IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


“වරායේ සිරවී ඇති අත්‍යවශ්‍ය ආහාර තොග වහාම නිදහස් කරන්න’’

(ඩයනා උදයංගනී)

වරායේ සිරවී ඇති අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග වහාම නිදහස් කරන්නැයි, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ආනයන අපනයන පාලක ජනරාල්වරියට සහ රේගු අධ්‍යක්ෂ ජනරාලවරයාට නියෝග කර ඇත.

ජීවන වියදම් පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාව අද (24) සූම් තාක්ෂණය ඔස්සේ රැස්වූ අවස්ථාවේ අග්‍රාමාත්‍යවරයා මෙම නියෝගය කර තිබේ

ජනතාවගේ ජීවන වියදම් පිළිබඳ අවාධනය යොමු කරමින් අග්‍රාමාත්‍යවරයා මෙම නියෝගය නිකුත් කළ බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පවසයි.

ජීවන වියදම් පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාව සූම් තාක්ෂණය ඔස්සේ අද (24) රැස්විය.

එහිදී අදහස් දක්වමින් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාට දැනුම් දී ඇත්තේ, එලෙස නිදහස් වන ආහාර ද්‍රව්‍ය කඩිනමින් සතොස සහ අත්‍යාවශ්‍ය ආහර ආනයනකරුවන් හරහා ජනතාවට බෙදා හැරීමට කටයුතු කරන ලෙසයි.

සහල් ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟයකින් තොරව වෙළෙඳපොළට නිකුත් කිරීමේ වගකීම වෙළෙඳ අමාත්‍යංශයේ සහ කෘෂිකර්ම නිලධාරීන් විසින් දැරිය යුතු බව ද එහිදී සඳහන් වී ඇත



අදහස් (8)

“වරායේ සිරවී ඇති අත්‍යවශ්‍ය ආහාර තොග වහාම නිදහස් කරන්න’’

Nuwan Friday, 24 September 2021 04:49 PM

කියනකන් වෙන්න ඇති බලන් ඉන්න ඇත්තේ

:       1       25

මාම Friday, 24 September 2021 04:59 PM

මේව හිරවෙලා තිබුනෙ ඩොලර් නැති නිසා කියල තමයි බඩු ගෙන්වපු අය පත්තරේට කියල තිබුනෙ. රේගුව බඩුන නිදහස් කරන්නෙ පිටරට ඉන්න සැපයුම්කරුවට මුදල් ගෙව්වයින් පස්සෙ.

:       1       28

බෑනFriday, 24 September 2021 08:18 PM

සැපයුම්කරුවන්ට මුදල් ගෙවන්න බැංකුවල ඩොලර් නැති ප්‍රශ්නයක් නේද තියෙන්නෙ.

:       0       1

මුදියන්සේ. Friday, 24 September 2021 05:04 PM

අද දිනය වනවිට නාඩු කිලෝවක් සිල්ලරට අලෙවි වන්නේ රුපියල් 115 කටය. ගැසට් පිට ගැසට් නිවේදන නිකුත් කළත් මේවා පාලනයක් වී තිබේද ? අද පාරිභෝගිකයන් සිටින්නේ කර කියාගත නොහැකිව දැඩි කළකිරීමෙන්ය.

:       1       32

RangaFriday, 24 September 2021 11:44 PM

හොද වැඩේ....

:       0       0

SunilSaturday, 25 September 2021 06:55 AM

කීරි සම්බා 210යි. මිල පාලනය හොඳින් ක්‍රියාත්මකයි.

:       0       0

සිල්වා Friday, 24 September 2021 05:32 PM

අගමැතිතුමනි, වෙළෙඳ පොලේ අත්‍යාවශ්‍ය භාණ්ඩ හිඟයට සහ කළුකඩ ඇතිවීමට ප්‍රධාන හේතුව තමයි අත්‍යාවශ්‍ය භාණ්ඩ ගෙන්වීම තහනම් කිරීම... එපමණක් නොවෙයි ආනයනය සීමා කිරීම සහ ඩොලර් අගය පහළ මට්ටමක පවත්වාගෙන යාම අපනයන පහළට යෑමට හේතුවෙනවා වගේම විදේශ විනිමය ආදායම පහළට වැටේ. තවද ඩොලර් අගය ඉහළ යාමට ඉඩ හරින්න. ඵවිට අපනයනය ඉහළ යාවි අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ මිල යාම හේතුවෙන් ආනයනය අඩු වේවි...

:       0       0

සෙනෙවිරත්න Friday, 24 September 2021 07:44 PM

පෝර නැවක් ණයට ගෙනැල්ලා මෙතුමට කියලා නිදහස් කරගනිමු.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ජනපති මාවෙයි හමුවෙයි
2024 සැප්තැම්බර් මස 07 666 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නි


‘‘රටේ සංස්කෘතිය අප ආරක්ෂාකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 07 185 0

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලි


විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය අනුරට
2024 සැප්තැම්බර් මස 07 551 0

මෙවර ජනාධිපතිවරණයේදී ,විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ලබාදීමට තීරණය කර ඇතැයි එ


කදුරුවෙල නගරයේ කඩයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 07 137 0

පොලොන්නරුව කදුරුවෙල නගරයේ වෙලද සංකීර්ණය වෙළෙඳහලක ගින්නක් හට ගෙන ඇති බව කදුරුවෙල පොලිසිය කියයි.


නාමල්ගේ රැස්වීමට සෙල්ලම් පිස්තෝලයක් ගෙනා සිසුන් දෙදෙනා මාට්ටු
2024 සැප්තැම්බර් මස 07 1833 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිමඩ නගරයේ ඉන්ද්‍රානී සිනමා ශලාවේ පැවති ජනහමුවට සෙල්ලම් පිස්තෝලයක


සියලු ආගමික අයිතීන් සුරකින්න කැපවී ඉන්නවා
2024 සැප්තැම්බර් මස 07 185 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවම මෙරට සියලු ආගම්වල අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා රජය කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site