IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


වල් අලි දියබෙදුමේ ගමක් වනසති

(ක.ග.කරුණාරත්න)

ඇලහැර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් දියබෙදුම,පහේ කණුව ගම්මානයට කඩා වැදුණු වල් අලි රංචුවක්  නිවෙසකට සහ ගෙවතු වගාවලට හානි සිදුකර ඇතැයි ගම්වාසීහු අද පැවැසූහ.

පෙරදින රාත්‍රියේ ගමට පැමිණි මෙම අලි නිවෙසක ඉදිරිපස කොටස මුළුමනින් කඩා බිඳ දමා තිබෙන අතර පල දරමින් තිබෙන කෙසෙල් වගාවත් අස්වනු නෙලීමට ආසන්න තත්වයේ පවතින ලොකු ළුෑණු වගාවක්ද අලින්  පාගා පොඩිකර දමා තිබේ.

නිවෙස්වල ගබඩාකර තිබෙන වී අස්වනු ආහාරයට ගැනීමට මහත් ගිජුකමක් දක්වන මෙම අලි එසේ පැමිණ නිවෙස්වලට හානි සිදුකරන බව එම ජනතාව කියා සිටියහ.

මින්නේරිය ගිරිතලේ ස්වභාව රක්‍ෂිතයේ සහ මින්නේරිය ජාතික වනෝද්‍යානයේ වෙසෙන වන අලි මෙසේ රාත්‍රී කාලයට ආහාර සොයා ගම්මානවලට පැමිණෙන බවත් බොහෝ අවස්ථාවල පසුදා පහන්වන තෙක්ම ගම්මානය තුල සැරිසරන බවද ඔවුහු පෙන්වා දුන්හ.

මේ දිනවල දිනපතාම පාහේ රාත්‍රී කාලයේ මෙම අලි හිරිහැර තිබෙන බවත් එම පීඩාවන් වළක්වාලීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අදාල බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවද ගම්වාසීහු වැඩිදුරටත් පැවැසූහ.

 



අදහස් (3)

වල් අලි දියබෙදුමේ ගමක් වනසති

සිල්වා Monday, 27 September 2021 08:16 PM

රටේ ඇතිවී තිබෙන භාණ්ඩ හිඟය අලින්ටත් බලපා ඇත.

:       4       11

kamani Monday, 27 September 2021 08:18 PM

පව් අනේ අලි ටික...!

:       4       9

JAYATH Tuesday, 28 September 2021 01:22 PM

ඇයි අර හැම මගුලක්ම හැමෝටම වැඩියෙන් දන්නා මහා පඬි රජතුමා අලි ප්‍රශ්නේ මාස දෙකකින් විසදනවා කියල කිව්වා නෙව !

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අනුර උතුරෙන් සමාව ගත යුතුයි
2024 සැප්තැම්බර් මස 08 88 0

අනුර දිසානායක යාපනයට පැමිණ කළ තර්ජනකාරී ප්‍රකාශය සම්බන්ධයෙන් උතුරේ ජනතාවගෙන් වහාම සමාව ගත යුතුව ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යාපනයේ ජන රැළ


‘‘අපේ ඇමැති මණ්ඩලය 25යි‘‘
2024 සැප්තැම්බර් මස 08 92 0

එළබෙන 21 පසුව අපි පිහිටුවන රජයේ විද්‍යාත්මක ඇමති මණ්ඩලයක් තමයි අපි හදන්නේ. එයට 25 දෙනයි. රාජ්‍ය ඇමතිවරු නැ . නියෝජ්‍යය ඇමති විතරයි. ඒ ඒ විෂයට අදාල ක්ෂේත්‍රය


ජනපති මාවෙයි හමුවෙයි
2024 සැප්තැම්බර් මස 07 765 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නි


‘‘රටේ සංස්කෘතිය අප ආරක්ෂාකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 07 214 0

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලි


විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය අනුරට
2024 සැප්තැම්බර් මස 07 639 0

මෙවර ජනාධිපතිවරණයේදී ,විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ලබාදීමට තීරණය කර ඇතැයි එ


කදුරුවෙල නගරයේ කඩයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 07 147 0

පොලොන්නරුව කදුරුවෙල නගරයේ වෙලද සංකීර්ණය වෙළෙඳහලක ගින්නක් හට ගෙන ඇති බව කදුරුවෙල පොලිසිය කියයි.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1814 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site