( සිතුම් චතුරංග)
වවුනියාව, සෙට්ටිකුලම, මැණික්ෆාම් ප්‍රදේශයේ ඉපැරණි පුරාවිද්‍යා ස්මාරක සහිත ස්ථානයක් කිසියම් පිරිසක් ඩෝසර් රථ යොදාගනිමින් විනාශ කිරීමකට ලක් කර ඇත.
යුද හමුදාව විසින් පවත්වාගෙන යන ගොවිපොළක ආසන්නයේවූ මෙම පුරාවිද්‍යා ස්ථානය ඩෝසර් රථ යොදාගනිමින් විනාශ කර තිබේ.
අනුරාධපුර යුගයට අයත් බවට සැලකෙන ගල් කණු රැසක පාදම් හා පුරාවිද්‍යා ස්මාරක කිහිපයක් එලෙස විනාශ වි ඇති අතර ඇතැම් පුරාවිද්‍යා සළකුණු තිබූ ස්ථානයෙන් ඉවත්කොට ඇති බව ගැමියෝ කියති.
මෙලෙස සෙට්ටිකුලම ප්‍රදේශයේ ස්ථාන රැසක පුරාවිද්‍යා උරුමයන් සංවිධානාත්මක පිරිසක් විනාශ කර ඇති බවත් මෙම ක්‍රියාව සිදුකල පිරිසට එරෙහිව තවමත් නීතිමට ක්‍රියාමාර්ග ගෙන නොමැති බවද ප්‍රදේශවාසීහු චෝදනා කරති.
සාමාන්‍ය පුරවැසියකු විසින් පුරාවිද්‍යා ස්ථානයක් විනාශකළේ නම් ඔහුට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් අදාල ස්ථානය ඩෝසර් රථ යොදා විනාශකර සතියකට අධික කාලයක් ගතවූවද විනාශකළ පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගෙන නොමැති බව පැවසීය.
ප්‍රදේශවාසීන් පැවසූයේ සෙට්ටිකුලම ප්‍රදේශයේ පවත්වාගෙන යන යුද හමුදා ගොවිපොළ වටා පුරාවිද්‍යාත්මක සාක්ෂි රැසක් හමුව තිබූ අතර මෑත කාලය වන විට අදාල ස්ථානයේ පමණක් නටඹුන් ඉතිරිව පැවතියද එයද මේ වන විට විනාශ කොට ඇති බවත්ය.
ඇතැම් අන්තවාදී කණ්ඩායම් සෙට්ටිකුලම හා එම ප්‍රදේශයේ බෞද්ධ පුරාවිද්‍යා උරුමයන් විනාශ කිරීමේ සැළසුම් සහගත ක්‍රියාවලියක නිරතව ඇති අතර, ඒ සම්බන්ධයෙන් වගකිව යුතු බලධාරීන්ගේ අවධානය යොමු නොවීමද කණගාටුවටකරුණක් බවත් වැඩිදුරටත් සඳහන් කළේය.
අදාල ස්ථානය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව යටතේ පවතින ආරක්ෂිත ප්‍රදේශයක් බැවින් විනාශය සිදුකළ පිරිසට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසද ප්‍රදේශවාසීහු ඉල්ලා සිටිති.
සෙට්ටිකුලම මැණික්ෆාම් ප්‍රදේශයේ පුරාවිද්‍යා ස්ථානය ඩෝසර් රථ යොදා විනාශ කිරීම සම්බන්ධයෙන් උතුරු පළාතේ පුරාවිද්‍යා නිලධාරීන්ගෙන් සිදුකළ විමසීමකදී ඔවුන් පවසා සිටියේ අදාල ස්ථානය ආසන්නයේ යුද හමුදාව විසින් ගොවිපළක් පවත්වාගෙන යනු ලබන අතර වගාකටයුතු පුළුල් කිරීම සඳහා ඉඩම් හෙළිපෙහෙලි කිරීමේදී පුරාවිද්‍යා ස්ථානයද ඩෝසර් කර ඇති බවට අනාවරණයවූ බවත්ය.
විජය පුවත්පත් සමාගමට රුපියල් කෝටි තුනකට අධික වංචාවක් කළැයි කියන දැන්වීම් බාර ගැනීමේ ආයතනයක හිමිකරුවකු බව කියන නලින් ප්‍රසාද් පෙරේරා නැමැත්තා දුටු තැ
රගර් තරගාවලියක් සදහා ක්‍රිෂ් ලංකා පුද්ගලික සමාගම නමැති ඉන්දියානු සමාගමෙන් රුපියල් කෝටි 07ක මුදලක් ලබාගෙන, අවභාවිතා කළ බවට චෝදනා කරමින් පවරා ඇති නඩුවට
ශ්රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සහ සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එක්ව සෞදි අරාබි බාහිර වෙළඳ දූත පිරිසක් සමඟ සාර්ථක වැඩසටහනක් පසුගියදා පැව
ලුණු මිල හෙට (6) සිට වැඩි කිරීමට හම්බන්තොට ලංකා ලුණු සමාගම තීරණය කර තිබේ.
වී මිලදී ගැනීම සඳහා භාණ්ඩාරයෙන් රුපියල් කෝටි 500 ක මුදලක් වෙන්කර ඇති බවත් එම මුදලින් කොටසක් කෘෂිකර්ම අමාත්‍යංශයට යොමු කර ඇති බවත් කෘෂිකර්ම අමාත්‍ය කේ. ඩ
ආණ්ඩුව වී සඳහා නියම කළ මිල සමඟ එකඟ නොවන බවත් මිල නියම කිරීමේදී සහල් නිෂ්පාදකයන්ගේ වියදම් පිළිබඳව අවදානය යොමුකර නොමැති බවත් එක්සත් සහල් නිෂ්පාදකයන්ගේ
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
වව්නියාවේ පුරාවිද්‍යා ස්මාරක සහිත ස්ථානයක් ඩෝසර් කරලා
සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 27 October 2020 08:39 AM
රටේ පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුතු මෙවැනි ස්ථාන නම් ආරක්ෂා කරගැනීමට නොහැකියි. ඒත්, වමට කැරකී ඇති බෙලිකටු අල්ලා ගැනීමට නම් දක්ෂයි. ඒ බෙලිකටු වලත්, දකුණට කැරකී ඇති ඒවා පයේ හැපුණත් අල්ලන්නේ නැහැ ...
De Tuesday, 27 October 2020 09:38 AM
මේවා තියන් කොහොමද රට දියුණු කරන්නේ?