(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පෞද්ගලික අංශයේ සේවකයන්ගේ විශ්‍රාම යාමේ වයස 60 දක්වා දීර්ඝ කිරීම සම්බන්ධයෙන්වූ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී අනිද්දා(11)විවාදයට ගැනීමට නියමිතය.
මෙම පනත් කෙටුම්පතට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කම්කරු කටයුතු පිළිබද අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමැතිය ඊයේ(9) ලැබිණ.
කම්කරු කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී අද(9) රැස්විය.
එසේම කම්කරුවන්ගේ රක්ෂාව අවසන් කිරීමේ (විශේෂ විධිවිධාන) (සංශෝධන) පනත් කෙටුම්පතටද කාරක සභාවේ අනුමැතිය මෙහිදී ලැබිණ.
මෙම පනත් කෙටුම්පත මගින් පෞද්ගලික අංශයේ සේවකයන්ගේ විශ්‍රාම යාමේ වයස අවුරුදු 60 දක්වා දීර්ඝ කිරීම අරමුණු කර ඇත. මෙතෙක් පෞද්ගලික අංශයේ සේවය කරන බොහෝ සේවකයින්ගේ විශ්‍රාම ගැනීමේ අවම වයස් සීමාවක් නියමකර නොතිබුණ. බොහෝ විට පෞද්ගලික අංශයේ සේවකයන් විශ්‍රාම ගැන්වීම සඳහා පාදක කර ගනු ලැබුවේ සේව්‍ය, සේවක දෙපාර්ශ්වය අතර ඇති කරගන්නා ගිවිසුමේ සඳහන් කොන්දේසීන්ය.
මෙම උපදේශක කාරක සභා රැස්වීමට රාජ්‍ය අමාත්‍ය ප්‍රියංකර ජයරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන ඩබ්ලිව් ඩී ජේ සෙනෙවිරත්න, වඩිවේල් සුරේශ්, අශෝක ප්‍රියන්ත සහ වී. රාධක්‍රිෂ්ණන් යන මහත්වරුද සහභාගී වූහ.
ශ්රී ලංකා යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරාල් චන්දන වික්‍රමසිංහ මහතා පත්කළ බව යුද හමුදාව පවසයි.
බණ්ඩාරවෙල සිට විනෝද චාරිකාවක පැමිණ වීරවිල වැවේ දියනාමින් සිටි පුද්ගලයෙකු ඊයේ (04) සවස දියේ ගිලී අතුරුදහන්ව ඇතැයි වීරවිල පොලිසිය පවසයි .
රුපියල් එක් කෝටි විසි පන් ලක්ෂයක් පමණ වටිනා ’’ කුෂ් ’’ මත්ද්‍රව්‍ය තොගයක් , ටොෆී සහ චොකලට් පැකට් ලෙස සකස් කර , සිය ගමන් මලු තුළ සූක්ෂම ලෙස සගවා ගෙන , කටුනා
පළාත් පාලන ඡන්ද විමසීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට ප්‍රකාශ නොකරන්නේ ඇයිදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදයේ අද ප
රජය වී කිලෝවක් ගන්නා මිල කෘෂිකර්ම අමාත්‍යාංශයේදී අද(05) උදේ 11.00 ට පවත්වන ප්‍රවෘත්ති සාකච්ඡාවකදී නිල වශයෙන් ප්‍රකාශයට පත්කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමා
දැනට ප්‍රතිව්‍යුහගත කර ඇති සමුපකාර තොග වෙළඳ සංස්ථාව සතුව තිබූ පැයකට සහල් ක්ලෝ ග්‍රෑම් 2000 බැගින් සැකසීමේ ධාරිතාවයකින් යුත් හිඟුරක්ගොඩ සහ පන්නෙගමුව සහ
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
විශ්‍රාම වයස 60දක්වා වැඩි කෙරෙන පනත අනිද්දා මැතිසබයට
sagara Edirisinghe Wednesday, 10 November 2021 11:02 AM
මෙම උපදේශක කමිටුවේ සුදුසුකම් සහ පළපුරුද්ද කුමක්දැයි ඔබට පැවසිය හැකිද? මේ පිළිබඳව ඔබ පෞද්ගලික අංශයේ සේවකයන් සමඟ සාකච්ඡා කර තිබෙනවාද? පුද්ගලික අංශයේ සේවකයෙකු ලෙස අපි වයස අවුරුදු 55 දී සේවක අර්ථසාධක අරමුදල ඉවත් කිරීමට බලාපොරොත්තු වෙමු. කරුණාකර එම අයිතිය අයුතු ලෙස භාවිතා නොකරන්න. අපි සේවක අර්ථසාධක අරමුදලට දායක වන ජනතාවයි. අපිට කවදාවත් රජයෙන් කිසිම දෙයක් ලැබෙන්නේ නැහැ. නමුත් හැමවිටම දේශපාලන මෝඩයන් අපේ මුදල් කොල්ලකන්න උත්සාහ කරනවා. ඔවුන් සියල්ල කොල්ලකා ඇත. දැන් ඔවුන් උත්සාහ කරන්නේ අපේ අවසාන අපේක්ෂාව බිඳ දැමීමටයි. මෙය තවත් ව්යසනයකි. ඔබ දැනටමත් මුළු කෘෂිකාර්මික අංශය විනාශ කර ඇත. දැන් පෞද්ගලික අංශය විනාශ කරන්න හදනවා. කරුණාකර මෙය නවත්වන්න.
Bamunuarachchi Wednesday, 10 November 2021 01:01 PM
විශ්‍රාම වයස වැඩි කරන්න එපා... පාසල් වලින්, විශ්වවිද්‍යාල වලින් එන දරුවන්ට රැකියා අවස්ථා නැතිවෙනවා.