වසංගතයක් බවට පත්විය හැකි නව උණ රෝගයක් චීන විද්‍යාඥයින් විසින් හඳුනාගෙන තිබේ. මෑතකදී මතුවී ඇති මෙම උණ රෝගය ඌරන් අතර පවතින නමුත් මිනිසුන්ට ද ආසාදනය වියහැකි බව ඔවුහු පවසති.
මෙම රෝගකාරක වයිරසය තවදුරටත් විකෘති වී පුද්ගලයාගෙන් පුද්ගලයාට පහසුවෙන් ව්‍යාප්ත වීමට සහ ගෝලීය වශයෙන් වසංගතයක් ලෙස ව්‍යාප්ත වීමට ඇති හැකියාව සම්බන්ධව පර්යේෂකයෝ දැඩි සැලකිල්ලකින් කටයුතු කරති. ඔවුන් පවසන්නේ මෙය මිනිසුන්ට ආසාදනය වීමට අනුවර්තනය වීමේ සියලු සලකුණු පෙන්නුම් කරන බවයි.
කෙසේවුවද මෙය ක්ෂණිකව ඇතිවිය හැකි ගැටලුවක් නොවන අතර සියුම් අධීක්ෂණයකින් කටයුතු කිරීම අවශ්‍ය බව ඔවුහු පවසති.
ඌරන් අතර වයිරසය පාලනය කිරීමට සහ සතුන් සමග ගැවසෙන සේවකයින් සමීපව අධීක්ෂණය කිරීමට මේ වනවිටත් පියවර ගෙන ඇත. මෙම නව උණ රෝගය 2009 වසරේ ව්‍යාප්ත වූ සූකර උණට බෙහෙවින් සමාන නමුත් වෙනස්කම් කිහිපයක් ද තිබෙන බව විද්‍යාඥයෝ පවසති.
නව උණ රෝගය ඇති කරන වයිරසය G4 EA H1N1 ලෙස නම්කර ඇති අතර කොරෝනා වයිරසය මෙන් ශ්වසන පද්ධතියට හානිකරන බව සඳහන් වේ.
වයිරසය සම්බන්දව අධ්‍යයනය කරන බ්‍රිතාන්‍යයේ නොටිංහැම් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය කිං චව් චැං ඇතුළු කණ්ඩායම පවසන්නේ රෝගය මෙතෙක් විශාල තර්ජනයක් වී නැතත් ඒ සම්බන්ධව විමසිල්ලෙන් සිටිය යුතු බවයි. මේ සම්බන්ද තොරතුරු ජාතික විද්‍යා ඇකඩමියේ සඟරාවක පළකර ඇත.
(බීබීසී ඇසුරිණි - 085)
ජනාධිපතිවරුන් දෙදෙනකුගේ පාලන කාලය තුළදීත් තංගල්ල හේනකඩුව පුරාණ රජමහා විහාරය පූජා භූමියක් බවට පත් කොට ගැසට් නිවේදනයක් නිකුත් කර ගැනීමට නොහැකි වූණ. වත
රජයේ රැකියා දෙන බව පවසා රුපියල් පන් ලක්ෂ පන් දහසක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් පුද්ගලයකු සහ කාන්තාවක අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොම
ඇල්ල කරඳගොල්ල 20 කනුව ප්‍රදේශයේ නායයාමක් සක්‍රිය වෙමින් පවතින හෙයින් පවතින අවධානම් තත්ත්වය මත ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගය අද (14) පස්වරු 6.30 සිට හෙට (15) උදෑ
අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියට ලිංගික අතවර කළ පුද්ගලයා පදිංචිව සිටි නිවසේ තිබි අත් බෝම්බයක් සොයාගත් බව අනුරාධපුර පොලිසිය කියයි.
රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමේ අරමුණින්, ඇමෙරිකාව සකස් කළ දින 30 ක සටන් විරාමයට තමන්ගේ විරෝධයක් නැතැයි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි.
ඇමෙරිකාවේ කොලරාඩෝ ස්ප්‍රිංග්ස් ගුවන්තොටුපොළේ සිට ඩලාස් ෆෝට් වර්ත් ගුවන්තොටුපොළ දක්වා පියාසර කරමින් තිබුණු ඇමෙරිකන් ගුවන් සේවයට අයත් බෝයිං 737-800 මගී ග
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
වසංගතයක් බවට පත්විය හැකි තවත් උණ රෝගයක් චීනයෙන්
Mahesh Tuesday, 30 June 2020 11:00 AM
චීනය ලෝක ඇණයක්. එකක් ඉවර වෙන්න ඉස්සෙල්ලා තව එකක්..
සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 30 June 2020 11:40 AM
මේ චීනුන් කියන්නේ ලෝකෙටම වසංගත බෝකරන මහා වදකාරයින් පිරිසක්. කරුමේ කියන්නේ දහජරාව කන මේ මිනිසුන් මේ තරම් වසංගත ගෙනැල්ලාත් ඔවුන්ව සමහර දෙනාට හොඳයිනේ...
Kamal Tuesday, 30 June 2020 12:14 PM
සමහර ආගම්වල ඔය ඕනෑතරම් කරලා තියෙන්නේ.. නිකන් නෙවෙයි එහෙනම්... සත්‍යයක් තියෙනවා.
Pradeep Tuesday, 30 June 2020 12:26 PM
ස්වභාව ධර්මයා දෙන්න ගත්තාම එළව එළවා දෙන්නේ. මිනිසුන් මේ යතාර්ථය තේරුම් නොගැනීමයි අවාසනාව. සත්ව ඝාතන, සත්ව හිංසා, සත්ව මාංශ පරිභෝජනය නවතන තුරු මිනිසාට මෙවන් විපාකවලට මුහුණදීමට සිදුවනු ඇති... කවදාක හෝ අවිහිංසාවේ මාවත තෝරා ගන්නා තෙක් මිනිසාට සැනසීමක් ඇති නොවේවි...
Perera Tuesday, 30 June 2020 06:46 PM
දැන් කාලේ හැම දෙයක්ම ‘‘මේඩ් ඉන් චයිනා‘‘... ලෙඩරෝග කියලා වෙනසක් නැහැ.