(නිමල කොඩිතුවක්කු)
ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් වරාය නගර ව්‍යාපෘතියේ සේවකයන් පිරිසක් පැවැත්වූ විරෝධතාවයට වරාය නගර ආයෝජන සමාගම හෝ ව්‍යාපෘතිය සමඟ සෘජු සම්බන්ධතාවයක් නොමැති කොන්ත්‍රාත්කාර සමාගමක් සහ එහි සේවක පිරිසක් අතර ඇති වූවක් බව එම සමාගම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
වැටුප් වර්ධක ලබා ගැනීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් වරාය නගර ව්‍යාපෘතියේ සේවකයෝ පිරිසක් වරාය නගරයේ ප්‍රධාන ගේට්ටුව ඉදිරිපිට ඊයේ(12) විරෝධතාවයක නිරත වූහ.
උද්ගතව ඇති මෙම ගැටළුව නීතිමය රාමුවක් යටතේ කිසිදු පාර්ශ්වයකට අගතියක් නොවන අයුරින් හැකි ඉක්මනින් විසඳා ගන්නා ලෙසට එකී කොන්ත්‍රාත් සමාගමට වරාය නගර ව්‍යාපෘතියේ ආයෝජන සමාගම උපදෙස් ලබා දී ඇති බවද එම නිවේදනයේ සඳහන්ය.
කොරෝනා වසංගත කාලසීමාවේ දී ඉන්පසු මෙරට තුළ අඛණ්ඩව ක්‍රියාත්මක වන එකම ව්‍යාපෘතිය ලෙස වරාය නගරයේ සේවය කරන 1500 අධික දේශීය සේවක පිරිසක් වෙත කිසිදු අගතියක් නොවන ලෙස රැකියා සුරක්ෂිත කරමින් කටයුතු කරද්දී සුළු කණ්ඩායමක් සිය සේවා යෝජක සමාගම සමඟ ඇතිකරගෙන ඇති වෘත්තීය ගැටළුව පිළිබඳ කනගාටු වන බව ද වරාය නගර ආයෝජන සමාගම සඳහන් කරයි.
විරෝධතාවයේදී ඔවුන් විසින් සිදු කර ඇති පදනම් විරහිත ප්‍රකාශ ප්‍රතික්ෂේප කරන බවත් සේවකයන් සඳහා සියලු පහසුකම් ලබාදීමට සමාගම කටයුතු කර ඇති බවත් එම නිවේදනයේ තවදුරටත් දැක්වේ.
ජනාධිපතිවරුන් දෙදෙනකුගේ පාලන කාලය තුළදීත් තංගල්ල හේනකඩුව පුරාණ රජමහා විහාරය පූජා භූමියක් බවට පත් කොට ගැසට් නිවේදනයක් නිකුත් කර ගැනීමට නොහැකි වූණ. වත
රජයේ රැකියා දෙන බව පවසා රුපියල් පන් ලක්ෂ පන් දහසක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් පුද්ගලයකු සහ කාන්තාවක අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොම
ඇල්ල කරඳගොල්ල 20 කනුව ප්‍රදේශයේ නායයාමක් සක්‍රිය වෙමින් පවතින හෙයින් පවතින අවධානම් තත්ත්වය මත ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගය අද (14) පස්වරු 6.30 සිට හෙට (15) උදෑ
අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියට ලිංගික අතවර කළ පුද්ගලයා පදිංචිව සිටි නිවසේ තිබි අත් බෝම්බයක් සොයාගත් බව අනුරාධපුර පොලිසිය කියයි.
රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමේ අරමුණින්, ඇමෙරිකාව සකස් කළ දින 30 ක සටන් විරාමයට තමන්ගේ විරෝධයක් නැතැයි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි.
ඇමෙරිකාවේ කොලරාඩෝ ස්ප්‍රිංග්ස් ගුවන්තොටුපොළේ සිට ඩලාස් ෆෝට් වර්ත් ගුවන්තොටුපොළ දක්වා පියාසර කරමින් තිබුණු ඇමෙරිකන් ගුවන් සේවයට අයත් බෝයිං 737-800 මගී ග
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
‘වරාය නගර සේවක වර්ජනයට ආයෝජන සමාගමේ හෝ ව්‍යාපෘතිය සමග සම්බන්ධතාවයක් නෑ’
krishantha Thursday, 13 August 2020 08:55 AM
ඔය සුළු පිරිස ඉස්සර 3%. දැන් 225ට 3යි.. හාමු හිටියා නම් වැටුප් වර්ධක නොවේ සේවකයින්ට හෙණ ගැහුවත් කමක් නැහැ.
Prabha Thursday, 13 August 2020 09:41 AM
චීන්නුත් එක්ක මොන සේවක අයිතිද?