IMG-LOGO

2025 පෙබරවාරි මස 06 වන බ්‍රහස්පතින්දා


විස්සට රජය සංශෝධන ඉදිරිපත් කළ බව නීතිපති අධිකරණයට දන්වයි

(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධන පනත් කෙටුම්පතට පාර්ලිමේන්තු කාරක සභා අවස්ථාවේ දී සංශෝධන කිහිපයක් ඉදිරිපත් කිරීමට  රජය කටයුතු  කර ඇතැයි නීතිපතිවරයා අද (29) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.

විසිවැනි සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනුකර තිබෙන පෙත්සම් අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාගයට ගැනීම ආරම්භ වූ අවස්ථාවේ දී නීතිපති දප්පුල ද ලිවේරා මහතා මෙම දැනුම්දීම සිදුකර තිබේ.

ඒ අවස්ථාවේදී රජය ඉදිරිපත් කළ සංශෝධන ඇතුලත් වාර්තාවක් මෙහිදී නීතිපති විසින් පංච පුද්ගල විනිසුරු මඩුල්ල හමුවට ඉදිරිපත් කරන ලදී. මෙහි දී නීතිපතිවරයා අධිකරණයට දන්වා සිටියේ, කාරක සභා අවස්ථාවේ දී සිදුකිරීමට නියමිත සංශෝධන අඩංගු ලේඛනයක් මෝසමක් මාර්ගයෙන් දැනටමත් අධිකරණය හමුවේ ගොනු කර ඇති බවය.

අධිකරණය හමුවේ ගොනුකර තිබෙන අදාළ සංශෝධනය අඩංගු ලේඛනය තමන් වෙතට ලබාදෙන ලෙස පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලීමක් කළහ.

ඒ අනුව අදාළ සංශෝධන අඩංගු ලේඛනවල පිටපත් පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරුන් වෙත ද ලබාදීමට පියවර ගන්නා ලෙස අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ල දැනුම් දුන්නේය.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ,  සිසිර ද ආබෲ, ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මළල්ගොඩ යන මහත්වරුන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියේ පෙත්සම් විභාගය මේ වනවිටත් පැවැත්වේ.



අදහස් (2)

විස්සට රජය සංශෝධන ඉදිරිපත් කළ බව නීතිපති අධිකරණයට දන්වයි

bamunuarachchi Tuesday, 29 September 2020 07:39 AM

ජෙප්පෝ, ටෙලිෆෝන් කාරයෝ, එන්.ජී.ඕ. කාරයෝ කෑ ගැසුවාට පළවෙනිවර කියවීම ඉදිරිපත් කරන්න මන්ත්‍රීයන්ට කියවා සංශෝධන ඉදිරිපත් කරන්න. ඕවා අපිට කියා දුන්නේ පාසලේදී පාසල් නොගිය, ඒත් පාර්ලිමේන්තුවට ආව ගොයියෝ ඕවා දන්නේ නැහැ.

:       26       2

Champa Tuesday, 29 September 2020 11:46 AM

මේ වගේම එකක් නීතිපති ඉස්සෙල්ලත් කළා. විල්පත්තු වන සංහාරය ගැන නඩුවේදී නීතිපති උසාවියට කිව්වා විල්පත්තුවේ අනවසරයෙන් අල්ලන් ඉන්න ඉඩම් අතෑරලා, ඉතුරු ටික විල්පත්තුවට ගැසට් කරනවා කියලා. වෙනත් විදිහකට කියනවා නම් රක්ෂිත වනාන්තර විනාශ කළාට කමක් නැහැ විතරක් නෙමෙයි. ඒවා ඔවුන්ට ලියලත් දෙනවා කියලයි නීතිපති කිව්වේ. ඒකට මිනිස්සු විරෝධය දැක්වූවා. නඩුව තාම යනවා.. මම හිතන්නේ... මේකත් ඒ වගේ. රටට අහිතකර 20 වෙනි සංශෝධනය සුද්ද කරන්න දැන් කියනවා සංශෝධන ඇතුළත් කරලා තියෙනවලු. ජනාධිපතිවරයා නිල වශයෙන් කිව්වා කිසිම වෙනසක් කරන්නේ නැහැ කියලා. කිසිම සංශෝධනයක් නැතුව තියෙද්දී, 20 වෙනි සංශෝධනය නීත්‍යානුකූලයි කියලා ශ්‍රේෂ්ඨාධිකරණයටත් එහා ගිය බලයකින් ඒක අනුමත කරපු නීතිපතිමයි දැන් මෙහෙම කියන්නේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

දියත

සරසවි හයක කොට උඩ ගිය ඉදිකිරීම් යළි අරඹයි
2025 පෙබරවාරි මස 05 83 0

මොරටුව, පේරාදෙණිය, බෞද්ධ හා පාලි, සඛරගමුව, කැලණිය සහ ශ්‍රී ජයවර්ධනපුර යන විශ්ව විද්‍යාල වල අතරමග නවත්වනු ලැබ ඇති ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට කැබිනට්


ඇමැති සී.බී. කෝටි 25 සුජීවට ගෙවන්න වෙයි
2025 පෙබරවාරි මස 05 835 1

‘ෆුට් නෝට්’ කල්ලියේ සාමාජිකයකු බව පැවසීමෙන් සමගි ජනබලවේගය පක්‍ෂයේ මන්ත්‍රී සුජීව සේනසිංහ මහතාට අපහාසයක් වී ඇතැයි තීරණය කළ ගල්කිස්ස දිසා විනිසුරු ඩී.


රාජ්‍ය සේවා නීති රීති සරල කරයි
2025 පෙබරවාරි මස 05 771 1

රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මන්නාරම රෝහලට ඉන්දියාවෙන් අත හිත
2025 පෙබරවාරි මස 05 220 0

මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සෞඛ්‍ය සංවර්ධනයට ලැබුණු එක්කෝටි පනස් ලක්ෂයක් වතුරේ
2025 පෙබරවාරි මස 05 218 0

ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති


බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයේ හිටපු සෙබළකු රටින් පනින්න හොර ලේඛන හදාගෙන
2025 පෙබරවාරි මස 05 867 0

බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 92 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 776 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 746 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site