(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
පාර්ලිමේන්තු අනුමැතිය ලබාගැනීම සඳහා ඉදිරිපත් කර ඇති විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ලිඛිත දේශන ඇතොත් ඒවා හෙට (06) දහවල් 3.00 පෙර අධිකරණයට ගොනු කරන්නැයි පංච පුද්ගල විනිසුරු මඩුල්ල සඳහන් කළේය. විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳ තීන්දුව ජනාධිපතිවරයා සහ පාර්ලිමේන්තුවේ කථානායකවරයා වෙත දන්වා යවන බව ප්‍රකාශ කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (05) මේ බව දැනුම් දුන්නේය.
එම පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ විශේෂ පෙත්සම් සහ අතරමැදි පාර්ශව පෙත්සම් පිළිබඳ වාචික විභාගය අවසන් කරමින් පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මේ බව ප්‍රකාශ කරන ලදී.
අගවිනිසුරු ජයන්ත ජයසූරිය ,බුවනෙක අලුවිහාරේ, සිසිර ආබෘෘ, ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මලල්ගොඩ යන මහත්වරුන් ගෙන් එම පංච පුද්ගල විනිසුරු මඩුල්ල සමන්විත විය.
සැප්තැම්බර් මස 22 දින අධිකරණ ඇමැතිවරයා විසින් මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදි. සිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත අභියෝගයට ලක් කරමින් සිවිල් සංවිධාන, සිවිල් වැසියන්, සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කිහිප දෙනෙකු විසින් මේ පෙත්සම් 39ක් ගොනු කර තිබිණි. මෙම පනත් කෙටුම්පතට පක්ෂව අතරමැදි පාර්ශව පෙත්සම් 20 ක් ගොනු කර තිබිණි.
මෙම පෙත්සම් විභාගය ඉකුත් සැප්තැම්බර් මස 29 දා ඇරඹුණි. පෙත්සම් 37ක් එහිදි සළකා බැලූ අතර පාර්ලිමේන්තුවේ කථානායකවරයාට නොතීසි බාර දී නොතිබීමෙන් සිවිල් වැසියන් දෙදෙනෙකු ඉදිරිපත් කළ පෙත්සම් දෙකක් පිළිබදව කරුණු දැක්වීමට අවස්ථාව දීම අධිකරණය විසින් ප්‍රතික්ෂේප කරන ලදි. සිව් දිනක් පැවති කරුණු සලකා බැලීම අද අවසන් කෙරිණ.
මොරටුව, පේරාදෙණිය, බෞද්ධ හා පාලි, සඛරගමුව, කැලණිය සහ ශ්‍රී ජයවර්ධනපුර යන විශ්ව විද්‍යාල වල අතරමග නවත්වනු ලැබ ඇති ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට කැබිනට්
‘ෆුට් නෝට්’ කල්ලියේ සාමාජිකයකු බව පැවසීමෙන් සමගි ජනබලවේගය පක්‍ෂයේ මන්ත්‍රී සුජීව සේනසිංහ මහතාට අපහාසයක් වී ඇතැයි තීරණය කළ ගල්කිස්ස දිසා විනිසුරු ඩී.
රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති
බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
විස්ස සම්බන්ධ ලිඛිත දේශන හෙට 3.00 ට පෙර