IMG-LOGO

2025 මාර්තු මස 14 වන සිකුරාදා


‘‘විශ්වාසභංගයට මා හොඳින් මුහුණ දෙනවා‘‘

(ඩයනා උදයංගනී)

තමන් විශ්වාසභංග යෝජනාවලට හොඳින් මුහුණ දී ඒවා පරාජය කර අත්දැකීම් ඇති කෙනෙක් බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

තමාට එරෙහිව ගෙන ආ විශ්වාසභංග යෝජනාවෙන් විපක්‍ෂය සිය දේශපාලන නොදන්නාකම ප්‍රදර්ශනය කර ඇතැයි ද ඇමතිවරයා සඳහන් කරයි.

පළාත් සභා ඇමතිවරයෙක් ලෙස තමන් කටයුතු කළ 2011 වසරේදීත් මට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් වූ බවත් විපක්‍ෂයේත් ආණ්ඩුවේත් සහයෝගයෙන් එය පරාජය කරන්න හැකිවූ බවත් ඇමතිවරයා කියයි.

ඔහු මේ බව පැවසුවේ මුල්ලේරියාව ප්‍රදේශයේදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.

උදය ගම්මන්පිල මහතා මෙසේ ද කීවේය.

“සමඟි ජන බලවේගය මට විරුද්ධව ගේන්න යන විශ්වාසභංගය පොඩි එකාගේ ලියුම වගේ. විපක්‍ෂනායකතුමා ලිඛිත ප්‍රකාශයක් කරමින් කිව්වේ ඉවත්විය යුත්තේ ගම්මන්පිල නොව ආණ්ඩුව බවයි. විපක්‍ෂනායකතුමා එසේ කියා තිබියදී විපක්‍ෂයේ මන්ත්‍රී පිරිසක් මට එරෙහිව විශ්වාසභංගයක් ගෙනඒමෙන් පැහැදිලි වන්නේ එතුමාගේ ප්‍රකාශය ගැන විපක්‍ෂ මන්ත්‍රීන්ට විශ්වාසයක් නැති බවයි. එබැවින් මෙය සැබැවින්ම මට එරෙහිව නොව විපක්‍ෂනායකතුමාට එරෙහිව ගෙනා එකක්. ඒ වගේම මෙය සාගර කාරියවසම් මහතා අපහසුතාවට පත්කිරීමේ උවමනාවෙන් ගෙනාවා විය යුතුයි.” යනුවෙන් ද ඇමතිවරයා කීවේය.

 



අදහස් (3)

‘‘විශ්වාසභංගයට මා හොඳින් මුහුණ දෙනවා‘‘

ජයන්ත මිලානො Thursday, 17 June 2021 12:32 AM

මුහුණ දෙන්න බැරි වුණොත් දෙන්න හොඳ දෙයක් තියෙනවා දෙනවා නම්..?

:       0       0

Rata Perata Thursday, 17 June 2021 12:50 PM

හොර ඇටෝනි හදලා අනුන්ගේ සල්ලි හොරකම් කරපු කෙනෙක්ට මේක මොකක්ද?

:       0       0

ganegoda Thursday, 17 June 2021 03:19 PM

වාචාල කමට කියවද්දි ඔහොම වෙනවා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

එසැණ පුවත්

වෛද්‍යවරිය අපයෝජකයාගේ නිවෙසින් අත් බෝම්බයක් හමු වේ
2025 මාර්තු මස 14 4 0

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියට ලිංගික අතවර කළ පුද්ගලයා පදිංචිව සිටි නිවසේ තිබි අත් බෝම්බයක් සොයාගත් බව අනුරාධපුර පොලිසිය කියයි.


ඇමෙරිකන් සටන් විරාමයට පුටින්ගේ අකමැත්තක් නැහැ
2025 මාර්තු මස 14 20 0

රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමේ අරමුණින්, ඇමෙරිකාව සකස් කළ දින 30 ක සටන් විරාමයට තමන්ගේ විරෝධයක් නැතැයි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි.


ඇමෙරිකන් ගුවන් යානයක ගින්නක්
2025 මාර්තු මස 14 69 0

ඇමෙරිකාවේ කොලරාඩෝ ස්ප්‍රිංග්ස් ගුවන්තොටුපොළේ සිට ඩලාස් ෆෝට් වර්ත් ගුවන්තොටුපොළ දක්වා පියාසර කරමින් තිබුණු ඇමෙරිකන් ගුවන් සේවයට අයත් බෝයිං 737-800 මගී ග


අඳුරු කාමරයක සිරගත කෙරුණු බටලන්ද අද හිරු එළිය දුටුවා
2025 මාර්තු මස 14 841 0

ජනාධිපති කාර්යාලයේ අඳුරු කාමරයක සිරගත වූ බට ලන්ද අද හිරු එළිය දුටු බව සභා නායක අමාත්‍ය බිමල් රත්නායක මහතා බටලන්ද කොමිෂන් සභා වාර්තාව සභාගත කරමින් පැවස


‘‘ලෙඩ සතුන් මසට විකුණනවාලු‘‘
2025 මාර්තු මස 14 308 0

හැටන් වටවල ප්‍රදේශයේ සත්ව ගොවිපලක විවිධ රෝග වැලදී මිය යන එළදෙනුන් සහ ගවයන් මස් කඩ වලට අලෙවි කිරීමට එරෙහිව වටවල ලොනැක් වත්තේ වතු කම්කරුවෝ එම සත්ව ගොවිප


බටලන්ද අද පාර්ලිමේන්තුවට
2025 මාර්තු මස 14 533 5

බටලන්ද කොමිෂන් සභා වාර්තාව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 217 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 507 1
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 246 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site