු එක්දහස් පන්සියයකට විකිණීම පිළිබඳව ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් අම්බලන්තොට ,මාමඩල ,ඇලේගොඩ ප්‍රදේශයේ ප


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 87 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 763 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 738 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site