IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


වැලිකඩ බන්ධානාගරය තුළ ගුවන්විදුලි සේවාවක් ආරම්භ කරන්න යයි

(නිමන්ති රණසිංහ)

සිරගත රැඳවියන්ගේ කුසලතා වර්ධනයට මෙන්ම ඔවුන්ට තොරතුරු දැනගැනීම සඳහා ‘බන්ධනාගාර රැඳවියන්ගේ ගුවන් විදුලි සේවාවක්’ ආරම්භ කිරීමට සූදානම් කර ඇතැයි වැලිකඩ බන්ධානාගර අධිකාරී ටී. උඩුවවර මහතා අද (31) ලංකාදීපයට පැවසීය.

මෙම ගුවන්විදුලි සේවාව වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියන්ට ශ‍්‍රවණය වන පරිද්දෙන් විකාශනය ආරම්භ කිරීමට මේ වන විට මූලික පියවර ගෙන ඇති බවත්, දවසේ සිතිවිලි දහම් සිතිවිලි වැනි ජීවිතය හැඩ ගස්වා ගැනීමේ වැඩසහටන් මෙන්ම, දවසේ සිදුවීම් ඇතුළත් ප‍්‍රවෘත්ති විකාශයනයක් ද ප‍්‍රචාරය කිරීම මෙහි අරමුණ බවත් උඩුවර මහතා වැඩිදුරටත් පැවසීය.

වැලිකඩ බන්ධනාගාරයේ සිර දඩුවම් විදින රැඳවියන්ගේ දායකත්වයෙන් මෙම ගුවන්විදුලි සේවාවේ වැඩකටයුතු සිදුකිරීමට නියමිත අතර මේ වන විට ඒ සඳහා පිඹුරුපත් සකස්කර ඇති බවද වැලිකඩ බන්ධනාගාර අධිකාරීවරයා සඳහන් කරයි.

වැලිකඩ බන්ධනාගාරයේ පුනරුත්ථාපන අංශ භාර ජ්‍යෙෂ්ඨ නිලධාරී පියසිරි වටගොඩ මහතාගේ මගපෙන්වීම මත මෙම ගුවන් විදුලිය ආරම්භ කිරීමේ මූලික අඩිතාලම සකස් කරමින් පවතින බවද වැලිකඩ බන්ධනාගාර අධිකාරී ටී. උඩුවර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.



අදහස් (5)

වැලිකඩ බන්ධානාගරය තුළ ගුවන්විදුලි සේවාවක් ආරම්භ කරන්න යයි

chandima Monday, 31 December 2018 03:34 PM

මොන සැපද? බලාගෙන ගියාම හිරේ කිව්වට නිවාඩුවට හෝටලේට ගියා වගේනේ? පලවෙනි පන්තියේ කාමර වෙන්කරපු කට්ටියට බන්ධනාගාර රෝහලේ ඇඳන්... සාමාන්‍ය පන්තියේ නම් බටහිර නැගෙනහිර සංගීතෙට සවන් දෙමින් කුඩා කාමර වල. වීඩියෝ ගේම් වගේ එව්වයි, ශරීර සුවතාවයට ජිම් එකකුයි කාමරේට අල්ලලම ඉදිකරලා, නාන්න සවර් එකකුත් සවිකළානම් වඩාත් හොඳයි.

:       73       118

BamunuarachchiMonday, 31 December 2018 08:15 PM

මේවා මාස්ටර් ප්ලෑන්.

:       0       0

BamunuarachchiWednesday, 02 January 2019 02:26 PM

ඒ ගොල්ලන් ආවාම මේ ගොල්ලන්ට මේවායේ ලගින්න වෙන බව දන්නවා.

:       0       0

Nihal Monday, 31 December 2018 05:13 PM

අපෝ මෙලොව අපායලු ,වැසිකිලි පීටාර ගලනවලු

:       0       0

shan saudi Tuesday, 01 January 2019 08:14 AM

දැන් මෙච්චර කල් ඇතුලේ ඉඳන් දීලා ගේම්වල විස්තර දැනගත්තේ ගෝලයෝ වැඩේ කරලා කෝල් කළාම දැන් සැපට වැඩිවෙලා.. එවලේම දැනගන්න පුළුවන් දුන්නු ගේම හරිද? කුඩු ලෝඩ් එක ආවද නිරුපද්‍රිතව අවැසි තැනට ඩිලිවරිය ඕනෑද? දැන් කොහෙද පොලිසිය ඉන්නේ? එස්ටීඑෆ් බැල්රියල් කොහෙද අද දාල තියෙන්නේ? අද කොහෙද රෙඩ් එක දෙන්න යන්නේ ගේම දීල හැංගිලා ඉන්න අය කොහේද කියලා පොලිසියට ඔත්තුව ලැබිලද මේ සේරම දැන් සුව පහසුව කුඩුවේ ඉඳලම දැනගෙන සුපිරියට ගේම දෙන්න පුළුවන් මොකද "සිරකරුවෝ මනුස්සයොනේ " එළියේ ඉන්නේ අමනුස්සයොනේ සුපිරි වැඩ පිළිවෙල... දැන් ඉතින් පොලිසියයි, එස්ටීඑෆ් එකයි ගේම දීල ඉවරයි මළපොතේ අකුරක් නොදන්නා කාලකන්නි පාර්ලිමේන්තුවට යවපුවම මෙට වැඩ දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ හාමුදුරුවනේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

දියත

ජල ගාස්තුව සියයට 10 ත් 30 ත් අතර අඩු වීමක්
2025 පෙබරවාරි මස 05 9 0

ජල ගාස්තුව සියයට 10 ත් 30ත් අතර ප්‍රතිශතයකින් ජල ගාස්තුව අඩුකිරීමට පියවර ගන්නා බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පැවසීය.


පොල් මද ගේන්න කැබිනට් අනුමැතිය
2025 පෙබරවාරි මස 05 123 0

දේශීය පොල් මද ආශ්‍රිත කර්මාන්ත හා පාරිභෝගිකයින් ආරක්ෂා කිරීමට පියවර ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


එජාප කාන්තා සංවිධානය අචිනිට
2025 පෙබරවාරි මස 05 652 1

එක්සත් ජාතික පක්ෂයේ යාපහුව ප්‍රධාන සංවිධායක අචිනි ලොකුබණ්ඩාර මහත්මිය එක්සත් ලක් වනිතා පෙරමුණේ සභාපති ධුරයට පත්කර තිබේ.


වී සහතික මිල එළියට
2025 පෙබරවාරි මස 05 2461 3

වී කිලෝවක් සඳහා රජය ලබා දෙන උපරිම මිල මීට සුළු මොහොතකට පෙර ප්‍රකාශයට පත් කළේය.


යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී චන්දන වික්‍රමසිංහ
2025 පෙබරවාරි මස 05 715 0

ශ්‍රී ලංකා යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරාල් චන්දන වික්‍රමසිංහ මහතා පත්කළ බව යුද හමුදාව පවසයි.


නාන්න ගිහින් වීරවිල වැවේ සැඟවෙයි
2025 පෙබරවාරි මස 05 369 0

බණ්ඩාරවෙල සිට විනෝද චාරිකාවක පැමිණ වීරවිල වැවේ දියනාමින් සිටි පුද්ගලයෙකු ඊයේ (04) සවස දියේ ගිලී අතුරුදහන්ව ඇතැයි වීරවිල පොලිසිය පවසයි .


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 87 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 764 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 738 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site