IMG-LOGO

2025 මාර්තු මස 14 වන සිකුරාදා


වරාය පොලිසියේ නිලධාරීන් පිරිසකට අසූචි ප්‍රහාරයක්

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

තොටලග 75 වත්තේ දී මත් ද්‍රව්‍ය වැටලීමකට ගිය වරාය පොලිසියේ නිලධාරීන් පිරිසකට අසූචි ප්‍රහාරයක් එල්ල කළ කාන්තාවක් සහ තවත් පිරිසක් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා ඇතැයි ග්‍රෑන්ඩ්පාස් පොලිසිය කියයි.

හෙරොයින් මත්කුඩු මිලිග්‍රෑම් 1020 ක් සමඟ එම කාන්තාවගේ සැමියා යැයි කියන පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිසිය පැවසීය.

කැලණිය පෙතියාගොඩ පදිංචි යුවලක් හෙරොයින් මත්කුඩු මිලදී ගැනීම සඳහා තොටලග 75 වත්තට පැමිණෙන බවට වරාය පොලිසියට ලද තොරතුරක් අනුව එහි ගිය පොලිස් නිලධාරීන් මත්කුඩු සමඟ සැකකරු අත්අඩංගුවට ගැනීමත් සමඟ එම පුද්ගලයා සමඟ පැමිණි කාන්තාව පොලිස් නිලධාරීන්ට අසුචි ප්‍රහාරයක් එල්ල කර ආවේග ශිලීව හැසිරීමත් සමඟ එම කාන්තාවට සහාය දැක් වූ තවත් කිහිපදෙනෙකු පොලිස් නිලධාරීන්ගේ රාජකාරීයට බාධා කර සැකකාරියට පලා යාමට උපකාර කර ඇති බව පොලිස් නිලධාරියෙකු පැවසීය.

පලාගිය එම සැකකාර කාන්තාව එල්ල කළ අසුචි ප්‍රහාරය පොලිස් සැරයන්වරයෙකුට එල්ල වී ඇතැයි පොලිසිය කියයි.

පලාගිය සැකකාරිය සහ සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් හතරක් යොදවා ඇතැයි උසස් පොලිස් නිලධාරියෙකු පැවසීය.

 



අදහස් (8)

වරාය පොලිසියේ නිලධාරීන් පිරිසකට අසූචි ප්‍රහාරයක්

Shan Tuesday, 17 March 2020 03:03 PM

අපිට නම් දැනගන්න ලැබුනෙ පොලීසිය සිවිල් ඇවිත් කාන්තාවක් නිරුවත් කර පහර දුන්න බව, වීඩියෝ සහ ඡායාරූප ඇත

:       0       0

ravi Tuesday, 17 March 2020 03:08 PM

පොලිසියට ප්‍රහාරයක් , මේවගේ දරුණු අවස්තාවක .. මේ විදිහේ ප්‍රහාරයක් ... "

:       0       22

විජිත් Tuesday, 17 March 2020 04:48 PM

පොලිසියේ අයට ඔය අසුචි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒගොල්ලෝ නිතරම" ජරාව අතගානවා" මිනිස්සුන්ගෙන් ජරාව ගන්නවා.

:       0       9

asuchi Tuesday, 17 March 2020 05:15 PM

හත්පොලේ ගාගෙන ඉවරයි දැනටමත් පොලිසිය. රවී කරුණානායකලටත් ඔහොම අත්අඩංගුවට ගන්න බැරිද දන්නෙ නෑ..

:       0       0

Bamunuarachchi Wednesday, 18 March 2020 01:46 AM

මම පොලිස් නිලධාරියෙක්නම් ඒ අසූචිම අල්ලාගත් අයගේ මුහුණේ තවරා පොලිසිසියට ගෙන එනවා.

:       17       68

Sirinimal Wednesday, 18 March 2020 03:53 AM

රටේ සම්මත නීතියෙන් බේරීමට හැකිවේවි, ඒත් ලෝකධර්මතා නීතියට මේ සියල්ල යටත් . ඡන්දය නිසා මේ මොහොතේ නිදහසට හේතු බොහොයි......... ඉතින් " කොරෝනා" නො ඒවිද?........

:       0       0

Nandalal DE SILVA - France Wednesday, 18 March 2020 09:55 AM

ඒකටනේ බමුණෝ පොලිස් කණ්ඩායම් 4ක් යොදා ඒ බවලතා හොයන්න වලිකන්නේ...! ඔහේ ඒ පළාතේ හිටියා නම් එම පාර්සලය එන්නේ බමුණු මුහුණට බව පැහැදිලියි.

:       0       0

Nihal Wednesday, 18 March 2020 03:50 PM

පොලීසියට නම් ජරාව අලුත් දේවල් නෙවෙයි. රවි කරුණානායක අල්ලගන්න මෙච්චර උනන්දු වුණා නම් රට්ටු කතා කියන්නේ නැහැනේ. ඒ සිද්ධියටත් ජරාව සම්බන්ධ ඇති. රාජිත හා සරත් ෆොන්සේකා නඩුවටත් ඕකයි වෙන්නේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

දියත

අක්මීමන වෙඩික්කරුවන්ගේ බවට සැක යතුරු පැදි දෙකක් හමුවේ
2025 මාර්තු මස 13 206 0

බුස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ හිටපු බන්ධනාගාර අධිකාරි සිරිදත් ධම්මික මහතා ඝාතනය කිරිමට ඝාතකයන් පැමිණි බවට සැලකෙන යතුරුපැදි දෙකක් යක්කලමුල්ල තල්ගහව


රුපියල් 372 හෘද ඖෂධය 72,000ට අරන්?
2025 මාර්තු මස 13 190 0

හෘද සැත්කම් සඳහා වූ ඖෂධයක් වර්තමානයේ රුපියල් 372 කට මිලදී ගත්ත ද පසුගිය සමයේදී ආනයනය කර ඇත්තේ රුපියල් 72000කට බව කෝප් කමිටුවේදී අද අනාවරණය විය.


වැලිවේරියේ වෙඩි තැබීමක්
2025 මාර්තු මස 13 342 0

වැලිවේරිිය අරලියගස් හන්දිය ප්‍රදේශයේ දී නාඳුනන තුවක්කු කරුවකු සිදු කළ වෙඩි තැබීමකින් මෝටර් රථයක ගමන් කළ අයකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි


ගෝලයෝ කෘතිම බුද්ධියෙන් ගුරුවරිය නිරුවත් කරලා
2025 මාර්තු මස 13 1094 0

මහනුවර ප්‍රධාන පෙළේ පිරිමි පාසලක සිසුන් පිරිසක් විසින් කෘතිම බුද්ධිය භාවිතා කරමින් එම විදුහලේ තරුණ ගුරුවරියකගේ නිරුවත් ඡායාරූප නිර්මාණය කිරීමේ සිද


නැදගමුවේ මහානාම හිමි ඝාතන සැලැස්මේ කත මාට්ටු
2025 මාර්තු මස 13 981 0

සීදුව වෑත්තෑව නන්දාරාම විහාරාධිපතිව නැදගමුවේ මහනාම හිමිගේ ගෙල අඳන පටියෙන් සිරකර ඝාතනය කිරීමේ සිද්ධියට ඩුබායි රාජ්‍යයේ සිට වට්සැප් තාක්ෂණය ඔස්සේ කු


වෛද්‍යවරියකට කරදර කළ රෝහලේ තවත් මඟඩියක්
2025 මාර්තු මස 13 1310 0

අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ ඉදිවෙමින් පවතින සිවු මහල් ගොඩනැගිල්ලක ටයිල් කැට තොගයක් සොරකම් කර රැගෙන යමින් සිටි රෝහල් සේවකයකු ඇතුළු පස් දෙනෙක් රෝහලේ ආරක්ෂ


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 198 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 457 0
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 242 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site