IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


‘‘විශ‍්‍රාම ගියාට පසු තනතුරු වලට පක්‍ෂවලින් ආරාධනා ලැබුණා‘‘

(අප්සරා යෝසිත් විජේසූරිය)

විශ‍්‍රාම ගත්තාට පසු මම  තීරණය කළේ වරප‍්‍රසාද ලබාගන්න නෙවෙයි,වසර 71 ක් මේ ජනතාව පීඩා විඳින ක‍්‍රමවේදය වෙනස් කරන්න අවශ්‍යයි,විශ‍්‍රාම ගියාට පසුව නොයෙක් තනතුරු සඳහා පක්‍ෂවලින් මට ආරාධනා ලැබුණා, යැයි ජනපති අපේක්‍ෂක හිටපු යුද හමුදාපති මහේෂ් සේනානායක මහතා අද (02) රත්නපුරේ දී පැවසීය.

රත්නපුර මහ සමන් දේවාලයේ විශේෂ දේව පූජාවක්  සඳහා  සහභාගිවීමෙන්  පසුව පැවති විශේෂ සාකච්ඡාවේදී ඒ මහතා මේ බව පැවසීය.

රත්නපුර ප‍්‍රදේශයේ ව්‍යාපාරික හා විද්වත් පිරිසක් විසින් සංවිධානය මෙම සාකච්ඡාව සංවිධානය කර තිබුණි.

එහිදී අදහස් දැක්වූ හිටපු යුද හමුදාපතිවරයා මෙසේද පැවසීය.

     ‘‘ඒ ඒ දේශපාලන පක්‍ෂවල ආධාරකරුවෙකු වරප‍්‍රසාද ලබාගැනීමට වඩා  කළයුතු දේ ලෙස මා තීරණය කළේ මේ රටේ කියවන දැනෙන හැඟෙන දුක්විඳින ජනතාව සමඟ එක්වන කටයුතු කිරීමටත් ඉතාමත් පසුවෙන් නිල්පාට හෝ වෙනත් පාටක් හිමි පක්‍ෂවල ආරක්‍ෂක ඇමතිවෙන්න නැතිනම් අමාත්‍යංශ ලේකම්කම හරි ගන්න මට හැකියාව තිබුණා.

වසර තිස් හතක් මා හමුදා සේවය කළා. වසර දෙකක් හමුදාපති. මට කියන්න පුළුවන්ද මගේ දරුවන්ට මේ රට අනාරක්‍ෂිතයි ඕස්ට්‍රේලියාවට යන්න රට ඉදිරියට යන පාටක් නෑ කියා මට කියන්න. මේ අනිත් හැමෝටමත් තත්ත්වය එසේමයි. ඇති හැකි අය එසේ පිටරට වලට ගියා. නැති අය බැන බැන ඉන්නවා.

රටේ විවිධාකාර කර්මාන්ත මගින් ආදායම් උපයන ජනතාවක් සිටිනවා. ඒ ඒ අයගේ ප‍්‍රශ්නවලට සුදුසු නියාමන ක‍්‍රම විවිධයි. හරියට ඒ ඒ බනිස්වලට ඒ ඒ කෙසෙල් ගෙඩි වගේ.

අපේ ප‍්‍රතිපත්ති මාලාව දැන් සකස් කරලා තියෙනවා. හත්වැනිදා අපි කාර්යාලයක් බත්තරමුල්ලේදී විවෘත කරනවා. අද මේ හමුවදී මා කියන්නේ ඔබ ඔබට හමුවන විවිධ පිරිස අතරට ගෙයින් ගෙයට ගමින් ගමට මේ පණිවිඩය ගෙනයන්න‘‘ යැයි ඔහු එහිදී පැවසීය.

 



අදහස් (12)

‘‘විශ‍්‍රාම ගියාට පසු තනතුරු වලට පක්‍ෂවලින් ආරාධනා ලැබුණා‘‘

sisira Wednesday, 02 October 2019 01:57 PM

රිශාඩ් බදියුදීන් ත්‍රස්තවාදී සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම පිළිබඳ බලපෑම් කෙරුවා කියලා මාධ්‍යයට කියපු කෙනා පාර්ලිමේන්තු කාරක සභාව ඉදිරියේ එහෙම දෙයක් වුනේ නැහැ කියලා දේශපාලකයින්ට කඩේ ගියා. දැන් රට හදන්න ජනපති වෙන්න හදන්නේ රටේ අන්ධ, ගොළු, බිහිරන් ඉන්නවා කියලා හිතලා වෙන්න ඇති. හැබැයි කණගාටුවට කාරණාව එහෙම කීප දෙනෙක් මිනිහා වටා ඉන්න එක...

:       498       558

බැරල් සුනිල් Wednesday, 02 October 2019 01:58 PM

මහේෂ්ට කැම්පේන් එක කරන්න සල්ලි දෙන්නේ ඒටී ආරියරත්නගේ පුතා සර්වෝදය හරහා.. මිනිස්සුන්ට බෙදන්න එන්ජීඕ වලින් දීපු සල්ලි වලින් ෆිනෑන්ස් කොම්පැනි කරලා නැතිවුණාම ඒවා වහගන්න දැන් දේශපාලනය කරලා බේරෙන්න හදනවා. ගෝඨා දින්නොත් සර්වෝදයත් ඉවරයි.

:       276       332

Karunarathna Gampola Wednesday, 02 October 2019 04:06 PM

ගෞරවනීය මැතිතුමනි, මම මෙවැනි අවස්ථාවක් එළඹෙන තුරු බලාසිටි පුද්ගලයින්ගෙන් එක් අයෙක්... ආරම්භයේ සිටම මේ පිළිබඳව නාගානන්ද මැතිඳුන්ගේ සාකච්ඡා වැඩසටහන් වාර්තා පටිගත කරගෙන සුරක්ෂිතව තබාගෙන ඉන්නවා. හැකි අයුරින් ඒවා ප්‍රදර්ශනය කිරීම මගේ බලාපොරොත්තුවයි. ඔබගේ කැපවීම අපගේ ජයග්‍රහණයයි. ජයවේවා...!!!.

:       338       454

Sama Thursday, 03 October 2019 02:30 AM

ඔබගේ පක්ෂය ඇත්ත වශයෙන්ම ඉතාම හොඳ බව අපි දන්නවා. නමුත් මේ අවස්ථාවේ අපි "විසෙන් විස නැසීම"ට කටයුතු කළයුතු වෙනවා. කෙසේ වුනත් ඔබගේ වැඩ පිළිවෙල ඉදිරියට ගෙන යාම අපි අපේක්ෂා කරනවා. රටට විකල්ප වැඩ පිළිවෙලක් නැති බව අපි වටහාගෙන සිටිනවා...

:       30       14

සමරේ Thursday, 03 October 2019 03:07 AM

විශ්‍රාම ගත්තාට පසු මා තීරණය කළේ වරප්‍රසාද ලබාගන්න නෙවෙයි.. ඒත් ඩොලර්වල සුවඳ හමන කොට ඉන්නම බැහැ...

:       31       123

Gamage Thursday, 03 October 2019 03:23 AM

මේ කඩේ යනගමන් ජන්ෂන්වල ඉඳගෙන කියන කතා ජනතාව පිළිගනීද මෙයා?

:       68       84

sharm warnThursday, 03 October 2019 04:25 AM

මෙයා නම් ජනාධිපතිකම ගන්න කඩේ යනවා කියන්න වත් පුළුවන්.. එතකොට ඔබ කඩේ යන්නේ කා වෙනුවෙන්ද? කුමක් ලබාගනු පිණිසද?

:       1       0

krishantha Thursday, 03 October 2019 04:12 AM

පොකට් මීටින්ග්. කවදාද ඡන්ද මීටින්ග් තියන්නේ.?

:       0       1

sajith Thursday, 03 October 2019 05:41 AM

බුදු අම්මෝ මෙදාපාර අපි ඉවරයි. සූ ගාලා සෙනඟ නේද?

:       0       0

samanwimal Thursday, 03 October 2019 05:50 AM

සහරාන්ගේ පක්ෂයෙන් ආරාධනා කරන්න ඇති ෂුවර් එකටම... දැන් ඉල්ලන පක්ෂයත් ඊට වැඩි වෙනසක් නැහැ.

:       1       1

kanchana Thursday, 03 October 2019 05:52 AM

සැපපහසු වැඩි තැනක කරපු හමුවක්. දුක දැනිලම නැහැ.

:       0       39

amali Thursday, 03 October 2019 10:08 AM

අනේ මහත්තයෝ එක එකාගේ පිල්ලි වෙන්නේ නැතුව තමන්ගේ ගෞරවය තියාගෙන පාඩුවේ ඉන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

දියත

වී මිල ගැන නිල ප්‍රකාශයක්
2025 පෙබරවාරි මස 05 358 0

රජය වී කිලෝවක් ගන්නා මිල කෘෂිකර්ම අමාත්‍යාංශයේදී අද(05) උදේ 11.00 ට පවත්වන ප්‍රවෘත්ති සාකච්ඡාවකදී නිල වශයෙන් ප්‍රකාශයට පත්කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමා


සහල් සැකසීමේ සංකීර්ණ දෙකක් නිෂ්කාර්ය වෙලා
2025 පෙබරවාරි මස 05 117 0

දැනට ප්‍රතිව්‍යුහගත කර ඇති සමුපකාර තොග වෙළඳ සංස්ථාව සතුව තිබූ පැයකට සහල් ක්ලෝ ග්‍රෑම් 2000 බැගින් සැකසීමේ ධාරිතාවයකින් යුත් හිඟුරක්ගොඩ සහ පන්නෙගමුව සහ


ග්‍රෑන්ඩ්පාස්-කොටහේන වෙඩි තැබීමට අයෙක් මාට්ටු
2025 පෙබරවාරි මස 05 57 0

ග්‍රෑන්ඩ්පාස් සහ කොටහේන ප්‍රදේශවලදී පුද්ගලයන් දෙදෙනෙකුට වෙඩි තබා බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධියේ වෙඩික්කරු ඊයේ (4) අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්


අද කාලගුණය
2025 පෙබරවාරි මස 05 75 0

ඌව පළාතේත් මඩකළපුව, අම්පාර, මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ට්‍රම්ප් - නෙදන්යාහු හමුවෙති
2025 පෙබරවාරි මස 05 664 0

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්විණි.


ස්වීඩන උසස් පාසලක වෙඩි තැබීමක්
2025 පෙබරවාරි මස 05 832 0

ස්වීඩනයේ උසස් පාසලක සිදුවුණු වෙඩි තැබීමකින්, 10 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. එම 10 දෙනා අතර වෙඩි තැබීම කළ සැකකරු ද සිටින බව පොලිසිය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 86 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 761 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 735 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site