(යොහාන් භාසුර)
දක්‍ෂිණ අධිවේගී මාර්ගය ප්‍රයෝජනයට ගනිමින් වැලිපැන්න ප්‍රදේශයේ ජාත්‍යන්තර කෘෂි නිෂ්පාදන හුවමාරු මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට සැළසුම් කර ඇතැයි වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
මෙම මධ්‍යස්ථානය දකුණු ආසියානු කලාපයේ විශාලතම කෘෂි නිෂ්පාදන හුවමාරු කේන්ද්‍රිය බවට පත්වනු ඇතැයි ද වෙළෙඳ අමාත්‍යවරයා පවසයි.
වැලිපැන්න අන්තර් හුවමාරු මධ්‍යස්ථානයට යාබදව අක්කර 500ක ප්‍රදේශයක කර්මාන්තශාලා, ගබඩා සංකීර්ණ හා බන්දිත ගුදම් සහිත මධ්‍යස්ථානයක් ඉදිකරන බවත් එම කෘෂි ද්‍රව්‍ය තොග ආසියානු, අප්‍රිකානු සහ මැදපෙරදිග කලාපයේ රටවලට ප්‍රතිඅපනයනය කිරීමට සැළසුම් කර ඇති බවත් අමාත්‍යවරයා කීය.
හෘද සැත්කම් සඳහා වූ ඖෂධයක් වර්තමානයේ රුපියල් 372 කට මිලදී ගත්ත ද පසුගිය සමයේදී ආනයනය කර ඇත්තේ රුපියල් 72000කට බව කෝප් කමිටුවේදී අද අනාවරණය විය.
වැලිවේරිිය අරලියගස් හන්දිය ප්‍රදේශයේ දී නාඳුනන තුවක්කු කරුවකු සිදු කළ වෙඩි තැබීමකින් මෝටර් රථයක ගමන් කළ අයකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි
මහනුවර ප්‍රධාන පෙළේ පිරිමි පාසලක සිසුන් පිරිසක් විසින් කෘතිම බුද්ධිය භාවිතා කරමින් එම විදුහලේ තරුණ ගුරුවරියකගේ නිරුවත් ඡායාරූප නිර්මාණය කිරීමේ සිද
සීදුව වෑත්තෑව නන්දාරාම විහාරාධිපතිව නැදගමුවේ මහනාම හිමිගේ ගෙල අඳන පටියෙන් සිරකර ඝාතනය කිරීමේ සිද්ධියට ඩුබායි රාජ්‍යයේ සිට වට්සැප් තාක්ෂණය ඔස්සේ කු
අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ ඉදිවෙමින් පවතින සිවු මහල් ගොඩනැගිල්ලක ටයිල් කැට තොගයක් සොරකම් කර රැගෙන යමින් සිටි රෝහල් සේවකයකු ඇතුළු පස් දෙනෙක් රෝහලේ ආරක්ෂ
මෙම රජය කලින් තිබූ රජයන් මෙන් නොව ඕනෑම දෙයක් පිළිබදව සාකච්ඡා කළ හැකියි. නමුත් රෝගීන් ඇපයට තබාගෙන රෝගීන් දුෂ්කරතාවට පත්වන ලෙස කටයුතු කරන්නේ නම් ජනතාවග
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
වැලිපැන්නේ ජාත්‍යන්තර කෘෂි නිෂ්පාදන මධ්‍යස්ථානයක්
pradeepa Tuesday, 15 June 2021 07:44 PM
අපේ සර් කරන කියන එක වැඩක් හරිගිහිල්ලා තියෙනවද? ඕකත් පුස්වෙඩිල්ලක් වගේ තමයි. විසිල් විතරයි. බල්ටි නැහැ.
සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 15 June 2021 08:00 PM
වැලිපැන්න කියන්නේ නිතර දෙවේලේ ගං වතුරෙන් යටවෙන ප්‍රදේශයක්. ඒ ගැන දැඩිව සිහියේ තබා ගන්න. ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමේදී ඒ සඳහාත් නිසි ක්‍රමවේද සකස්කරන්න.
siri Tuesday, 15 June 2021 08:13 PM
ඊට කලින් නරකද මහත්තයෝ මේ අවිධිමත් කොරෝනා මර්දන වැඩපිළිවෙලවල් නිසාත් ඡන්දෙදී නොමිලයේ දෙනවා කීව පොහොර අද සල්ලිවලටවත් ගන්න නැති ප්‍රශ්නය නිසාත් කබලෙන් ලිපට වැටී නන්නත්තාර වෙලා ඉන්න අහිංසක ගොවිමහත්තුරු ටික ගොඩ ගන්න ඔය සල්ලි වියදම්කර වැඩක් වෙන දෙයක් කළොත්... නැත්තන් ඉතින් ඔය හදන "ජාත්‍යන්තර කෘෂි නිෂ්පාදන මධ්‍යස්ථානය" ටත් බඩු ගෙන්වන්න වෙන්නේ පිටරටින්ම තමයි මොකද මේ යන පිළිවෙලට ඕක හදලා ඉවර වෙනකොට ලංකාවේ නම් ගොවියෙක් තියා ගොවි පුළුටක්වත් ඉතුරු වෙන එකක් නැහැ...
යෝගා Tuesday, 15 June 2021 08:36 PM
ඔය ජාත්‍යන්තර මට්ටමේ සැලසුම් කරන අතරේ මේ පුංචි දූපත ඇතුලේ අතරමැදි ගසාකන්නන්ගෙන් තොර හොඳ බෙදාහැරීමේ ජාලයක් හදන්න බැරි ඇයි?
Sri Lanka Wednesday, 16 June 2021 12:07 AM
දැන් ජාත්‍යන්තර කුමන්ත්‍රණ ඉවරයිද?
විපරමා Wednesday, 16 June 2021 05:23 AM
මීට කලිනුත් ජාත්‍යන්තර ක්‍රීඩා පිටියක් හදනවා කියලා නිකම් සවුත්තු වුණා. කයිවාරු ගැහැව්වට බලන් ගියාම කරපු දේකුත් නැහැ. ලොකු කොමිස් කුට්ටියක් ලැබෙන වැඩකට අර අඳිනවද කවුද දන්නේ..?
Raveendra Wednesday, 16 June 2021 06:55 AM
බන්දුල අයියාගේ කතාව තේරුම් ගැනීමට උත්සාහ කිරීම "කරනකොට" අපට තේරෙන එක් දෙයක් ඇත. බන්දුල අයියාත් කටින් ඇපල් වගා කිරීමට දක්ෂතා පෙන්නුම් කරන බවය.