(ඩයනා උදයංගනී)
මේ වසරේ අවසාන චන්ද්‍රග‍්‍රහණය සහ අර්ධ චන්ද්‍රග‍්‍රහණයක් ඇසළ පුර පසළොස්වක පොහොය යෙදෙන අනිද්දා (16) රාත්‍රියේ ලාංකිකයන්ට දැකබලාගැනීමේ අවස්ථාව උදාවන බව කොළඹ විශ්වවිද්‍යාලයේ තාරකා විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පැවසීය.
මෙම අර්ධ චන්ද්‍රග‍්‍රහණය ශ‍්‍රී ලංකාවට මෙන්ම ඕස්ටේ‍්‍රලියාව, අප‍්‍රිකාව, දකුණු ඇමෙරිකාවට, යුරෝපය සහ ආසියාවේ බොහෝ රටවලටත් දිස්වන බවද ඒ මහතා කියාසිටියේය.
මේ ආකාරයෙන් පියවි ඇසට පෙනෙන චන්ද්‍රග‍්‍රහණයක් දැකගැනීමේ අවස්ථාව ශ්‍රී ලාංකිකයන්ට මින් පසු උදාවන්නේ 2021 මැයි 26 වැනිදා බවද මහාචාර්යවරයා සඳහන් කළේය.
මෙම චන්ද්‍රග‍්‍රහණය ආරම්භ වන්නේ අනිද්දා (16) මධ්‍යම රාත‍්‍රිය ගෙවී එනම් 17 වැනිදා අලුයම 12.13 ට වන අතර එය චන්ද්‍රයා පෘථිවියේ උපචයාවට (අඩ අඳුරු සෙවනැල්ලට) ඇතුළුවීමත් සමඟ ආරම්භ වන බවද හෙතෙම කීවේය.
පෘථිවියේ උපචායාවෙන් (අඩ අඳුරු සෙවනැල්ල) චන්ද්‍රයා ඉවත්වීමත් සමග 17 වැනිදා අලුයම 5.47ට චන්ද්‍රග‍්‍රහණය අවසන් වන බවද මහාචාර්ය චන්දන ජයරත්න මහතා සඳහන් කළේ ය.
අර්ධ චන්ද්ග‍්‍රහණය පියවි ඇසට දක්නට ලැබෙන්නේ 17 වැනිදා අලුයම 1.31 සිට අලුයම 4.29 දක්වා වන අතර උපරිම ග‍්‍රහණ අවස්ථාව අලුයම 3.00 ට දක්නට ලැබේ.
එම අවස්ථාවේ සඳ මතුපිටින් 65 %ක් පමණ පූර්ණ ඡායාවෙන් ආවරණය වී චන්ද්‍රග‍්‍රහණය හොඳින් දැකිය හැකි බව ද මහාචාර්ය චන්දන ජයරත්න මහතා පැවසීය.
මේ දිනවල අහසේ ඉතා දීප්තිමත්ව බැබළෙන යෝධ ග‍්‍රහලෝක දෙකක් වන බ‍්‍රහස්පති සහ සෙනසුරු ග‍්‍රහනයන්ද මෙම අවස්ථාවේදී චන්ද්‍රයාට ඉතාම ආසන්නව පිහිටන බවත්, එබැවින් මෙදින දුර්ලභ ආකාශ වස්තු දැකගත හැකි බවත් මහාචාර්යවරයා ප‍්‍රකාශ කළේය.
එදින සෙනසුරු සඳට ඉතා ආසන්නවත්, බ‍්‍රහස්පති වඩාත්ම දීප්තිමත්ව ඉන් තරමක් ඔබ්බෙනුත් දැක ගත හැකි බවද හෙතෙම කීවේය.
මිනිසා ප‍්‍රථම වරට සඳ මතට ගෙන ගිය ඇපලෝ 11 රොකට් යානය පෘථිවියෙන් කක්ෂගතවීමේ 50 වන සංවත්සරය යෙදී ඇත්තේද අනිද්දා (16) දිනයේදීය.
අවුරුදු 12ට අඩු ළමුන් වෙළඳ ප්‍රචාරණයට යොදා ගැනීම තහනම් කරමින් රජය අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
රටේ බොහෝ ප්‍රදේශවල ගල් කොරි හිමියන්ගෙන් හිඟ මුදල් අය කර ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග නොගැනීම හේතුවෙන් රජයට රුපියල් හාර කෝටි හැට නව ලක්ෂයකට වැඩි මුදලක්
මීගොඩ සහ පනාගොඩ ප්‍රදේශවල පුද්ගලයින් දෙදෙනෙකු ඉලක්ක කර ගනිමින් සිදු කළ වෙඩි තැබීමේ සිද්ධීන් දෙකකට සම්බන්ධ බවට සැක කෙරෙන ප්‍රධාන සැකකරු අද (30) අත්අඩංගු
ටින් මාළු සඳහා උපරිම සිල්ලර මිල නියම කිරීමට පෙර වෙළඳපොළට යොමු කළ දේශීය ටින් මාළු වර්තමාන උපරිම සිල්ලට මිලට අළෙවි කළ යුතු බවත් ආනයනික ටින් මාළු පැරණි මි
බිංගිරිය ප්‍රදේශයේ ඇඟලුම් කම්හලක් නිරීක්‍ෂණයට ගිය ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙකුට ඒ අවට රැස්ව සිටි පිරිසක් පහරදී කලාකාරී ලෙ
බන්ධනාගාර වල සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම් සහ පාතාලය සම්බන්ධ කටයුතු මැඬ පැවැත්වීමට පියවර ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
වසරේ අවසන් චන්ද්‍රග්‍රහණය අනිද්දා