IMG-LOGO

2025 ජනවාරි මස 03 වන සිකුරාදා


වැලිසර කඳවුරේ සිටි 2193 ක් නිරෝධායනයට

(නිමන්ති රණසිංහ)

වැලිසර නාවික හමුදා කඳවුර තුළ කොවිඞ් 19 වයිරසය ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ආසාදිත සෙබළුන් සමීපව ඇසුරු කළ කඳවුර තුළ රැදී සිටි නාවික හමුදා සාමාජිකයින් 2193 දෙනකු නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇතැයි යුද හමුදාපති ලූතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද (21) පැවසීය.

සෞඛ්‍ය අංශවල නිර්දේශයන්ට අනුව වයිරසය පැතිරීම පාලනය කිරීම ස`දහා මෙම නාවික හමුදා සාමාජිකයින් ති‍්‍රවිධ හමුදාව මඟින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන වෙත එලෙස යොමු කළ බව යුද හමුදාපතිවරයා කීය.  

මේ වන විට නාවික හමුදාවේ සාමාජිකයින් 578 දෙනකු කොරෝනා වයිරසය ආසාදිතව ඇති අතර, එම සාමාජිකයින්ගෙන් 237 දෙනෙකු පී සී ආර් පරීක්ෂණවලට ලක්කර පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැර වී ඇති බවත්, නාවික හමුදා සාමාජිකයින් 341 දෙනෙකු රෝහල්ගතව ප‍්‍රතිකාර ලබන බවත් යුද හමුදාපතිවරයා කීවේය.

යුද හමුදාපතිවරයා එසේ පැවසුවේ කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානයේ අද (21) සවස පැවැති මාධ්‍ය හමුවකදීය.

ති‍්‍රවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන අම්පාර නිරෝධායන මධ්‍යස්ථානයේ 27 දෙනකු, වස්කඩුව ස්ටී‍්‍රස් මධ්‍යස්ථානයේ 09 දෙනකු, දියගම මධ්‍යස්ථානයේ 24 දෙනකු, ජෙට්වින් බ්ලූ මධ්‍යස්ථානයෙන් 06 දෙනකු ගල්කිස්ස හෝටලයෙන් 06 දෙනකු සහ නිපුන බූස්ස නිරෝධායන මධ්‍යස්ථානයෙන් 10 දෙනකු ද වශයෙන් නිරෝධායන මධ්‍යස්ථානවලින් 82 දෙනකු නිරෝධායන කි‍්‍රයාවලියෙන් අනතුරුව පී සී ආර් පරීක්ෂණවලට ලක්කර අද (21) සිය නිවෙස් වෙත පිටත් කර හරින ලද බවද යුද හමුදාපතිවරයා කීය.

ඒ අනුව, අද (21) දින වන විට ති‍්‍රවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළින් 10255 දෙනකු නිරෝධායන කි‍්‍රයාවලිය අවසන් වී ඔවුන්ගේ නිවෙස් වෙත පිටත් කර හැර ඇතැයි ද යුද හමුදාපතිවරයා පැවසීය.

ති‍්‍රවිධ හමුදාව ම`ගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 40ක 4112 දෙනකු මේ වන විට නිරෝධායනය වෙමින් සිටින බව ද යුධ හමුදාපතිවරයා වැඩිදුරටත් ස`දහන් කළේය.



අදහස් (2)

වැලිසර කඳවුරේ සිටි 2193 ක් නිරෝධායනයට

SL Thursday, 21 May 2020 04:32 PM

ආරක්ෂක මූලස්ථානය ඉස්සරහට CPC නැතිව IOC ෂෙඩ් එකක් ආවේ කොහොමද?

:       1       4

Jaya Saturday, 23 May 2020 01:03 PM

දැන් බලාගෙන ගියාම කොරෝනාවලින් සාමාන්‍ය ජනතාව බේරගන්න එක ලේසියි.

:       0       0

ඔබේ අදහස් එවන්න

මහ පුවරුව

වියදම් වාර්තා නොදුන් මන්ත්‍රී අපෙක්ෂකයන් තොරතුරු ඩී.අයි.ජී.ලාට
2025 ජනවාරි මස 02 222 0

වියදම් වාර්තා බාර නොදුන් මහ මැතිවරණ අපේක්ෂකයන් පිළිබඳ වාර්තා නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා ප්‍රදේශයේ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට බාර දෙන ලෙස මැතිවරණ


කෙහෙලියගේ බෙහෙත් සීට්ටුවට අනුමැතිය දුන් හිටපු ජනපති, අගමැතිගෙන් ප්‍රකාශ
2025 ජනවාරි මස 02 7411 23

ඖෂධ හිඟයක් මවාපාමින් ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ ඖෂධ වර්ග 182ක් ගෙන්වීම සඳහා හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකා


හිටපු ඇමැතිවරයකුගේ කෝටි 4ක වාහන පොලිස් බාරයට
2025 ජනවාරි මස 01 6802 5

බස්නාහිර පළාත් සභාවේ හිටපු අමාත්‍යවරයෙකුට අයත් බව කියන රුපියල් කෝටි හතර හමාරකට වඩා වටිනාකමකින් යුත් සුඛෝපභෝගි වාහන තුනක් අත්අඩංගුවට ගැනීමට වලාන මධ්


අයවැය පෙබරවාරි 17 පාර්ලිමේන්තුවට
2025 ජනවාරි මස 01 858 0

රජයේ අයවැය ලබන මස 17 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.


5 ශිෂ්‍යත්ව පේපරය පිටකළ අයට වන්දි ගෙවන්න නියෝග
2024 දෙසැම්බර් මස 31 5132 3

පසුගියදා පැවති ශිෂ්‍යත්ව විභාගයේ දී ප්‍රශ්න පත්‍ර පිටවී ඇතැයි ඇතැයි කියන සම්බන්ධයෙන් නිදහස් ලකුණු ලබාදීමෙන් ශිෂ්‍යයන්ගේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇ


පාර්ලිමේන්තු ලොක්කෝ තවත් 3ක් CIDයට
2024 දෙසැම්බර් මස 30 1760 4

පාර්ලිමේන්තු වෙබ් අඩවියේ අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ නම ඉදිරියෙන් වැරදි ආකාරයට ආචාර්ය පදවියක් සඳහන් කිරීම සම්බන්ධයෙන් අපරාධ පරී


මේවාටත් කැමතිවනු ඇති

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 371 1
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 191 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 175 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

Our Group Site