IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


වාහන ආනයනයට අවසර දෙනවාද තීරණය දෙසැම්බරයේ

(සුජිත් හේවාජුලිගේ )

වාහන ආනයනයට නැවත අවසර ලබාදීම සම්බන්ධයෙන්  ලබන දෙසැම්බර් මාසයේදී තීරණයක් ගන්නා බව  ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පැවසීය.

විදේශ විනිමය රැකගත යුතු හෙයින් වාහන ආනයනය මේ මොහොතේ  ගැටලුකාරී බවද  හෙතෙම සඳහන් කළේ‍ය.

සංචාරක කර්මාන්තය ප්‍රකෘතිමත්  වනතුරු වාහන ආනයනය සඳහා ඉඩ සැලසීමට අදහසක් නොමැති බව  මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් කීවේය.



අදහස් (16)

වාහන ආනයනයට අවසර දෙනවාද තීරණය දෙසැම්බරයේ

de silva Sunday, 26 September 2021 02:24 PM

රටට විදේශ විනිමය ගලා එන එක නැවත ප්‍රකුර්ති තත්වයට පැමිණෙන තුරු නැවත වාහන ගෙන්වීම අවශ්‍ය නොවේ .මැති ඇමතිවරුන්ටත් මේ නීතිය ක්‍රියාත්මක විය යුතුය .නමුත් දැනට ගෙන්වා ඇති වාහන වලට සහ කර්මාන්ත වලට අවශ්‍ය අමතර කොටස් කිසිම බාදාවකින් තොරව ගෙන්විය යුතුය .නැවත වාහන ගෙන්වන තෙක් මේ අමතර කොටස් සඳහා අය කරන බදු අඩු කරන්න .එවිට අපට තිබෙන පැරණි වාහනයක් හෝ අලුත් වැඩියා කරගෙන අපේ අවශ්‍යතාව ඉටු කරගත හැක

:       8       66

Lakmal Sunday, 26 September 2021 02:48 PM

2030 වන විට පෙට්රල් වාහන භාවිතයෙන් ඉවත් වීමට ඉඩ තියනව. ඒ හින්ද ගේන්න දෙන්න ඕනෙ කලක් ජපානයේ භාවිතා කරපු වාහන. ඒකෙන් රටේ සල්ලි ඉතිරිත් වෙනව. අවුරුදු කීපයක් භාවිතා කල වාහන ජපානයේ මෙහෙ මිලෙන් දහයෙන් එකයි.

:       3       51

පිටිගල මිලානෝ Sunday, 26 September 2021 03:02 PM

ප්‍රමාණයටත් වඩා අවශ්‍ය වාහන ලන්කාවේ තිබේ. තිබෙන වාහනවලිනුත් ප්‍රයෝජනයකට වඩා ඇත්තේ කරදරයකි. සමහරුන්ට වාහනය අවශ්‍ය පදින්න නොව මහන්තත්වය පෙන්වීමටය. කලයුත්තේ වාහන ගෙන්වීම නොව පොදු ප්‍රවාහනය දියුනු කරමින් කෘශි සහ ව්‍යාපාරික අවශ්‍යතා මත පමනක් වාහන ගෙන්වේමයි.

:       9       42

Lankika Sunday, 26 September 2021 04:50 PM

වාහන ආනයනය කිරීමට යාමට ඉක්මන් නොවන්න, පළමුව මහජනතාවගේ අත්‍යවශ්‍ය අවශ්‍යතා සපුරාලමින් ඩොලර් කිහිපයක් ඉතිරි කරන්න

:       6       74

saman Sunday, 26 September 2021 05:24 PM

ඉන්ධන ආනයනයට මුදල් නැතිකොට, තවත් වාහන ආනයනය කිරීමේ ඵලක් තිබේද? රටට ඉන්ධන ආනයනය සඳහා ඩොලර් ප්‍රමාණවත් වන තෙක් පොදු ප්‍රවාහනය දියුණු කිරීමට උනන්දු වීම නුවණට හුරු බවයි මගේ අදහස...

:       3       35

යෝගා Sunday, 26 September 2021 06:02 PM

අලුතින් හැදෙන්න මේ අවස්ථාව ප්‍රයෝජනයට ගන්න. මින්පසු විදුලි වාහන පමණක් ගේන්න දෙන්න. රට පුරා බැටරි ආරෝපණ ස්ථාන ඇති කරන්න...

:       2       16

fairoos Sunday, 26 September 2021 06:09 PM

මේ ආණ්ඩුව ලංකාව නැත්තටම නැතිකරලා තමයි පස්ස බලන්නේ..

:       44       19

BamunuarachchiSunday, 26 September 2021 06:46 PM

මේ අපේ රට... ඒක අපි බලා ගන්නම්. ගම්මිරිස් හොයා ගත්තා නම් අන්න බෝට්ටුව යන්න.

:       19       34

BamunuarachchiSunday, 26 September 2021 06:48 PM

සිංහල උපහැරණයක් තිබෙනවා වැස්සට ගොඩවෙලා ගෙදර උළුවහු වෙනස් කරන්න කතා වෙනවා වගේ කියලා...

:       16       29

fairoosSunday, 26 September 2021 07:30 PM

බමුණා නින්දෙන් නැගිටලවත්ද ?බුද්ධාගම කොහෙන්ද දැන් නෑ ආවෙ ?

:       1       2

ගමරාළ Sunday, 26 September 2021 06:12 PM

වාහන ගෙන්වීමට වඩා පුළුල් දුම්රිය මාර්ග පද්ධතියක් ඇතිකර කාර්යක්ෂම දුම්රිය සේවයකුත් දුම්රිය ස්ථාන අතර පොදු ප්‍රවාහන සේවයකුත් ඇති කළොත් වාහන මෙපමණ ගෙන්වීමක් අවශ්‍යම නැහැ.. ඉන්ධන වියදමත් බොහෝම අඩුවෙන් පාවිච්චි කළ හැකියි. නමුත් එසේ කළොත් මහාමාර්ග, අධිවේගී මාර්ග සැදීමෙනුත්, අළුත්වැඩියාවෙනුත් වැඩි ලාභයක් නැතිවෙන්න පුළුවනි...

:       4       41

Bamunuarachchi Sunday, 26 September 2021 06:43 PM

වාහනවලට වඩා අත්‍යාවශ්‍ය දේවල් රටේ තිබෙනවා. වාහන ගෙන්වන්නේ පෞද්ගලික ප්‍රයෝජනයට... ඊට කලින් පොදු අවශ්‍යතා සම්පූර්ණ කරන්න.

:       7       48

Bamunuarachchi Sunday, 26 September 2021 06:49 PM

ලංකාව ගැන අපි බලා ගන්නම්. මෙන්න ගම්මිරිස්, අන්න බෝට්ටුව..

:       22       16

විපරමා Sunday, 26 September 2021 06:56 PM

දේශපාලුවන්ගේගේ උවමනාවන්ට වාහන ගෙන්වන්න හිතාගෙන ඉන්නවද කියලා කවුද දන්නේ ?

:       0       0

දාස Monday, 27 September 2021 07:55 AM

මේ මොනවද කියවන්නෙ, කිරි පිටි ගන්න ඩොලර් නෑ ඒවා වරායේ. පේනතෙක් මානෙක නැහැ රටට වාහන ගන්ට ප්‍රමානයට ඩොලර් එනවිදියක්. රටට ඇත්ත කියන්න , රට්ටුන්ට බොරු හීන පෙන්වන්නෙ නැතිව.

:       0       0

Bamunuarachchi Monday, 27 September 2021 04:47 PM

බමුණා නින්දෙන් නැගිට්ටේ පාසල් යන කාලයේමයි. නිදියන් හිටිය තවත් සිංහලයින් කූද්දාගෙන නැගිට්ටේ... ඒ කාලේ අපිව කීද්දුවේ ජාතිමාමක භික්ෂූන් වහන්සේලා. බමුණා නැගිට්ටා පමණක් නොව සංහිඳියාව හොයන අනික් ගොබ්බයිනුත් නැගිට්ටවනවා...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ජනපති මාවෙයි හමුවෙයි
2024 සැප්තැම්බර් මස 07 647 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නි


‘‘රටේ සංස්කෘතිය අප ආරක්ෂාකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 07 179 0

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලි


විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය අනුරට
2024 සැප්තැම්බර් මස 07 537 0

මෙවර ජනාධිපතිවරණයේදී ,විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ලබාදීමට තීරණය කර ඇතැයි එ


කදුරුවෙල නගරයේ කඩයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 07 135 0

පොලොන්නරුව කදුරුවෙල නගරයේ වෙලද සංකීර්ණය වෙළෙඳහලක ගින්නක් හට ගෙන ඇති බව කදුරුවෙල පොලිසිය කියයි.


නාමල්ගේ රැස්වීමට සෙල්ලම් පිස්තෝලයක් ගෙනා සිසුන් දෙදෙනා මාට්ටු
2024 සැප්තැම්බර් මස 07 1801 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිමඩ නගරයේ ඉන්ද්‍රානී සිනමා ශලාවේ පැවති ජනහමුවට සෙල්ලම් පිස්තෝලයක


සියලු ආගමික අයිතීන් සුරකින්න කැපවී ඉන්නවා
2024 සැප්තැම්බර් මස 07 185 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවම මෙරට සියලු ආගම්වල අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා රජය කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site