(ඩබ් ඒ පියතිලක)
වසර 4කට පසු හිගුරක්ගොඩ සහල් සැකසුම් මධ්‍යස්ථානයේ සහල් නිෂ්පාදනය කිරිම අද (31) ආරම්භ කළ බව සමුපකාර තොග වෙළද සංස්ථාවේ(ස.තො.ස.) නියෝජ්‍ය සභාපති නිතීඥ තුෂාර දිසානායක මහතා පවසයි.
ඒ මහතා මෙසේද කීවේය.
ජනාධිපති තුමාගේ උපදේස් පරිදි නැවැත අද දින මේ සහල් සැකසුම් මධ්‍යස්ථානයේ වැඩ ආරම්භ කළා. මේ හිගුරක්ගොඩ සහල් සැකසුම් මධ්‍යස්ථානය ආරම්භ කරන්නේ 1998 වසරේ ඉන්දියාවේ ආධාර මතයි.
මෙම සහල් මධ්‍යස්ථානයේ කැකුළු සහ තම්බන(ස්ටීම්) සහල් තමයි නිෂ්පාදනය කලේ. කොහොම හරි කාලයක් යනකොට තම්බන ලද සහල් නිෂ්පාදන අංශය විනාශ වෙලා ගියා .
කිසිවෙකු එය නැවැත යථා තත්වයට ගැනිමට කටයුතු කලේ නැ. කෙසේ නමුත් කැකුළු අංශය ටික ටික කරගෙන ගියා .
පස්සේ 2016 පසු මේ මොලේ වැඩ කෙරුවේ නැ. එක ලොකු පාඩුවක් ඒ වගේම ජනතාවගේ සහල් ප්‍රශ්නයට සතොස විදියට අපිට සහනයක් ලබා දෙන්න පුළුවන්. ඒ නිසා තමයි මේ මොලේ වැඩ අද දින ආරම්භ කලේ.
ගිය ආණ්ඩුව මේ පිළිබද සොයා බලා කටයුතු කලේ නැ. ඒ අය බැලුවේ රටින් සහල් ගෙන්න තමයි. කෙසේ නමුත්අපි දැන් මේ ප්‍රදේශයේ ගොවින්ගේ වී මිළ දි ගෙන රට අවශ්‍ය කැකුළු සහල් නිෂ්පාදනය කිරිමට ආරම්භ කළා.
මේ මෝල ටික ටික නඩත්තු කරලා පෙර පරිදිම සහල් නිෂ්පාදන කටයුත් සිදු කරනවා. ඒ වාගේ මේ තත්වයෙන් දිනකට කුකුළු සහල් කිලෝ හතළිස් දාහක් නිෂ්පාදනය කරන්න පුළුවන්. වී අලෙවි මණ්ඩලය සහ සතොස එක්ව කටයුතු කරනවා. එ වාගේ ප්‍රදේශයේ ගොවීන්ගෙන් ඉල්ලා සිටිනවා. වී අලෙවි මංඩලය වෙත තමන්ගේ අස්වැන්න ලබා දිමට කටයුතු කරන්න කියලා. යැයි නියොජ්‍ය සභාපතිවරයා කිය.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
වසර 4 කට පසු හිගුරක්ගොඩ සහල් සැකසුම් මධ්‍යස්ථානයේ වැඩ අරඹයි