IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


වැවිලි අමාත්‍යාංශයට අයත් තේ වත්තක් ඇලෝසියස්ලට බදු දීලා

වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයට අයත්ව තිබූ නුවරඑළියේ කඳපොළ අක්කර 450ක තේ වත්තක් 2015 වසරේදී ජෙෆ්රි ඇලෝසියන්ට සහ ඔහුගේ පුත්‍ර අර්ජුන් ඇලෝසියස්ට මසකට රුපියල් 8,000ක බද්දකට අවුරුදු 30ක කාලයකට බදු දී ඇතැයි කියන සිද්ධිය හෙළිදරව් වී ඇත.

මහබැංකු බැඳුම්කර වංචාව සිදුවී මාස 7කට සහ 2015 අගෝස්තු මැතිවරණයෙන් මසකට පසුව මෙසේ බදු දී ඇත්තේ කඳපොල පිහිටි මහකුඩුගල නමැති තේ වත්තයි. අක්කර 450කින් යුත් මෙම තේවත්ත මසකට රුපියල් 8,000 කට 2045 වසර දක්වා බදුදෙමින් රජයත් ජෙෆ්රි ඇලෝසියස් සහ ඔහුගේ පුත්‍ර අර්ජුන ඇලෝසියස් යන දෙදෙනාත් අතර 2015 සැප්තැම්බර් 26 වැනිදා බදු ගිවිසුමකට අත්සන් තබා ඇති බවට චෝදනා නැගී ඇත.

වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයට අයත්ව තිබූ මෙම තේ වත්ත ‘මතුරට වැවිලි සමාගමට කලින් ලබා දී තිබූ අතර ජෙෆ් ඇලෝසියස් මෙම තේවත්ත එම සමාගමෙන් බද්දට ලබාගෙන ඇතැයි කියති.

අලුතින් බදු ගිවිසුමක් අත්සන් කිරීම සඳහා ජෙෆ්රි ඇලෝසියස්ගේ සභාපතිත්වයෙන් සෙරෙන්ඩිසිටි ප්ලාන්ටේෂන්ස් නමින් අලුතින් සමාගමක්ද පිහිටුවාගෙන ඇතැයි පැවසේ.

මෙම තේවත්තේ බංගලා දෙකක්, වෛද්‍ය මධ්‍යස්ථානයක් සේවක නිවාස සහ මාතෘ නිවාසයක් ද තිබෙන අතර ඉතා වටිනා ගස් 19,000ක් පමණ එහි ඇතැයි වාර්තා වේ.

පර්පවුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ සභාපති ජෙෆ්රි ඇලෝසියන් මහතා මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගිය සඳුදා අත්අඩංගුවට ගනු ලැබීය.

සන්ඬේ ටයිම්ස් පුවත්පතෙනි

055

 



අදහස් (21)

වැවිලි අමාත්‍යාංශයට අයත් තේ වත්තක් ඇලෝසියස්ලට බදු දීලා

Samith Monday, 01 April 2019 09:52 PM

මිස්ටර් ක්ලීන් මිස්ටර් අන්ක්ලීන් කියලද අවසානයේදී අපිට හිතන්න වෙන්නේ.

:       0       192

Mahee Monday, 01 April 2019 10:31 PM

මහා බැංකු හොරකම මහා හොරකම් වැලක එක පුරුකක් විතරයි කියන එක දැන් දැන් පේනවා. නමුත් මේක ලංකාව නිසා කිසිම මහා හොරෙකුට විරුද්ධව කටයුතු කෙරෙන්නේ නැහැ. ඡන්ද දායකයොත් හුරේ දමමින් මොවුන්ට ආවඩනවා. දේශපාලකයොත් දන්නවා, අර මාක් ට්වේන් කිව්වා වගේ 'මිනිසුන්ට තමන් රැවටී සිටින බව තේරුම් කරදී ඔවුන් රැවටිල්ලෙන් මුදා ගන්නවාට වඩා ඔවුන්ව දිගටම රවටා තබා ගැනීම වඩා පහසුය' කියන සත්‍යය.

:       0       26

ධනුෂ්කTuesday, 02 April 2019 05:48 AM

මේක අැත්තටම මේ ගානමද. පරසක්වල ගහන්න එපැයි මේ ගානට බදු දුන්නානම්. මම නැවතිලා ඉන්න බෝඩ්ම් කාමරේටත් මාසෙකට 8000ක් දෙනවා. ලයිට් බිල් වතුර බිල් වෙනම ගෙවනවා. බෝඩිමේ අයිතිකාරයට මේක පෙන්නලා කියන්නෝනේ බෝඩිමේ ගනන් වැඩියි කියලා.

:       0       82

Bamunuarachchi Tuesday, 02 April 2019 12:12 AM

2020 වෙකොට ලංකාවත් විකුණලා තියේවි. අදම පයින්ගහලා දොට්ට දැම්මොත් රට බේරා ගන්න පුළුවනි.

:       2       147

සිරිබිරිස් Tuesday, 02 April 2019 12:52 AM

මෙය තේ වත්තක්නම් අවම වශයෙන් මසකට රුපියල් කෝටියක (මිලියන 10) ලාභයක් ලැබීමට හැකිවේයැයි සිතමි. දූෂණ විරෝධීන් නිදිද?

:       0       26

don kuru Tuesday, 02 April 2019 01:00 AM

2015 කියන්නේ පිරිසිදු පාලනයක් තිබුණු කාලයක් ,මේවා වෙන්න පුලුවන්ද?

:       1       119

chinthaka Tuesday, 02 April 2019 02:24 AM

අක්කර 450ක තේ වත්තක් මසකට රුපියල් 8,000 කට 2045 වසර දක්වා බදුදීලා? ඇයි දෙවියනේ මේ මිනිස්සු බලයට ආවේ "මිස්ටර් ක්ලීන්" "මට රකින්න පරපුරක් නැහැ" කිය කියා නේද?

:       0       51

Puravasiya Tuesday, 02 April 2019 03:01 AM

තව මොනවද දන්නේ නැහැ ආණ්ඩුවෙන් දන් දීලා තියෙන්නේ. හැබැයි, අහිංසක ජනයාගේ දේවල් කොල්ල කාපු අය හිඟමනට වැටිලා තමයි මැරෙන්නේ. එක හොඳට මතක තියාගන්න.

:       0       52

ලසන්ත Tuesday, 02 April 2019 03:23 AM

අක්කරයක් රුපියල් 17 ශත 77කට. බංගලා 2යි, වෛද්‍ය මධ්‍යස්ථාන 1යි සේවක නිවාස සහ මාතෘ නිවාසය, ඉතා වටිනා ගස් 19,000 යි. ඔන්න ඔහොමයි වැඩ වෙන්නේ!

:       16       107

ranga Tuesday, 02 April 2019 03:30 AM

මමත් රුපියල් 10000 ක් මාසෙකට දෙන්නම් මටත් අක්කර 4-5 ගන්න බැරිද ?

:       0       61

Cisco Tuesday, 02 April 2019 04:04 AM

ඔය තෙවතුවලට මොනවා වුනත් කමක්ක නැහැ යහපාලනය තියෙනවනේ!

:       0       21

sandy123 Tuesday, 02 April 2019 04:20 AM

අපිට නම් පොඩි ගෙයක්වත් කුලියටවත් ගන්න බැහැ මේ මුදලට. අනේ හපොයි රටකට ගිය කලක්.

:       0       11

mohan Tuesday, 02 April 2019 04:57 AM

මෙයට අනුබල දුන් සැමට.....

:       0       16

Amila Tuesday, 02 April 2019 05:03 AM

රු 8000ට අක්කර 450ක් ! කොහොමද ගසා කෑම

:       11       126

ජයන්ත මිලානෝ Tuesday, 02 April 2019 05:04 AM

එදාවේල හරියට කන්න නැති දුප්පත් ජනතාව රට පිරෙන්න ඉන්නවා. පාර්ලිමේන්තුවේ ඉන්න හොරු ටික ජනතාවට කන්න තියෙන රටේ සම්පත නැදෑයිනට හිතමිත්‍ර ආදින්ට අම්මාගෙ අප්පාගෙ බූදලය වගේ කුනු කොල්ලයට දීල දානව .මෙහෙව් හොරු නැවතත් ඕනෙ කියලා පාර්ලිමේන්තු යවන්නෙත් රටේ ජනතාවමයි. ජනතාව පාරටම වැටෙන කං මේක තෙරෙන්නෙ නැ .එතකොට වෙන්න ඕන හරියට වෙලා ඉවරයි .

:       0       53

Perakum Tuesday, 02 April 2019 06:10 AM

ජනතාවගේ කැමැත්ත ඒකනම් ඇයි අපි විතරක් ඒකට විරුද්ධ වෙන්නේ? ඊළඟ ඡන්දෙදිත් බලන්න මොකද වෙන්නෙ කියලා. අන්තිමට අපි පරාදයි...! රට කුජීතයි...! ළඟදීම සෝමාලියාව පරද්දන්න පුළුවනි... ඒකාන්තයි.

:       0       6

Sathya Tuesday, 02 April 2019 05:28 AM

රටකට ඕනේ අපමණ අගයක්, ඒකට ඕනේ මෛතී‍ යුගයක්. මදැයි කළා. තිබුන අගයත් හොරු කල්ලියක් අතරේ බෙදිලා ගියා.

:       0       79

sumith Tuesday, 02 April 2019 05:58 AM

දොට්ට දැම්මොත් රට බේරා ගන්න පුළුවනි. බමුණෝ කාටද රට බාර දෙන්න යන්නේ , කලින් හිටිය රන්චුවටද .

:       110       20

Bamunuarachchi Tuesday, 02 April 2019 07:21 AM

කෝ මේ ඇන්ජලීස් වල ලොස් වෙලා ඉන්න කට්ටිය.

:       1       41

Bamunuarachchi Tuesday, 02 April 2019 07:26 AM

සුමිත් අහනවා බමුණෝ දෙන්නේ කලින් හිටිය රංචුවටද කියලා? ඔයාගේ කව්රු හරි ඉන්නවාද දෙන්න? පිළිතුරක් බලාපොරොත්තුව ඉන්නවා.

:       1       104

Sjehan yapa Tuesday, 02 April 2019 10:39 AM

මේ යහපාලනය කියන මරුපාලනය අපේ රට විනාශම කරලා දැම්මා. ඡන්ද නොතියා විකුණන්න පුලුවන් සේරම විකුණගන්නකන්,මේ රට නැත්තටම නැති කරලා දානකන් ඉන්නවා.

:       0       102

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති මාවෙයි හමුවෙයි
2024 සැප්තැම්බර් මස 07 639 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නි


‘‘රටේ සංස්කෘතිය අප ආරක්ෂාකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 07 176 0

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලි


විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය අනුරට
2024 සැප්තැම්බර් මස 07 528 0

මෙවර ජනාධිපතිවරණයේදී ,විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ලබාදීමට තීරණය කර ඇතැයි එ


කදුරුවෙල නගරයේ කඩයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 07 133 0

පොලොන්නරුව කදුරුවෙල නගරයේ වෙලද සංකීර්ණය වෙළෙඳහලක ගින්නක් හට ගෙන ඇති බව කදුරුවෙල පොලිසිය කියයි.


නාමල්ගේ රැස්වීමට සෙල්ලම් පිස්තෝලයක් ගෙනා සිසුන් දෙදෙනා මාට්ටු
2024 සැප්තැම්බර් මස 07 1782 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිමඩ නගරයේ ඉන්ද්‍රානී සිනමා ශලාවේ පැවති ජනහමුවට සෙල්ලම් පිස්තෝලයක


සියලු ආගමික අයිතීන් සුරකින්න කැපවී ඉන්නවා
2024 සැප්තැම්බර් මස 07 184 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවම මෙරට සියලු ආගම්වල අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා රජය කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site