(සනත් ගමගේ)
වසර දහයක සේවා කාලය අවසන් කර ඇති පොලිස් නිලධාරීන්ට හිමි උසස් වීම් ලබා දීමට අදාල කැබිනට් පත්‍රිකාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති බව ආරක්ෂක රාජ්‍ය ඇමැති චමල් රාජපක්ෂ මහතා අද (23) අම්බලන්තොට දී පැවසීය.
සිය රාජකාරී කටයුතු කිරීමේදී ගෞරවනීය ලෙස පොලිස් නිලධාරීන් හොඳ මානසිකත්වයකින් රාජකාරී කිරීම සිදුකළ යුතු වන බවත් රාජකාරී ජීවිතයේ ඇති උසස්වීම් ආදිය නියමිත කාලයට ලබා දීම සිදුකළ යුතු බවත් චමල් රාජපක්ෂ මහතා එහිදී සඳහන් කළේය.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අම්බලන්තොට ථෙරපුත්ත රාජමහා විහාරස්ථානයේ පැවැති උත්සවයකදීය.
2015 පසු පළිගැනීමට පොලිසියේ වෙනම ඒකකයක් පිහිටුවා දේශපාලනඥයින්ට විවිධ චෝදනා නගමින් අත්අඩංගුවට ගැනීම සිදුකළා.
විශේෂයෙන්ම රාජපක්ෂවරුන්ට චෝදනා එල්ලකරමින් අත් අඩංගුවට ගැනීම එම ඒකකයයෙන් සිදුකළා. එම ඒකකයට නඩු ගොතන්න පුළුවන් නිලධාරීන්ද යොමු කර තිබුණා.
එම ඒකකයෙන් අත්අඩංගුවට ගැනීමට උපදෙස් ලබා දීමට එකල රජය ජාතික සභාවක් පවා ආරම්භ කර තිබුණා. ජාතික සභාවට අගමැතිවරයා, චම්පික රණවක, රාජිත , අනුරකුමාර දිසානායක , ෆොන්සේකා සම්පන්දන් වැනි මහත්වරු ඒ සඳහා පත් කර තිබුණා. මේ අය තමයි පැමිණිලි ගොනු කරන්නේ නඩු දාන්නේ සියල්ල සිදුකරන්නේ.
අපි පොලිසියට නිදහසේ රාජකාරී කිරීමට ඉඩ ලබා දී තිබෙනවා. පොලිසියට කිසිම බලපෑම් කරන්නේ නැහැ. පොලිසියට උපදෙස් දෙන සභා පිහිටුවලා නැහැ. මමත් පොලිස් නිලධාරියෙක් ලෙස සේවය කරනිසා මමත් දන්වා පොලිසියේ වැඩ කොහොමද කියල.
නඩු ගැටගහන්නේත් ලිහන්නේත් කොහොමද කියා මමත් දන්වා.අනවශ්‍ය විදියට කිසිම දෙයක් කරන්න මම ඉඩ දෙන්නේ නැහ. පාඨලි චම්පික අත්අඩංගුවට ගත්තේ රිය අනතුරක් සිදුකර පලායෑමක් සම්බන්ධයෙන් ඇති සිද්ධියකට.
සමාන්‍යයෙන් අනතුරක් සිදුවුණාම පුද්ගලයෙක් හැප්පුනාම පලා යන්න බැහැ. ලඟම ඇති පොලිසියට යන්න ඕන. ලෙඩාව රෝහලට රැගෙන යන්න ඕන.
මෙය කිසිවිටක දේශපාලන පළිගැනීම් නොවෙයි. දේශපාලන පළිගැනිම් දිගින් දිගටම සිදු වුණේ පසුගිය රජයෙන් බව රටේ ඕනම කෙනෙකු දන්නවා‘‘ යැයි ඇමැතිවරයා එහිදී ප්‍රකාශ කළේය.
ජනාධිපතිවරුන් දෙදෙනකුගේ පාලන කාලය තුළදීත් තංගල්ල හේනකඩුව පුරාණ රජමහා විහාරය පූජා භූමියක් බවට පත් කොට ගැසට් නිවේදනයක් නිකුත් කර ගැනීමට නොහැකි වූණ. වත
රජයේ රැකියා දෙන බව පවසා රුපියල් පන් ලක්ෂ පන් දහසක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් පුද්ගලයකු සහ කාන්තාවක අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොම
ඇල්ල කරඳගොල්ල 20 කනුව ප්‍රදේශයේ නායයාමක් සක්‍රිය වෙමින් පවතින හෙයින් පවතින අවධානම් තත්ත්වය මත ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගය අද (14) පස්වරු 6.30 සිට හෙට (15) උදෑ
අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියට ලිංගික අතවර කළ පුද්ගලයා පදිංචිව සිටි නිවසේ තිබි අත් බෝම්බයක් සොයාගත් බව අනුරාධපුර පොලිසිය කියයි.
රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමේ අරමුණින්, ඇමෙරිකාව සකස් කළ දින 30 ක සටන් විරාමයට තමන්ගේ විරෝධයක් නැතැයි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි.
ඇමෙරිකාවේ කොලරාඩෝ ස්ප්‍රිංග්ස් ගුවන්තොටුපොළේ සිට ඩලාස් ෆෝට් වර්ත් ගුවන්තොටුපොළ දක්වා පියාසර කරමින් තිබුණු ඇමෙරිකන් ගුවන් සේවයට අයත් බෝයිං 737-800 මගී ග
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
‘‘වසර 10 ක සේවා කාලය අවසන් පොලිස් නිලධාරීන්ට උසස්වීම් දෙනවා‘‘
Chalana Monday, 23 December 2019 02:48 PM
මෙම ක්‍රමවේදය රාජ්‍ය මණ්ඩල වැනි ආයතනවලත් ක්‍රියාත්මක කර වසර විසි, තිස් ගණන් උසස්වීම් නැතිව ඒ නිසාම වැඩ නොකර මන්දෝත්සාහීව ඉන්න දක්ෂ විධායක නිලධාරීන්ටද සහනයක් වේ.
දිමුත්Tuesday, 24 December 2019 05:31 AM
විධායක විතරක් නොවේ සියලු නිලධාරීන් සදහා ඔය ක්‍රමය ක්‍රියාත්මක කරන්න
Chathuri Monday, 23 December 2019 03:08 PM
පක්ෂ භේද වලින් තොර, යාලු මිත්‍රාදීන් තොර සැමට එකසේ සලකන්න. වංචාවකින් තොරව වැඩකළ පිරිසට පමණක් දෙන්න. අවුරුදු දහයක් වැඩ කළ කෙනෙක් හොයාගන්න පුළුවන්ද? අවංකව, රට කරන එක නායකයෙක් ඉන්නවද හොරකම්, දුෂිතකම් නොකරපු... සේවාකාලය. අවුරුදු හතළිහ, පනහ නම අහන කොට පටි රෝල්, මේවා බොරුවැඩ... හොරුන්ට උසස් වීම්... අවංකව වැඩකළ කට්ටිය ගෙදර ...
sameer Wednesday, 25 December 2019 03:01 AM
සියලුම පොලිස් නිලධාරීන් සදහා මෙවැනි ක්‍රමවේදයක් යටතේ උසස්වීම් ලබා දීමෙන් නිලධාරීන් උද්යෝගයෙන් යුතුව රාජකාරී කිරීම මෙන්ම නිලධාරීන්ගේ මනා විනය පාලනයක් ඇතිවනු ඇතැයි විස්වාස කරමි.